මුලින්ම කියන්න ඕනේ මම දේශපාලනය ගැන සදහන් කිරීමට කැමති නැති කෙනෙක්. නමුත් රටේ අභ්‍යන්තර අරගලයක් ඇති කිරීමට සහ ජනතාව කුලප්පු කිරීමට විරුද්ධව මේ විදියට හඩ නගන්න මටත් ශ්‍රීලාOකිකයකු වශයෙන් අයිතිය ඇති බව කාටත් වැටහෙනවා ඇති. රටේ එක්තරා විදියක පිළිලයක් විදියට තිබුන යුද්ධය අවසන් කිරීම ගැන පහුගිය මාස කීපයම කතාබහට ලක්වුනා.
ඒත් දැන් ඒක කාගෙ කාගෙත් හිත්වලින් අයින් වේගෙන යන වෙලාවේ කොටින්ම තුවාල වුන හමුදාවල සහෝදර සහෝදරියන්ව, මියගිය හමුදාවල සහෝදර සහෝදරියන්ව මේ දවස්වල කාගෙ කාගෙත් හිත්වලින් ඈත් වෙලා ගිහින්. අන්තිම මොහොතේ හරි ආයෙත් යුද්ධයක් ගැන කතාවට ලක්වෙන්නේ ලග එන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් දෙදෙනාම යුද්ධයට කෙලින්ම කැප කිරීම් කරපු නිසා.
හිටපු යුධහමුදාපතිද ජනාධිපතිද කියල හැමෝගෙම කතාව මේ දවස්වල. මේ දෙදෙනාම ලොකු කැපකිරීම් කරපු දෙන්නේක් විදියට මොලයක් තියෙන ඕනෑම කෙනෙක්ට තේරෙනවා. දෙන්නාගෙ රාජකාරි දෙකක් වුනාට අන්තිමට ලැබුවේ එකම ජයග්‍රහනයක්.
හමුදාපතිවරයෙකු වශයෙන් හමුදාව නිසි ලෙස පාලනය කිරීමට ඔහුට හැකිවුනා. ඒවගේම ලෝකයේ බලවත් රටවල් අපේ රටට විරුද්ධව විවිධ කුමන්ත්‍රන කරන කොට ඒවට නොසැලී සිටිය ජනාධිපතිතුමා ඉටුකරපු රාජකාරියත් සුළුපටු නෑ. හමුදාවල් 3කට අණදෙමින් අවශ්‍යවන විදියට උපදෙස් දෙමින් එතුමාකල සේවය විශිෂ්ඨ ලෙස මා නම් දකිනවා.
මා සිතන විදියට වෙන රටක ඉත්තෙක් නොවී ස්ව්‍යරී රාජ්‍යයක් නිර්මාණය කිරීමට දායක වුන නොසැලුන නායකත්වය පිලිබද ජනතාව විශ්වාසය තබයි කියා. රටකට සේවයක් කල විශිෂ්ඨ නිළධාරියෙක් ඉදිරියට යවා තමුන්ගේ යටි අරමුණු මුදුන්පමුනවා ගන්න අවස්ථාවාදී පිරිසක් උත්සාහ ගන්න බවට නිතරම අහන්න දකින්න ලැබෙනවා. තමන්ව මින් පෙර යුද්ධාධිකරණයට ඉදිරිපත් කරන්න ගිය පිරිස්ම දැන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට යෑම මොන තරම් නින්දා සහගත ක්‍රියාවක්ද.
1 month ago
2 ප්‍රතිචාර:
machan
podi upadesak dennada???
lipiya poddak space tilaya liyapan . .
etakota balana unta kammali natuwa kiyanawanna hitenawa
එල එල මම එහෙම කරන්නම්, බොහොම ස්තූතියි අඩුපාඩු පෙන්නලා දෙන එකට.
Post a Comment