Showing posts with label දේශපාලනය. Show all posts
Showing posts with label දේශපාලනය. Show all posts

එපාම කෙරුවාව....

කාලෙකට පස්සේ අද මම කියන්න යන්නේ සමහර විට ඔයාලටත් අත්දකින්න ලැබුන දෙයක් වෙන්නත් පුළුවන්. මේක කොච්චර එපා වුනාද කියනවනං ආයතන ප්‍රධානින්ගේ ගෙවල්වල උදවිය එහෙමත් මතක් වුනා. වැඩි කථා ඕනේ නෑ. සිද්ධිය මේකයි.

අපේ නෑදෑ වෙන පොඩි එකෙක්ගේ 5 වසර රිසල්ට්ස් බලලා දෙන්න කිව්වා. මම ඉතින් වැඩේ බාරගත්තා. අද දවල් කිව්වා නොවැ අන්තර්ජාලයට දානවා කියල. මම ඉතින් 1 ට විතර බලන්න ගියා අන්තර්ජාල ලිපිනයට. මෙන්න බොලේ සයිට්‍ටුව මිසින්ග්. හික් හික්.... වෙලවකට එනවා ටිකකින් යනවා. පැයක් විතර රීෆ්‍රෙෂ් කර කර හිටිය ඔන්න. මේකට හේතුව මගේ අන්තර්ජාලයේ ප්‍රශ්නයක් එහෙම නෙවෙයි ඔන්න. එයාල පාවිච්චි කරන සේවාවේ ප්‍රශ්නයක්. අන්තිමට පැයක විතර ලොකු මෙහෙයිමකින් පස්සේ ලකුනු ටික බලගත්තා.

හරි දැන් ඔන්න වැදගත් ටික...

විභාග දෙපාර්තමේන්තුවේ මහලොකු සයිට්‍ටුවේ යටට වෙන්න තඩි අකුරෙන් ඩයලොග් ආයතනයේ පල්හෑලි ටිකක් දාලා තියෙනවා. සේවාව සපයන්නේ ඩයලොග් නම් ඉතින් තවත් කුමන කථාද. අන්තර්ජාල සේවාව සහ වෙබ් හොස්ටින්න් සේවාව යන දෙකම සපයන්නේ එම ආයතනයයි. හැබෑට කවුද මේ වගේ බංකොලොත් ආයතනවලට වැදගත් සේවාවන් බාරදෙන්නේ. සමහර විට ලොකු කුට්ටියක් එහෙම දෙපැත්ත්හෙම කට්ටියට යනවද දන්නේත් නෑ. මේක ඉතින් ලංකාවනේ. සේවාවන් දෙනවනං ඒවිදියට දෙන්න දැනගන්න ඕනේ. මොකද ආණ්ඩුවේ සල්ලි වෙනමිනිස්සු මාටියා ගහනවනං හොඳ සේවාවක් උදෙසා හොඳ ආයතනයකට මුදල් දුන්නා කියා කිසිම වැ‍රැද්දක් නෑ. අනික මිනිස්සුන්ට ලබාදෙන සේවාව ඒවිදියට තියෙන්න ඕනේ.

දැන් කවුරුහරි කියනවනම් මම කොහොමද පැහැදිලිවම ඩයලොග් ආයතනය පිට වරද පටවන්නේ කියා. පහල තියෙනදේ RECORDS කියවන්න.


DNS Servers for doenets.lk:
ns1.dialogsl.net
ns2.dialogsl.net


doenets.lk. 86400 IN SOA ns1.dialogsl.net. root.dialogsl.net. (
2010081301 ; Serial
900 ; Refresh
3600 ; Retry
2592000 ; Expire
86400 ) ; Minimum TTL
doenets.lk. 86400 IN NS ns1.dialogsl.net.
doenets.lk. 86400 IN NS ns2.dialogsl.net.
doenets.lk. 60 IN A 125.214.169.100
doenets.lk. 86400 IN MX 0 mailgw.dialogsl.net.
www.doenets.lk. 60 IN A 125.214.169.100

උත්තමාචාරය


පසුගියදා බුත්තල, බඩල්කුඹුර ප්‍රදේශයේදී අනතුරට පත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් MI24 හෙලිකොප්ටර් යානයේ සිටි, වන්නි මානුෂික මෙහෙයුමේදී දිවි හිමියෙන් සටන් කල ඒ අභීත රණවිරුවන්ට මෙයින් උත්තමාචාරය.





ඡායාරූපයේ වම්පස සිට පිළිවෙලින්
බලඝණ නායක ඇසල දොඩම්මලුව, පියාසර ලුතිනන් රෙහාන් ප්‍රනාන්දු, කෝප්‍රල් ජයන්ත සිරිසේන, කෝප්‍රල් චන්ද්‍රවංශ බණ්ඩාර රත්නායක.




උපුටා ගැනීම : ශ්‍රී ලංකා ගුවන් හමුදා වෙබ් අඩවිය


ජීවත්වීම සහ ණය

අද ඉතින් සුපුරුදු රාජකාරි වලින් ඈත්වෙලා පුද්ගලික වැඩ වගයක් කරගන්න කියල ගියා අගනුවර පැත්තට. ඔහොම ගිහින් එන අතරෙ මගෙ යාළුවෙක් හම්බුණා. ආගිය විස්තර එහෙමත් කථාකරල කොහෙන් හරි රෝල් වෙලා ආවේ ජනාධිපතිවරණය. කොල්ල ඉතින් පොලිටික්ස් ගැන වැඩි අවධානයක් නැති නිසා සාවධානව අහගෙන හිටිය. වැඩිය තර්ක කරන්න ගියෙත් නෑ මොකද ඔය සම්බන්ධව වැඩි දැනීමක් නැති නිසා.

කොහොමෙන් කොහොමහරි මගේ යාලුවා කිව්ව අමුතු තාලේ කතාවක්. කිව්ව විදියට නම් මේ ලගදි කරපු සමීක්ෂණයක්ලු. ඒකට අරන් තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ සහ ලංකාවේ ජීවත්වෙන විධායක තනතුරු හොබවන පුද්ගලයන් 2 ක්. ඒගොල්ලෝ හොයගත්ත විදියට ලංකාවේ වාසය කරන පුද්ගලයාට රු 50,000 පමණ වැටුපක් ලැබෙන අතර ඕස්ට්‍රේලියාවේ වාසය කරන පුද්ගලයාට ඕ.ඩො 4,500 පමණ වැටුපක් ලැබෙනවා.

දැන්තමයි කථාවේ හොදම හරිය වෙන්නේ. ටිකක් කල්පනා කරල බලන්න මේ අදහස් ටික. සාමන්‍යයෙන් ලංකවේ නිලධාරියාට සුව පහසු වාහනයක් ගන්න අඩුම තරමේ රු ලක්ෂ 40 වත් යනවා. සම්පූර්ණ වැටුප වගේ 80 ගුණයක්. ඒකියන්නේ මාස 80 එක දිගට වැඩ කරන්න ඕනේ. (අනිකුත් වියදම් නොසලක හැර ඇත.)මාස 80 කියන්නේ අවුරුදු 6-7. ගෙයක් හදන්න හිතාගෙන ඉඩමක් එහෙම මිලදී අරන් ගෙයක් හදන්න තවත් ලක්ෂ 40 විතර යනව. ඒ කියන්නේ තවත් අවුරුදු 6-7 විතර වැඩ කරන මුදල් ඒකටම වියදම් වෙනවා. තව විදියකින් කියනවනම් ඇදුමක් ගන්න අපි හිතමු ඩෙනිමක් කියල, ඩෙනිමක් සාමන්‍යයෙන් රු 1000 විතර වෙනවා. එ කියන්නේ ඔහුගේ මාසික වැටුපෙන් ඩෙනිම් 50 විතර ගන්න පුළුවන්.

දැන් බලන්න ඕස්ට්‍රේලියාවේ තත්වය. ඕ.ඩො 2,00,000 ට විතර ජීවත් වෙන්න නිවසක් හොයගන්න පුළුවන්ලු (මට කිව්ව විදියට ) ඒ කියන්නේ අවුරුදු 3-4 විතර උපයන මුදලින්. වාහනයක් ගැන බැලුවොත් අළුත්ම යාරිස් කාර් එකක් ගන්න ඕ.ඩො 17,000 විතර යන්නේ. ඒ කියන්නේ මාස 4 විතර මුදලක් වැයවෙන්නේ. ඩෙනිම් වලින් ගත්තොත් එක් ඩෙනිමක වටිනාකම ඕ.ඩො 50 විතර වෙනවාලු. ඒකියන්නේ මාසෙක වැටුපෙන් ඩෙනිම් 90 ගන්න පුළුවන් කියන එකයි.

ඉස්සේල්ලා කරපු ගණනය කිරීම් වලට එදිනෙදා වියදම් නැතුව ගත්තේ. ඒවත් ගත්තාම මට හිතෙන විදියට මුළු ජීවිත කාලෙම ණය ගෙවන එක තමයි කරන්න වෙන්නේ අපේ රටේ මිනිස්සුන්ට. ගෙවීමේ ක්‍රමයට ගන්නවා කියන්නේ අදාල වටිනාකමට වඩා වැඩි මුදලක් ගෙවන්න වෙන එකයි. ඕස්ට්‍රේලියාවේ ජීවන වියදම වැඩියි කියල කිව්වාට එයාලගේ ආදායමත් එක්ක බලනකොට වියදම අපිට වැඩිය ගොඩක් අඩුයි. පොඩි ඇන්දීමකට පාවිච්චි කරලා තියෙන්නේ රුපියල් පරිවර්ථනය කිරීමයි. කාගෙද වැරැද්ද.

පිටකොටුවේ බෝට්ටු සේවය

අද උදේ හදිසි වැඩ වගයකට කොළඹ (බම්බා) යන්න වුනා. කෝකටත් සූදානම් ශරීරය කියල කුඩයකුත් බෑග් එකට දාගෙනමයි ගියේ. ගිය වැඩ ටික ඉවරවුනේ ටිකක් දවල් වෙලා එ කිව්වේ 2 ට විතර. බස් එකකට ගොඩවෙලා එනකොට මගදි හොදටම වහින්න ගත්තා. බෝගහ ගාවින් බැහැල පයින් යන්න බැරි තරමට වැස්ස. කරන්න දෙයක් නෑ ගෙදර එන්නත් ඕනේ. ගුණසිoහපුර බස් නැවතුමට එන්නත් ඕනේ. ඉතින් පයින්ම ආවා වෙලාවට කුඩයකුත් අරන් ආව නිසා එච්චරම අප්සට් එකක් තිබුනෙත් නෑ.

ටිකක් දුර එනකොටනෙ වැස්සේ බරපතලකම තේරුණේ මුළු පලාතම යටවෙලා එකම වතුර ගොඩයි. අඩි 1 1/2 විතර උසට වතුර. යාගන්න විදියක් තිබුනෙත් නෑ. වැස්ස අඩු කරන්නෙත් නෑ. කොහොම හරි ස්ටෑන්ඩ් එකට යන බස් එකක එල්ලිලා තමයි ගියේ. මගෙ අම්මෝ මුළු පළාතෙම වතුර එතනට එන්නේ. බෝගහ පැත්තෙන්, උසාවි තියෙන පැත්තෙන්, ගෑස්පහ පැත්තෙන්, මිහිදුමාවත පැත්තෙන් එන වතුර ඔක්කොම එන්නේ ගුණසිoහපුර බස් නැවතුම් පොළට. මීට කලිනුත් ඔහොම වෙලා තියෙනවා අත්දැකීමෙන්ම දන්නවා. ඇයි මෙච්චර නගර අලoකරනයට පොර ටෝක් දෙනවා
වැස්ස දවසට වතුර බැහැල යන්න විධිමත් ක්‍රමයක් ක්‍රියාත්මක කරන්නේ නැත්තේ.

එහෙම නැතිනම් පිටකොටුව බෝට්ටු සේවය කියල අලුතෙන් මගී ප්‍රවාහන ක්‍රමයක් තියෙන්න ඕනේ. මේවට අහුවෙන්නේ සාමන්‍ය මිනිස්සු මොකද, ලොකු මිනිස්සු කීයෙන් කීදෙනාද බස් වල ගමන් කරන්නේ. උදේ වරුවක වුනානම් හැමෝම අනාථයි. මේවතමයි පාලකයො හිතන්න ඕනේ කොච්චර කොළඹ නගරය ලස්සන කරන්න හැදුවත් වැඩක් නෑ මූලික දේවල් සම්පූර්ණ නැතිනම්.

ජනාධිපතිද ? හමුදාපතිද ?

මුලින්ම කියන්න ඕනේ මම දේශපාලනය ගැන සදහන් කිරීමට කැමති නැති කෙනෙක්. නමුත් රටේ අභ්‍යන්තර අරගලයක් ඇති කිරීමට සහ ජනතාව කුලප්පු කිරීමට විරුද්ධව මේ විදියට හඩ නගන්න මටත් ශ්‍රීලාOකිකයකු වශයෙන් අයිතිය ඇති බව කාටත් වැටහෙනවා ඇති. රටේ එක්තරා විදියක පිළිලයක් විදියට තිබුන යුද්ධය අවසන් කිරීම ගැන පහුගිය මාස කීපයම කතාබහට ලක්වුනා.

ඒත් දැන් ඒක කාගෙ කාගෙත් හිත්වලින් අයින් වේගෙන යන වෙලාවේ කොටින්ම තුවාල වුන හමුදාවල සහෝදර සහෝදරියන්ව, මියගිය හමුදාවල සහෝදර සහෝදරියන්ව මේ දවස්වල කාගෙ කාගෙත් හිත්වලින් ඈත් වෙලා ගිහින්. අන්තිම මොහොතේ හරි ආයෙත් යුද්ධයක් ගැන කතාවට ලක්වෙන්නේ ලග එන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් දෙදෙනාම යුද්ධයට කෙලින්ම කැප කිරීම් කරපු නිසා.

හිටපු යුධහමුදාපතිද ජනාධිපතිද කියල හැමෝගෙම කතාව මේ දවස්වල. මේ දෙදෙනාම ලොකු කැපකිරීම් කරපු දෙන්නේක් විදියට මොලයක් තියෙන ඕනෑම කෙනෙක්ට තේරෙනවා. දෙන්නාගෙ රාජකාරි දෙකක් වුනාට අන්තිමට ලැබුවේ එකම ජයග්‍රහනයක්.

හමුදාපතිවරයෙකු වශයෙන් හමුදාව නිසි ලෙස පාලනය කිරීමට ඔහුට හැකිවුනා. ඒවගේම ලෝකයේ බලවත් රටවල් අපේ රටට විරුද්ධව විවිධ කුමන්ත්‍රන කරන කොට ඒවට නොසැලී සිටිය ජනාධිපතිතුමා ඉටුකරපු රාජකාරියත් සුළුපටු නෑ. හමුදාවල් 3කට අණදෙමින් අවශ්‍යවන විදියට උපදෙස් දෙමින් එතුමාකල සේවය විශිෂ්ඨ ලෙස මා නම් දකිනවා.

මා සිතන විදියට වෙන රටක ඉත්තෙක් නොවී ස්ව්‍යරී රාජ්‍යයක් නිර්මාණය කිරීමට දායක වුන නොසැලුන නායකත්වය පිලිබද ජනතාව විශ්වාසය තබයි කියා. රටකට සේවයක් කල විශිෂ්ඨ නිළධාරියෙක් ඉදිරියට යවා තමුන්ගේ යටි අරමුණු මුදුන්පමුනවා ගන්න අවස්ථාවාදී පිරිසක් උත්සාහ ගන්න බවට නිතරම අහන්න දකින්න ලැබෙනවා. තමන්ව මින් පෙර යුද්ධාධිකරණයට ඉදිරිපත් කරන්න ගිය පිරිස්ම දැන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට යෑම මොන තරම් නින්දා සහගත ක්‍රියාවක්ද.
 
readbud - get paid to read and rate articles


Copyright © 2009 සිංහලෙන් අපි |Designed by Templatemo |Converted to blogger by BloggerThemes.Net