අද උදේ හදිසි වැඩ වගයකට කොළඹ (බම්බා) යන්න වුනා. කෝකටත් සූදානම් ශරීරය කියල කුඩයකුත් බෑග් එකට දාගෙනමයි ගියේ. ගිය වැඩ ටික ඉවරවුනේ ටිකක් දවල් වෙලා එ කිව්වේ 2 ට විතර. බස් එකකට ගොඩවෙලා එනකොට මගදි හොදටම වහින්න ගත්තා. බෝගහ ගාවින් බැහැල පයින් යන්න බැරි තරමට වැස්ස. කරන්න දෙයක් නෑ ගෙදර එන්නත් ඕනේ. ගුණසිoහපුර බස් නැවතුමට එන්නත් ඕනේ. ඉතින් පයින්ම ආවා වෙලාවට කුඩයකුත් අරන් ආව නිසා එච්චරම අප්සට් එකක් තිබුනෙත් නෑ.
ටිකක් දුර එනකොටනෙ වැස්සේ බරපතලකම තේරුණේ මුළු පලාතම යටවෙලා එකම වතුර ගොඩයි. අඩි 1 1/2 විතර උසට වතුර. යාගන්න විදියක් තිබුනෙත් නෑ. වැස්ස අඩු කරන්නෙත් නෑ. කොහොම හරි ස්ටෑන්ඩ් එකට යන බස් එකක එල්ලිලා තමයි ගියේ. මගෙ අම්මෝ මුළු පළාතෙම වතුර එතනට එන්නේ. බෝගහ පැත්තෙන්, උසාවි තියෙන පැත්තෙන්, ගෑස්පහ පැත්තෙන්, මිහිදුමාවත පැත්තෙන් එන වතුර ඔක්කොම එන්නේ ගුණසිoහපුර බස් නැවතුම් පොළට. මීට කලිනුත් ඔහොම වෙලා තියෙනවා අත්දැකීමෙන්ම දන්නවා. ඇයි මෙච්චර නගර අලoකරනයට පොර ටෝක් දෙනවා
වැස්ස දවසට වතුර බැහැල යන්න විධිමත් ක්‍රමයක් ක්‍රියාත්මක කරන්නේ නැත්තේ.
එහෙම නැතිනම් පිටකොටුව බෝට්ටු සේවය කියල අලුතෙන් මගී ප්‍රවාහන ක්‍රමයක් තියෙන්න ඕනේ. මේවට අහුවෙන්නේ සාමන්‍ය මිනිස්සු මොකද, ලොකු මිනිස්සු කීයෙන් කීදෙනාද බස් වල ගමන් කරන්නේ. උදේ වරුවක වුනානම් හැමෝම අනාථයි. මේවතමයි පාලකයො හිතන්න ඕනේ කොච්චර කොළඹ නගරය ලස්සන කරන්න හැදුවත් වැඩක් නෑ මූලික දේවල් සම්පූර්ණ නැතිනම්.
1 month ago
4 ප්‍රතිචාර:
ඔන්න දුකා මුණු පොතේ දාලා තිබ්බ ඔත්තුවක් දැකලා මමත් මේ පැත්තට ආවා. එල මචෝ බ්ලොග් එක.
පොඩි දෙයක් කියන්නද, ඔයා පාවිච්චි කරන්නේ වෙජේසේකර යතුරු පුවරුවනම් ඒකේ ං තියෙන්නෙ x අකුරෙ. මම දැක්කා ඔයා ඒක වෙනුවට 0 ටයිප් කරලා තියෙනවා.
දිගටම ලියන්න. දිගටම එන්නම් ;)
බොහොම ස්තූතියි සහෝ කමෙන්ටුවට සහ අඩුපාඩු පෙන්නලා දුන්නාට, දුකා සහෝදරයටත් පිං මගේ බ්ලොග් එක ගැන පොඩියට හරි ඔත්තුවක් දුන්න එකට , සිංහල බින්දුවේ පොඩි ප්‍රශ්නයක් තිබුනා දැන් ඒක හරි වගේ. ඇවිත් ගොඩවෙන්න මේ පැත්තටත් පුළුවන් විදියට ලිපි ලියන්නම්.
වැස්සෙ තෙමි තෙමි යන එක ඉස්සර මම ආසම කරපු දෙයක්. වාසනාවකටද කොහෙද මම ලංකාවෙ වැස්සෙ තෙමෙන්න හිතලා නෑ. නැත්නම් මටත් වෙන්නේ ඔයාට වගේ බෝට්ටු පදින්නනෙ....
නගර සංවර්ධනය කරද්දි අපේ මිනිස්සු අත්‍යාවශය දේවල් ගැන හිතලා නෑ. මේ ළඟදිත් මම අහගෙන හැම නගරෙම ෆුඩ් සිටි නම් තියෙනවා කියලා. ඇත්තනේ අපිට ඕනෙ කරන්නේ පොෂ් වෙන්න මිසක් උවමනාම දේවල් නෙමෙයිනේ. අපේ දේශපාලුවො විතරයි ඒක තේරුම් ගත්තෙ.....
ස්තූතියි කමෙන්ටුවට...
ඔයගේ වෙලාව හොදයි නැතිනම් අපිට වගේ හවසට ඔරු පදින්න වෙයි මෙහෙ හිටියනම් . මෙහෙ සංවර්ධනය කරනව කියල කානු ගොඩ කරල ලොකු ලොකු බිල්ඩින් ගහනවා. ඉතින් එකතු වෙන වතුර බැහැල යන්න විදියක් නෑ. කලින් කොළඹ ගංවතුර තත්වයක් ඇතිවෙලා ජීවිත හානිත් වුනා. අපරාදේ මට ඡායරූපයක් ගන්න බැරි වුනානේ කට්ටියට පෙන්නන්න පිටකොටුවේ තත්වය.
Post a Comment