මේ දවස් වල හැමෝගෙම කතාවට ලක්වෙලා තියෙන්නේ වාහන වල ගනන් වැඩිවීම. මේ ආණ්ඩුව බලයට පත් වෙන්න කලින් අපිට අපමණ අගයක් දෙන්න කියලා කෑගහපු කාලේ අර ටීවී එකේ උදේ හවස ගිය ඇඩ් එක මතක් කරගෙන බලන්න. බයිසිකලේ යන අයට කාර් එකක් ගන්න තමයි බලය දෙන්න කිව්වේ. දැන් මොකද වෙලා තියෙන්නේ බයිසිකලයක් තියා බයිසිකල් රිම් එකක්වත් ගන්න බැරි තැනට අපිව පත් කලා. තව ගොඩක් ලොරි ටෝක් වගයක් දීලා මිනිස්සුන්ව රවට්ටගෙන බලයට ආවා නම් කරලා පෙන්නන එකයි තියෙන්නේ.
හරි දැන් ගනන් වැඩි කලා කියමුකෝ ඒත් "ජෝන් වල් ජෝන්" එහෙමත් නැත්නම් "ව්යාග්රා ජෝන්" කියන්නේ වාහනයක් ගන්න සුදුසුකම් සපුරන්න ඕනේ කියලා. එතකොට ඔය පාර්ලිමේන්තුවට යන අට වත් පාස් නැති ගොබ්බ රැලට විතරද සුදුසුකම් තියෙන්නේ. මම මේ කියන්නේ කිසිම දේශපාලන පක්ෂයකට සහය දක්වන්න නෙමෙයි. හරිදේ හරි කියන්නත් වැරදි දේ වැරදි කියන්නත් කොයිම වෙලාවක බයවෙන්න අවශ්‍ය නෑ. සමහරු කියනවා අධික මාර්ග තදබදයට විසඳුමක් කියලා. ඒත් ඕනම ගොනෙකුට තේරෙනවා අතීසාරයට අමුඩෙ ගහගන්නවා වගේ වැඩක් කියලා.
දැන් මොකද්ද ඇත්තටම කරන්න තියෙන්නේ..... පාරවල් විශේෂයෙන් කොළඹ ඇතුලත නම් තවත් විශාල කිරීමට හැකියාවක් නෑ. රථවාහන වලට මන්තීරු නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. විශේෂයෙන් ත්‍රීවීල්, බස් නිසා පාරේ ගොඩක් වාහන තදබදයක් හටගන්නවා. ඒක එහෙමයි කියලා තවත් දේවල් තියෙනවා කරන්න. පොදු ප්‍රවාහනය දියුණු කරන්න ඕනේ. කෝච්චි, බස් ඕවා දියුණු කරන්නේ නැතුව රටක් හදන්න බෑ. මිනිස්සු දවසකට පැය තුන හතරක් වාහන තදබදය නිසා නාස්තිකරගන්නව. පැය හතර ගානේ (උදේ පැය දෙකයි, හවස පැය දෙකයි ) ගත්තාම සතියකට පැය 20 නාස්තිවෙලා. මන්ත්‍රීවරුන්ට වේගෙන් යන්න වාහන තිබුනට වැඩක් නෑ මේ රටේ වැඩකරන ජනතාවට කලට වේලාවට යන්න නැත්නම්. ඒකට කරන්න ඕනේ කොළඹට පැමිණෙන වාහන ප්‍රමාණය අඩු කරන්න ඕනේ. කොහොමද බදු ගහලද නෑ. මිනිස්සුන්ට වාහනේක ආවත් බස් එකක ආවත් වෙනසක් ඇති නොවෙන්න තිබුන නම් මිනිස්සු අනිවා බස් එකේ එනව. එතකොට කොළඹට ආසන්න නගර ඒ කියන්නේ කඩුවෙල, කඩවත, වත්තල, හෝමාගම, පානදුර කියන නගරවල ටවුන් ප්ලෑන් එකක් හදන්න ඕනේ. වාහන නතර කරන්න පුළුවන් ලොකු නැවතුම්පොලවල් හදලා එතැන ඉඳන් පාරේ බස් එකේ එන විදියට හදන්න ඕනේ. ඊට අමතරව උමං දුම් රිය මාර්ග හදන්න ඕනේ. (ජල අපවහන නල පරිස්සමින්) කොළඹ ඇතුලේ හැම නගරයක්ම කවර් වෙන්න. මම ඉතින් මට තේරෙන විදියට කිව්වේ මීට වඩා හොඳ සංකල්ප ඇති ඔයගොල්ලෝඅ ගාව. ඒත් පාර්ලිමේන්තුවේ ලගින කිසිම කෙනෙක්ට මේවගේ දෙයක් කරන්න උනන්දුවක් නෑ. තමන්ගේ බඩ ගැන විතරයි බලන්නේ. කවදා මේ රට සංවර්ධනයක් වෙයිද දන්නේ නෑ. අදට ඇති පස්සේ මතක් වුනොත් ආයෙත් දාන්නම්.
1 month ago
0 ප්‍රතිචාර:
Post a Comment