
නම කියවනකොට හිතේ මැවෙනව ඇති චීන ජාතිකයෙක්ව. එහෙම නේද. හික් හික්.... හැබැයි ඔන්න ඔයාලට පොඩ්ඩක් වැරදිලා. මම දැන් කියන්න යන්නේ අපේ රටේ චයිනා බුවෙක් ගැන. මේ වගේම චයිනා බුවාල කොළඹ නම් ඉන්නවා. සමහර විට අගනුවරින් පිට නගරවලත් ඇති.
මේක සිද්ධ වුනේ අද හවස. තැන ගුණසිංහපුර බස් නැවතුම්පල. මීට කලින් නම් ගුණසිංහපුරේ ගැන කිව්වේ වෙනත් විදියකටනේ. කොහොමෙන් කොහොම හරි අද වැඩ ඉවරවෙලා කොල්ලා ටිකක් කලින් ගෙදර එන්න පිටත් වුනා. උදේට සී.ටී.බී සරණං ඝච්චාමි කිව්වට මොකද හවසට ඒකේ අනිත් පැත්ත. ඒකෙත් හැටි නේද. උදේට නම් රජයේ බස් විදල යන නිසා කොයි මිනිහත් නගිනවා. ඒත් වැඩ ඉවරවෙලා එන්න ගියාම ඉතින් බාගෙට මැරිල වගේ. ඒකයි කොල්ල ප්‍රයිවෙට් බස්වල හවසට එන්නේ. ඕනේ නම් පොඩි හොරයකුත් කියන්නම්. හවසට පොඩි නින්දකුත් දාගෙන එන්න පුළුවන් නිසයි මේ විදියට එන්නේ.
ඉතින් දැන් කථාව කියන්න ගන්නම්කෝ. ඔහොම මම බස් එකක හොඳට හරි බරි ගැහිල නින්දක් දාගෙන ඉන්නකොට හීනෙන් වගේ ඇහුනා මේඩ් ඉන් චයිනා..... මේඩ් ඉන් චයිනා...... කියනවා. එන්න එන්නම කරච්චලයවැඩි කමට ඇස් ඇරල බැලුවා මොනවද මේ විකුණන්නේ කියල. බැලින්නම් චීනයෙන් ආනයනය කරපු චොකලට් (බෝල චොකලට්) වර්ගයක් තමයි කෑගගහ විකුණන්නේ. රු20 පැකට් එකක්. හැබැයි බස් එකේ කවුරුවත්ම ගත්තේ නෑ.
මම හැබැයි ඒ අතින් නම් සතුටුවුනා ඒ ගැන. ඒ මනුස්සයාගේ රස්සාව බව ඇත්ත නමුත් මෙච්චර චොකලට් කොම්පැණි ගොඩක් තියාගෙනත් අහවල් එකටද චීනෙන් ගෙන්නපුවා විකුණන්නේ. ඇයි අපේ රටේ දේවල් එහෙම විකුණන්න අවස්ථාවල් නැත්තේ. මට ඉතින් පුදුමත් හිතුනා චීනයේ කොච්චර දේවල් හදනවද කියලා. අපේ රටේ මිනිස්සුන්ට අපේ රටේ දේවල් අගයක් නෑ. පිට රටින් නම් ඕන කුණුගොඩක් හොඳයි කියන්න මිනිස්සු ඉන්නවා. ඒ විතරක් නෙමෙයි මාස කිහිපයකට කලින් මම පිටකොටුවේදී දැක්කා චීනයෙන් ගෙනාපු සරුංගල් මෙහෙ විකුණනවා. අනේ හැබෑට සිංහල රටේ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ. අද ගොඩක් පොඩි ලමයි සරුංගලයක් හදාගන්න දන්නේ නෑ. ඒකට අපි, කූරිය ගහන්නේ නැතුව උඩ යවන්න පුළුවන් සරුංගලයක් හදාගත්තාම කොච්චර සතුටක් ලබනවද ඒක උඩ යවලා.
වෙලාවකට මාර බයක් හිතෙනවා චීනය අපේ ලංකාව ආක්‍රමණය කරල වගේ. ඔය ගෙන්නන ගොඩක් දේවල් අපේ රට ඇතුලෙම හදාගන්න අවශ්‍ය තරම් සම්පත් තියෙනවා. පිටරටවල් වලින් ගෙනාපු දේවල් විකුණන චයින බුවාලා ඔයාලටත් හම්බවේවි. අවශ්‍යම දෙයක් නම් ගන්න එපා කියන්නේ නෑ නමුත් දෙයක් මිලදී ගන්න ඉස්සෙල්ලා හිතන්න, රටේ සල්ලි රට ඇතුලෙම තියාගන්නවද නැතිනම් කොහෙවත් නැති චීනෙකුට දෙනවද කියලා.
12 ප්‍රතිචාර:
උඹ කියන දේ ඇත්තක් තියෙනවා.
මල්ලී, ඒක ඔහොම එක එකාගේ න්‍යාය වලට අනුකූලව 'සිය රටදේ සිරි සැපදේ' කියලා හිතලා කරන්න පුලුවන් කටයුත්තක් නෙමෙයි.. ගොඩාක් මිනිස්සු බඩු ගන්නේ, අතේ තියෙන සල්ලි ප්‍රමානය ගැන හිතලයි අද කාලේ.. හැමෝම අමාරුවෙන් ජීවත් වෙන්නේ..
ඉතිං චීනෙන් නෙමෙයි මොන තූත්තු කුඩියෙන් හරි ලාබෙට බඩු තිබ්බොත් මිනිස්සු ගන්නවා.. යම් ආදායම් මට්ටමක ඉන්න මිනිස්සුන්ට තීරණය කරන්න පුළුවනි, අපේ දේ ගන්නවද? පිටරට දේවල් ගන්නවද කියලා. අනිත් එවුන්ට තියෙන එකම විකල්පය ' ලාබම දේ ගැනීම'.
උඹට ඒ කොලිටි එකට සරුංගල් හදන්න පුළුවන් නම් දාපංකෝ 'සරුංගල් කොම්පැනියක්'. හොද නම් අපි ගන්නම්.. හෙ හේ..
පිටරට හාලේ බත් ටික නැත්නම්
බඩ ගින්නේ සිංහලයා
කන්ට අඳින්ටා පිට රටෙන් එන තුරු
මුහුදට දත නියවන්නා
. . .
පිට රට සිරිත්ට දිව දික් කරලා
අද සිංහල කළු සුද්දා
අන්තිමේදී නිදියන පැදුරත්
දැන් දැන් පිට රටෙන් එන්නා
@පිස්සා
ඕනේ නම් ලංකාවේ හදන දේවල් වල ගණන් අඩු කලා නම් හරි. එහෙම කරන්නත් අමුද්‍රව්‍ය වලට වදින බදු අඩු කරන්න වෙනවා. එතකොට රජයට ආදායම් ගන්න වෙන විදියක් බලන්න වෙනවා. හැබැයි නාස්තිය අඩු කරන්න පුළුවන් නම් ඒකත් ටිකක් දුරට හරියනවා.අපේ රටේ මිනිස්සු එක අයිටම් එකකින් හෙන ලොකු ලාභයක් අපේක්ෂා කරනවා. ඒකත් බඩු මිලට බලපානවා. අතරමැදියො තමයි බඩු ගණන් පාලනය කරන තත්වයට ඉන්නේ.
දුප්පත් මිනිස්සුන්ට කරන්න දෙයක් නෑ තමා. චීනයට ආවඩනව ඇරෙන්න කරන්න දෙයකුත් නෑ. ලංකාවේ නිෂ්පාදකයො, වෙළෙඳො එකතු වෙලා, මොකක් හරි කනවනං ලොකු දෙයක්.
ඉස්සර සරුංගල් හැදුවට දැන් එහෙම කරන්න වෙලාවක් නෑ අයියේ. ඉතින් කොහොමද ෆැක්ටරි එකක් හදන්නේ. හික් හික්....
@දුකා
ඔයාගේ කථාවට එකඟයි.
ලාභෙට තියෙන හන්දා අපි නම් ගන්නවා
මේක ඇත්තද නම් දන්නේ නැහැ ඔය සමහර චීනෙන් ගෙනත් මෙහෙ විකුනන ටොෆී ඇතටම තියෙන්නේ ලමයින්ට නෙමෙයිලු වැඩිහිටියන්ට උපත්පාලනයටලු. මොකො ඉතින් මොකක් ගහලා තිබ්බත් අපිට තෙරෙන එකක්යෑ ඔය චීන අකුරු
මාර කේස් එකනේ..... සමහර විට අපේ සිංහල ජනගහණය පාලනය කරන්න හදන විධියක්ද දන්නෙ නෑ
ඔය චීන චොකලට් බෝල නං මම හැම සිකුරාදා හවසම දකිනවා.
වෙන මොන චයිනීස් බඩුව ගත්තත් චයිනීස් කෑම ජාති නං කන්න බයයි. (ඒ කිව්වෙ මේ චයිනීස් රෙස්ටුරන්ට් එකකින් නෙමේ හොඳේ, ඒවා නමට විතරනෙ චයිනීස් :P ) මොන බඩේ අමාරුව හැදෙයිද කවුද දන්නෙ?
කන බොන දේවල් ගැන ටිකක් පරිස්සම් වෙන්න ඕනේ තමා
ඇත්ත කතාව සහෝදරයා... මෙච්චර දේවල් අපේ රටේ ඉඳලම කරගන්න පුලුවන් කම තියෙද්දිනෙ අපේ එඋන් පිට රටවල් වල එඋන් ව පොසත් කරවන්න හදන්නෙ..මෙවට වග කියන්න ඔනෙ රනිල් වගෙ හිටපු පිටට පු* දෙන නායකයො තමයි
Ry@AneManda.com
හැමෝම එකතු වුනොත් හරි. මේක ජාතික අවශ්‍යතාවයක්. අර සින්දුවක කෑල්ලකුත් තියෙන්නේ
"නැගී සිටිය හැක එක්සත් වී - බෙදී ගියොත් රට යයි සුන් වී"
කියලා
කෑම බීම විතරක් නෙවෙයි.. පොඩ්ඩක් බලන්නකෝ ගෙදර තියන ප්ලාස්ටික් බඩු 90%ක් ම චයිනා.. අනික ඉතිං අපේ කියලා ඇල්පෙනෙත්තක් නැති රටේ ඕවා සිද්ධ වෙන එක පුදුමයක් නෙවෙයි.. කොහොමත් අපි පිටරට ඒවා හොදයි කියන අයනේ..
සිරාවට......
Post a Comment