skip to main |
skip to sidebar
ඔන්න ඉතින් කාලෙකින් මැච් එකක් බලන්න කොහෙන් හරි පූරුවෙ පිනක් ලැබිල තිබුනා. වැඩේ හරියට බලන්න පුටු ටිකත් සැපට සෙට් කරගෙන ඉතින් බලාගෙන හිටියා. අපරාදෙ කියන්න බෑ ලක් එක නම් සුපිරි. මේ පාරත් ටොස් එක අපිට. ඊළඟට "ඉලෙක්ටඩ් ටු බැට්" කියලත් කිව්වේ. රටවල් දෙකේම ජාතික ගීතයන් හරි අපූරුවට වාදනය නම් කලා. ඒත් සමහර ලංකාවේ ක්‍රීඩකයෝ නම් තාමත් ජාතික ගීයට ගරු කරන්න දන්නේ නෑ වගේ. සමහරු පපුවට අත තියාගෙන හාට් බීට් එක ජාතික ගීයේ බීට් එකට මැච් වෙනවද කියල ටෙස්ට් කරා. තවත් කීපදෙනෙක් අත්දෙක පිටිපස්සට දාගෙන පහසුවෙන් ඉන්නව ඔයගොල්ලොත් දකින්න ඇති.
ටික වෙලාවකට පස්සේ අපේ අළුත් මන්ත්‍රීතුමයි මහේල කොලුවයි පිට්ටනියට ආවා. මන්ත්‍රීතුමා එයාගේ සුපුරුදු ඉරියව්ටික මැනැවින් පෙන්නලා මහේල කොලුවට ඉස්සෙල්ලාම ගහන්න වාරෙ දුන්නා. ඒකත් ඉස්සර සනාට වුන පොඩි සීන් එකක් නිසා කියල කවුරුත් දන්නවා ඇතිනේ. ඒකාලේ ඒකියන්නේ ඉස්සර මැච් වල සනාට පලවෙනි බෝලය අපලයක් විදියට තිබුනා.
ඉන්දියාවත් එක්ක ගහපු මැච් එක වගේ මහේල 4කින්ම ගේමට එන්ටර් වුනා. අනේ ඉතින් පලවෙනි ඕවරෙන්ම අපේ මන්ත්‍රීතුමා දැවී යනකොට මගේ පපුව හෝස් ගෑවා. ඉස්සර සනා ගහපු විදියට අපිත් ෆුල් හොල්මන්. ඒත් මතක ඇති කාලෙක එහෙම පිතිහරඹයක් දකින්න ලැබුනේ නෑ. ඉස්සෙල්ලාම මන්ත්‍රීතුමා, ඊළඟට ඩිල්ෂාන්, ඊළඟට මහේල වැල වගේ යන්න ගත්තාම මම බලපොරොත්තු පැත්තකින් දාල හිටියා. අපි ඉතින් මැච් එකක් බලන්න හදනකොටත් මොකක් හරි හෙනයක් තමයි. ඔහොම හිතල ටීවී එක වහල මගේ වැඩ පටන් ගත්තා.
ඔන්න ඉතින් අවුරුද්දත් ලැබුවා. අන්තිමට රවුම් ගහපු එක විතරද මන්දා. කලින් අවුරුදු වල වගේ කිසිම ෆිට් එකක් තිබුනේ නෑ. මට විතරක් දැනුන දෙයක්ද කියන්නත් බෑ. කොහොම වුනත් නගරවල සෙනග නම් වෙනදට වඩා හිටියා. බඩුවක් මුට්‍ටුවක් ගන්න නගරෙට ගියාම වරු ගාණකට එන්න බෑ. ඒ තරමට ජනතාව වීදි බැහැල. ඒ අතින් බලනකොට මිනිස්සුන්ගෙ අතමිට එහෙමත් සරුයි කියල තමයි මට හිතුනේ.
කොහොම හරි අවුරුද්ද ලැබුවට පස්සේ බ්ලොග් එකට පොඩි වෙනස්කම් කිහිපයකුත් කලා. එකක් නම් ඉතින් බැලූ බැල්මට පෙනෙන්න තියෙනවනේ. අනිත් එක තමයි මූණුපොතේ විප්ලවය. විප්ලවයක් කිව්වට එහෙන්මමත් නෑ ඉතින්. ඒකටත් කස්ටියට සෙට් වෙන්න කියල ආරාධනා කරනවා.
නිකම් ම කාලය ගෙවෙන අතරේ මම බ්ලොග් අතරේ පොඩි රවුමක් එහෙමත් ගැහුවා. හොඳ හොඳ ලිපි එහෙමත් තියෙනවා. ඒ අතරේ බයිස්කෝප් සෙට් එකේ බ්ලොග් එකට අළුත් යෝජනාවකුත් දැම්මා. 13 වෙනිදා පරණ අවුරුද්ද කියල සියළු දෝෂ දුරුවෙන්න කියල අනුමත වුනා. කාලෙකින් රෙඩ් රම් පාරක් ගැහුවේ. උදේ පටන් ගත්ත එක ඉවරවුනේ හවස. වැඩිය නෑ බෝතල් දෙකයි හැබැයි 3 දෙනයි. තව එකෙක් හිටිය මිනිහ හොරට ගැහුවේ. කොහොම වුනත් අවුරුද්දක හොඳ අවසානයක් කියල නම් කියන්න පුළුවන්. ඒක තමයි ඉතින් මට අවුරුද්දට කියල විශේෂයෙන් කියන්න තියෙන්නේ.
මුලදි වගේ බ්ලොග් එක නිතරම ලියන්න ඉඩකඩ නොතිබ්බට මොකද ඒකේ ආසාව නම් අඩුවුනේ නෑ. මගේ බ්ලොග් එක සින්ඩි කිහිපයකට හා අනේමන්ද වෙබ් පිටුවට ඇතුලත් වීමත් සමගම ගොඩාක් දෙනෙක් යන්න එන්න පටන් ගත්තා කිව්වොත් නිවැරදියි. ඒ අතරින් අද තමයි සුවිශේෂී දවස. බලපු කට්ටිය 10,000 වෙලා බොලේ. ඉතින් මේ ලිපිය හේතු පාදක කරගත්තේ මගේ බ්ලොග් එකට යන එන කස්ටියට ස්තූති කරන්නයි. හැමෝටම ජයවේවා.
නම කියවනකොට හිතේ මැවෙනව ඇති චීන ජාතිකයෙක්ව. එහෙම නේද. හික් හික්.... හැබැයි ඔන්න ඔයාලට පොඩ්ඩක් වැරදිලා. මම දැන් කියන්න යන්නේ අපේ රටේ චයිනා බුවෙක් ගැන. මේ වගේම චයිනා බුවාල කොළඹ නම් ඉන්නවා. සමහර විට අගනුවරින් පිට නගරවලත් ඇති.
මේක සිද්ධ වුනේ අද හවස. තැන ගුණසිංහපුර බස් නැවතුම්පල. මීට කලින් නම් ගුණසිංහපුරේ ගැන කිව්වේ වෙනත් විදියකටනේ. කොහොමෙන් කොහොම හරි අද වැඩ ඉවරවෙලා කොල්ලා ටිකක් කලින් ගෙදර එන්න පිටත් වුනා. උදේට සී.ටී.බී සරණං ඝච්චාමි කිව්වට මොකද හවසට ඒකේ අනිත් පැත්ත. ඒකෙත් හැටි නේද. උදේට නම් රජයේ බස් විදල යන නිසා කොයි මිනිහත් නගිනවා. ඒත් වැඩ ඉවරවෙලා එන්න ගියාම ඉතින් බාගෙට මැරිල වගේ. ඒකයි කොල්ල ප්‍රයිවෙට් බස්වල හවසට එන්නේ. ඕනේ නම් පොඩි හොරයකුත් කියන්නම්. හවසට පොඩි නින්දකුත් දාගෙන එන්න පුළුවන් නිසයි මේ විදියට එන්නේ.
ඉතින් දැන් කථාව කියන්න ගන්නම්කෝ. ඔහොම මම බස් එකක හොඳට හරි බරි ගැහිල නින්දක් දාගෙන ඉන්නකොට හීනෙන් වගේ ඇහුනා මේඩ් ඉන් චයිනා..... මේඩ් ඉන් චයිනා...... කියනවා. එන්න එන්නම කරච්චලයවැඩි කමට ඇස් ඇරල බැලුවා මොනවද මේ විකුණන්නේ කියල. බැලින්නම් චීනයෙන් ආනයනය කරපු චොකලට් (බෝල චොකලට්) වර්ගයක් තමයි කෑගගහ විකුණන්නේ. රු20 පැකට් එකක්. හැබැයි බස් එකේ කවුරුවත්ම ගත්තේ නෑ.
මම හැබැයි ඒ අතින් නම් සතුටුවුනා ඒ ගැන. ඒ මනුස්සයාගේ රස්සාව බව ඇත්ත නමුත් මෙච්චර චොකලට් කොම්පැණි ගොඩක් තියාගෙනත් අහවල් එකටද චීනෙන් ගෙන්නපුවා විකුණන්නේ. ඇයි අපේ රටේ දේවල් එහෙම විකුණන්න අවස්ථාවල් නැත්තේ. මට ඉතින් පුදුමත් හිතුනා චීනයේ කොච්චර දේවල් හදනවද කියලා. අපේ රටේ මිනිස්සුන්ට අපේ රටේ දේවල් අගයක් නෑ. පිට රටින් නම් ඕන කුණුගොඩක් හොඳයි කියන්න මිනිස්සු ඉන්නවා. ඒ විතරක් නෙමෙයි මාස කිහිපයකට කලින් මම පිටකොටුවේදී දැක්කා චීනයෙන් ගෙනාපු සරුංගල් මෙහෙ විකුණනවා. අනේ හැබෑට සිංහල රටේ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ. අද ගොඩක් පොඩි ලමයි සරුංගලයක් හදාගන්න දන්නේ නෑ. ඒකට අපි, කූරිය ගහන්නේ නැතුව උඩ යවන්න පුළුවන් සරුංගලයක් හදාගත්තාම කොච්චර සතුටක් ලබනවද ඒක උඩ යවලා.
වෙලාවකට මාර බයක් හිතෙනවා චීනය අපේ ලංකාව ආක්‍රමණය කරල වගේ. ඔය ගෙන්නන ගොඩක් දේවල් අපේ රට ඇතුලෙම හදාගන්න අවශ්‍ය තරම් සම්පත් තියෙනවා. පිටරටවල් වලින් ගෙනාපු දේවල් විකුණන චයින බුවාලා ඔයාලටත් හම්බවේවි. අවශ්‍යම දෙයක් නම් ගන්න එපා කියන්නේ නෑ නමුත් දෙයක් මිලදී ගන්න ඉස්සෙල්ලා හිතන්න, රටේ සල්ලි රට ඇතුලෙම තියාගන්නවද නැතිනම් කොහෙවත් නැති චීනෙකුට දෙනවද කියලා.