1 month ago
බුදුදහමට නිගාව
මීට ටික වේලාවකට කලින් මගේ මූණුපොතේ මිතුරන් කිහිප දෙනෙක් ලින්ක්ස් වගයක් එවල තියෙනව දැක්කා. වෙලාවට මම ලොකු වැඩක හිටියේ. ඉතින් මගෙ වැඩටික ඉවරවෙලා හිමීට බැලුවා මොනවඩ තියෙන්නේ කියලා. අපෙ අප්පොච්චියේ මූණුපොතේ ඉන්න සුදු හම තියෙන නොසන්ඩාලයෙක් බුදු හාමුදුරුවන්ගේ රූපයකට සුනඛයෙක්ගේ මුහුනක් එකතු කරලා Group එකක් හදල. මට ඒක දැකපු වෙලාවේ ඉදලා හදපු එකාගේ ගෙදර උදවිය මතක් වුනා.අපරාදෙ කියන්න බෑ ගොඩක් සිOහල බෞද්ධ උදවිය ඒකට විරුද්ධව කතාකරල තියෙනවා. ඉතින් ඒ Group එක ගැන මම මූණුපොතේ බලධාරීන්ට දැන්වීමක් ඉදිරිපත් කලා. සමහර විට මේක ආගම් වලට හරවගන්න කල්ලියකගෙ වැඩක් වෙන්නත් පුළුවන්. මීට ටික දවසකට කලින් කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ පැවැත්වුණු ලෙඩ සුවකිරීමේ දේව මෙහෙයක් ගැන මාධ්‍යවල වාර්ථාවෙලා තිබුණා. දිගින්දිගටම බෞද්ධ පිරිස් එයට විරෝධය පළකරද්දි කරපු වැඩ පිලිවෙලක්ද කියන්නත් බැරි නෑ. අපෙත් ඉන්න සමහර නමට විතරක් බෞද්ධ පිරිස් අයාලේ යන හරක් වගේ මේවගේ ලෙඩ සුවකරගන්න කියල නිවන්මගටම ගිය හැටි නිතරම අහන්න ලැබුණා. ඇත්තටම මෙහෙමත් මෝඩ මිනිස්සු අපේ සමාජයෙත් ඉන්නවානේ.
0 ප්‍රතිචාර:
Post a Comment