Showing posts with label විභාග. Show all posts
Showing posts with label විභාග. Show all posts

විභාගේ තමයි අපේ අභාගේ.....

මේ දවස් වල ගෙදර ඉදල ඉදල එපාම වෙලා. විභාග ලියන එක තිත්තම වෙලා. ශිෂ්‍යත්ව විභාගයෙන් පටන් ගත්ත පාර මේ මලඉලව් විභාග තාමත් ලියනව. මට විතරක් නෙමෙයි හැබැයි හැමෝටම තියෙන ප්‍රශ්නයක්. වෙලවකට හිතෙනව ජොබ් කට්ටක් හොයාගෙන පරස්ථාවකුත් කරගෙන ආතල් එකේ ඉන්න ඕනෙ කියල. ඒත් පරස්ථාවක් කලාම තියෙන කට්ට මතක් වෙනකොට මෙහෙම ඉන්න එක හොදයි කියලත් හිතෙනව. සමහරු ඉන්න බැරි මෝල් අමාරුවට ඉක්මනට බැන්දට මොකද අපිට හොරාට කියන්නේ "මචන් උඹල නම් මම වගේ අමරුවෙ වැටෙන්න එපා" කියලා. ඒකත් කියන්නේ වටේ පිටේ කවුරු හරි ඉන්නවද කියල බලලා. අපි හිනා නොවුනට වෙන කෙනෙක් නම් හොද බයිටක් දෙනව ඔහොම කිව්වොතින්. ඔහොම කියනකොට තව ආත්මෙකට බදින්න හිතෙන්නේ නැති තරම්.


තව දෙයක් කියන්නත් තියෙනවා. මම කලින් දාපු බුදුදහමට නිගාව කියන ලිපිය දැකපු කිහිප දෙනෙක් ට පිළිතුරු විදියට එම ලිපිට පළ කලේ ආගම්වාදය ඇතිකරන්නට නොව අන්‍යාගම් වලට ගරුකරන්න සමාජය දැනුවත් කිරීමට බව කරුණාවෙන් සළකන්න.
 
readbud - get paid to read and rate articles


Copyright © 2009 සිංහලෙන් අපි |Designed by Templatemo |Converted to blogger by BloggerThemes.Net