මම දන්නවා...

අද ඔන්න කියන්න යන්නේ මටම වුන පොඩි සිද්ධියක්. මේ ලඟදි මගේ හොඳම යාළුවෙක්ගේ මගුල් ගෙදරකට සහභාගී වෙන්න ඇරයුමක් ලැබුනා. යාළුවා ඉන්නේ ටිකක් දුර ඈත. ඉතින් තව අපේ සෙට් එකේ කීපදෙනෙක්ටම ඇරයුම් ලැබුන නිසා වෑන් එකක් හයර් කරගෙන යමුයි කියල කථාවුනා.

උදේ පාන්දරින්ම පිටන්වුනා ගොඩාක් දුර යන්න තියෙන නිසා. අපි ගිය වෑන් එක ඩ්‍රයිව් කරගෙන ගියේ ගෙවල් පැත්තෙම අයිය කෙනෙක්. එයත් ඉතින් සාමාන්‍ය විදියට හැඳගෙන හිටියා. පෝරුවේ චාරිත්‍ර පටන් ගන්න කලින් යන්තම් උත්සව ශාලාවට ඇතුල්වුනා. වාහනේ ඩ්‍රයිව් කරපු අයියවත් අපි ඇතුලට ඇදගෙන ගියා.

වැඩේ ලස්සනට කෙරුනා කිසිම අඩුවක් නැතිවෙන්න. ඔක්කොම ඉවරවෙලා මනමාලයයි මනමාලියයි ඉන්න හැමෝම ලඟට එනවානේ. එහෙම අපි ඉන්න මේසය ලඟට ආවහම මනමාලයා අපි එක්කෙනා එක්කෙනා මනමාලියට අඳුන්නලා දුන්නා මනමාලිත් ඉතින් අපි හැමෝටම "ආ.... මම අහල තියෙනවා මෙයා නිතරම කියනවා" කියල උත්තර දුන්නා.


මෙහෙම කිය කිය අපේ ඩ්‍රයිවර් අයියා ඉන්න තැනට යනකොට අපි එයාගේ නම කිව්වා. එතකොට මනමාලි ගත් කටටම "ආ.... මම අහල තියෙනවා මෙයා නිතරම කියනවා" කියල කිව්වා. අපි නෑසුනා වගේ හිටියා. එතකොට තමයි අපිට වැඩේ තේරුනේ. මනාලයා මනාලිට කලින් උගන්වා තියෙනවා අර විදියට උත්තර දෙන්න කියලා. ඒ කියන්නේ අපිටත් වුනේ ඒ දේම තමයි.

එපාම කෙරුවාව....

කාලෙකට පස්සේ අද මම කියන්න යන්නේ සමහර විට ඔයාලටත් අත්දකින්න ලැබුන දෙයක් වෙන්නත් පුළුවන්. මේක කොච්චර එපා වුනාද කියනවනං ආයතන ප්‍රධානින්ගේ ගෙවල්වල උදවිය එහෙමත් මතක් වුනා. වැඩි කථා ඕනේ නෑ. සිද්ධිය මේකයි.

අපේ නෑදෑ වෙන පොඩි එකෙක්ගේ 5 වසර රිසල්ට්ස් බලලා දෙන්න කිව්වා. මම ඉතින් වැඩේ බාරගත්තා. අද දවල් කිව්වා නොවැ අන්තර්ජාලයට දානවා කියල. මම ඉතින් 1 ට විතර බලන්න ගියා අන්තර්ජාල ලිපිනයට. මෙන්න බොලේ සයිට්‍ටුව මිසින්ග්. හික් හික්.... වෙලවකට එනවා ටිකකින් යනවා. පැයක් විතර රීෆ්‍රෙෂ් කර කර හිටිය ඔන්න. මේකට හේතුව මගේ අන්තර්ජාලයේ ප්‍රශ්නයක් එහෙම නෙවෙයි ඔන්න. එයාල පාවිච්චි කරන සේවාවේ ප්‍රශ්නයක්. අන්තිමට පැයක විතර ලොකු මෙහෙයිමකින් පස්සේ ලකුනු ටික බලගත්තා.

හරි දැන් ඔන්න වැදගත් ටික...

විභාග දෙපාර්තමේන්තුවේ මහලොකු සයිට්‍ටුවේ යටට වෙන්න තඩි අකුරෙන් ඩයලොග් ආයතනයේ පල්හෑලි ටිකක් දාලා තියෙනවා. සේවාව සපයන්නේ ඩයලොග් නම් ඉතින් තවත් කුමන කථාද. අන්තර්ජාල සේවාව සහ වෙබ් හොස්ටින්න් සේවාව යන දෙකම සපයන්නේ එම ආයතනයයි. හැබෑට කවුද මේ වගේ බංකොලොත් ආයතනවලට වැදගත් සේවාවන් බාරදෙන්නේ. සමහර විට ලොකු කුට්ටියක් එහෙම දෙපැත්ත්හෙම කට්ටියට යනවද දන්නේත් නෑ. මේක ඉතින් ලංකාවනේ. සේවාවන් දෙනවනං ඒවිදියට දෙන්න දැනගන්න ඕනේ. මොකද ආණ්ඩුවේ සල්ලි වෙනමිනිස්සු මාටියා ගහනවනං හොඳ සේවාවක් උදෙසා හොඳ ආයතනයකට මුදල් දුන්නා කියා කිසිම වැ‍රැද්දක් නෑ. අනික මිනිස්සුන්ට ලබාදෙන සේවාව ඒවිදියට තියෙන්න ඕනේ.

දැන් කවුරුහරි කියනවනම් මම කොහොමද පැහැදිලිවම ඩයලොග් ආයතනය පිට වරද පටවන්නේ කියා. පහල තියෙනදේ RECORDS කියවන්න.


DNS Servers for doenets.lk:
ns1.dialogsl.net
ns2.dialogsl.net


doenets.lk. 86400 IN SOA ns1.dialogsl.net. root.dialogsl.net. (
2010081301 ; Serial
900 ; Refresh
3600 ; Retry
2592000 ; Expire
86400 ) ; Minimum TTL
doenets.lk. 86400 IN NS ns1.dialogsl.net.
doenets.lk. 86400 IN NS ns2.dialogsl.net.
doenets.lk. 60 IN A 125.214.169.100
doenets.lk. 86400 IN MX 0 mailgw.dialogsl.net.
www.doenets.lk. 60 IN A 125.214.169.100

Drivers Backup කරමු

අද මම මේ කියන්න යන්නේ මගෙ යාලුවෙක්ට වුන පොඩි කරදරයක් ගැනයි. අපේ ගෙවල් ලඟ මගෙ හොඳම හිතවත් මිත්‍රයෙක්ට අද විභාගයක් තියෙනවා. පහුගිය දවස් වල වෙසක් බලන්න යන්න කතා කරද්දිත් විභාගය පිටින් දාල හිටියා. ඉතින් ඊයේ රෑ 8ට විතර මට හදිස්සියෙන්ම වගේ කතාකරල කිව්වා වින්ඩෝස් වල මොකද්ද ප්‍රශ්නයක් ඉක්මනට හදල දෙන්න කියලා. මම ඉතින් ඉක්මනටම ගිහින් බැලුවා. කිව්වා වගේම වින්ඩෝස් වල මොකද්ද ප්‍රශ්නයක්. ඉතින් ඒ වෙලාවේ හැටියට කරන්න තිබුන එකමදේ අළුතෙන් ෆෝමැට් කරන එක. ඉතින් ඒකට තිබුන එකම ප්‍රශ්නෙ තමයි Mother Board CD එක නැති කම. ඉතින් මම ජංජාලේ හොයල හොයල ඒකට විසඳුමක් හොයා ගත්තා.

මේකෙන් කරන්න අපේ පරිගණකයේ තියෙන ඩ්‍රයිවර්ස් ඔක්කෝම ටික එකතු කරගෙන නැවත ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් වෙන්න එක ෆයිල් එකකට සකසන එක. ඒ වගේම අලුත්ම ඩ්‍රයිවර්ස් අන්තර්ජාලයෙන් හොයාගෙන ඉන්ස්ටෝල් කරගන්නත් පුළුවන්. අපි හිතමුකෝ අපේ පරිගණකයේ සවුන්ඩ්ස් වැඩ කරන්නේ නෑ කියල. මේ මෘදුකාංගයෙන් පුලුවන් අවශ්‍ය ඩ්‍රයිවර් එක හොයාගෙන ඉන්ස්ටෝල් කරගන්න. ඔයාලටත් මේ වගේ ප්‍රශ්න අනන්තවත් වෙලා ඇති. දැන් ඒ ගැන කල්පනා කරකර විසඳුම් හොයන්න අවශ්‍ය නෑ.

 
readbud - get paid to read and rate articles


Copyright © 2009 සිංහලෙන් අපි |Designed by Templatemo |Converted to blogger by BloggerThemes.Net