මේ ලිපිය ලියන්න හිතුනේ ගොඩාක් දවසකට කලින්. කොහොම හරි කමක් නෑ මේ අවුරුද්ද ගෙවිල ඊළඟ අවුරුද්ද ලබන්න ඉස්සෙල්ලා කියන්න ලැබුන එකවත් මදෑ.
හරියටම අවුරුදු 4කට කලින් මුළු ලංකාවම උඩුයටිකුරු වුනා. කවුරුත් ආදරේට සුන්දරයි, ලස්සනයි කියල කිව්වට එදායින් පස්සේ ඒදේට එහෙම කියන්නත් කට්ටිය බයවුනා. ඇත්තටම කවුරුවත් නොහිතපු විදියට සිද්ධ වුන දේවල් දැක්කාම බය වෙන එකත් සාධාරණයි. ඇති ඇති තවත් වර්ණනා ඕනේ නෑනේ කියන්න හැදුවේ ලංකාව වටේ පිහිටලා තියෙන මුහුද හරියටම මීට අවුරුදු 4කට කලින් කරපු හදිය ගැන මතක් කරන්නයි.
අපේරටට සුනාමිය අළුත් දෙයක් වුනාට ඇමරිකාව වගේ රටවල් වලට සාමාන්‍ය දෙයක්. පැරණි කථාවල තියෙන්නේ කාවන්තිස්ස රජ්ජුරුවන්ගේ කාලයේ මූද ගොඩ ගැලුවා කියල. අපි ඉතින් හීනෙකින් වත් හිතුවේ නෑ මූද එකපාරට ගොඩ ගලන්න පුළුවන්ද කියලා. හරි ඒ කථාව පැත්තකින් තියමුකෝ. දැන් අපි බලමු අපිට ඇත්තටම අත්දකින්න ලැබුන දේගැන. ගොඩක් දෙනෙක් වෙරලබඩ කලාපයේ පිරිස් තමයි සුනාමියට ගොදුරුවුනේ. ඒ වගේම රට ඇතුලට වෙන්න හිටපු අයත් නොයෙක් අවශ්‍යතා උඩ එහේ මෙහේ යන්න ගිහින් සුනාමියට අහුවෙලාත් තියෙනවා. බුද්ධාගමේ විදියට නම් කර්මය විපාක දීමක් විදියට ගොඩාක් අය පෙන්වා තියෙනවා.
හරි දැන් අපි බලමු කොහොමද අපි ඒ විනාශයෙන් පස්සේ නැගිට්ටේ කියලා. සුනාමියට සිංහල පමණක් හෝ දෙමල පමණක් හෝ මුස්ලිම් පමණක් කියල භේදයක් තිබුනේ නෑ. අන්න ඒක තමයි වැදගත්ම. ලංකාවේ ඉන්න හැම ජාතියක්ම ඒ විනාශයට ගොදුරුවුනා. ඉඩකඩම් යානවාහන කොටින්ම නෑදැයින් පවා නැතිවුන අවස්ථාවල් තියෙනවා. සුනාමියෙන් පස්සේ මිනිසුන්ගේ ආකල්ප ටිකක් වෙනස්වුනා හැමෝම හැමෝටම උදව්කරා. ඒ අතින් අපි අනිත් රටවල් වලට වඩා ගොඩාක් ඉදිරියෙන්. ඇත්තටම මම හිතුවේ එදායින් පස්සේ මිනිස්සුන්ගේ පරණ ගති ටික ඇරෙයි කියලා. මොන පිස්සුද අපේ එවුන්ට ටික දවසක් ගියාම ආයෙත් හිටපු විදියම තමයි. ආයෙත් කාකොටාගෙන ජීවත් වෙනවා. ඇත්තටම අපේ මිනිස්සුන්ට ඉක්මනටම මුල අමතක වෙන හැටි. දැන් ආයෙත් මිනිස්සු පිලි බෙදිල. ඡන්දය කියන එක ඇඟේම කොටසක් කරගෙන ඉන්නේ. එකට ජීවත් වුන පිරිස් දැන් බෙදිලා ගිහින්. මේවා ඉතින් කාට කියන්නද හැබෑට.
1 month ago