Showing posts with label අන්තර්ජාලය. Show all posts
Showing posts with label අන්තර්ජාලය. Show all posts

එපාම කෙරුවාව....

කාලෙකට පස්සේ අද මම කියන්න යන්නේ සමහර විට ඔයාලටත් අත්දකින්න ලැබුන දෙයක් වෙන්නත් පුළුවන්. මේක කොච්චර එපා වුනාද කියනවනං ආයතන ප්‍රධානින්ගේ ගෙවල්වල උදවිය එහෙමත් මතක් වුනා. වැඩි කථා ඕනේ නෑ. සිද්ධිය මේකයි.

අපේ නෑදෑ වෙන පොඩි එකෙක්ගේ 5 වසර රිසල්ට්ස් බලලා දෙන්න කිව්වා. මම ඉතින් වැඩේ බාරගත්තා. අද දවල් කිව්වා නොවැ අන්තර්ජාලයට දානවා කියල. මම ඉතින් 1 ට විතර බලන්න ගියා අන්තර්ජාල ලිපිනයට. මෙන්න බොලේ සයිට්‍ටුව මිසින්ග්. හික් හික්.... වෙලවකට එනවා ටිකකින් යනවා. පැයක් විතර රීෆ්‍රෙෂ් කර කර හිටිය ඔන්න. මේකට හේතුව මගේ අන්තර්ජාලයේ ප්‍රශ්නයක් එහෙම නෙවෙයි ඔන්න. එයාල පාවිච්චි කරන සේවාවේ ප්‍රශ්නයක්. අන්තිමට පැයක විතර ලොකු මෙහෙයිමකින් පස්සේ ලකුනු ටික බලගත්තා.

හරි දැන් ඔන්න වැදගත් ටික...

විභාග දෙපාර්තමේන්තුවේ මහලොකු සයිට්‍ටුවේ යටට වෙන්න තඩි අකුරෙන් ඩයලොග් ආයතනයේ පල්හෑලි ටිකක් දාලා තියෙනවා. සේවාව සපයන්නේ ඩයලොග් නම් ඉතින් තවත් කුමන කථාද. අන්තර්ජාල සේවාව සහ වෙබ් හොස්ටින්න් සේවාව යන දෙකම සපයන්නේ එම ආයතනයයි. හැබෑට කවුද මේ වගේ බංකොලොත් ආයතනවලට වැදගත් සේවාවන් බාරදෙන්නේ. සමහර විට ලොකු කුට්ටියක් එහෙම දෙපැත්ත්හෙම කට්ටියට යනවද දන්නේත් නෑ. මේක ඉතින් ලංකාවනේ. සේවාවන් දෙනවනං ඒවිදියට දෙන්න දැනගන්න ඕනේ. මොකද ආණ්ඩුවේ සල්ලි වෙනමිනිස්සු මාටියා ගහනවනං හොඳ සේවාවක් උදෙසා හොඳ ආයතනයකට මුදල් දුන්නා කියා කිසිම වැ‍රැද්දක් නෑ. අනික මිනිස්සුන්ට ලබාදෙන සේවාව ඒවිදියට තියෙන්න ඕනේ.

දැන් කවුරුහරි කියනවනම් මම කොහොමද පැහැදිලිවම ඩයලොග් ආයතනය පිට වරද පටවන්නේ කියා. පහල තියෙනදේ RECORDS කියවන්න.


DNS Servers for doenets.lk:
ns1.dialogsl.net
ns2.dialogsl.net


doenets.lk. 86400 IN SOA ns1.dialogsl.net. root.dialogsl.net. (
2010081301 ; Serial
900 ; Refresh
3600 ; Retry
2592000 ; Expire
86400 ) ; Minimum TTL
doenets.lk. 86400 IN NS ns1.dialogsl.net.
doenets.lk. 86400 IN NS ns2.dialogsl.net.
doenets.lk. 60 IN A 125.214.169.100
doenets.lk. 86400 IN MX 0 mailgw.dialogsl.net.
www.doenets.lk. 60 IN A 125.214.169.100

10,000 කඩ ඉම

මුලදි වගේ බ්ලොග් එක නිතරම ලියන්න ඉඩකඩ නොතිබ්බට මොකද ඒකේ ආසාව නම් අඩුවුනේ නෑ. මගේ බ්ලොග් එක සින්ඩි කිහිපයකට හා අනේමන්ද වෙබ් පි‍ටුවට ඇතුලත් වීමත් සමගම ගොඩාක් දෙනෙක් යන්න එන්න පටන් ගත්තා කිව්වොත් නිවැරදියි. ඒ අතරින් අද තමයි සුවිශේෂී දවස. බලපු කට්ටිය 10,000 වෙලා බොලේ. ඉතින් මේ ලිපිය හේතු පාදක කරගත්තේ මගේ බ්ලොග් එකට යන එන කස්ටියට ස්තූති කරන්නයි. හැමෝටම ජයවේවා.

නිදි නෑ


අද මහ චාටර් දවසක්. හවස මහ සද්දෙට ගොරවගෙන ආවට පොළොව හරියට තෙමෙන්නවත් වැස්සේ නෑ. අර සමහරු කියන්නේ සද්දේ තිබුනට වැඩ නෑ කියල. අන්න ඒ වගේ සීන් කෝන් එකක් තමයි අද වැස්සටත් වුනේ. සද්දෙයි වැඩයි ගැන කථා කරනකොට ඇදිලා එන්න හදන්නේ මම වැඩිය කථා කරන්න අකමැතිම මාතෘකාව ගැන. වෙන මොකවත් නෙමෙයි දේශපාලනය. අපේ නම ඇහෙනකොටත් බෝරින්ග් වගේ. ඒවුනාට අද කොල්ලා පොඩි විවෘත සාකච්ඡාවක් ගියා අනේමන්ද.කොම් එක ඇතුලේ. කොහේ ගියත් අපි අපිමයි කියල වැඩිය දරුණුවට ගියෙ නෑ. ගහගන්න මරාගන්න ගියෙත් නෑ.

ඉතින් ඒක නෙමෙයි මම කියන්න ගියේ මේ ලඟදි දවසක මට ඇහුනා එංගලන්තයේ අල්කයිඩා ත්‍රස්ත ප්‍රහාරයක තොරතුරු වාර්තා වුනා කියලා. දැන් මහ සද්දෙට කොටි ත්‍රස්ථවාදීන්ට කඩේ ගිය ඇත්තන්ට වැලේ වැල් නැතුව යන්න හදන්නේ. අර කියමනක් තියෙන්නේ තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලෙට වඩා අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද පේනවා කියලා. අනේ හැබෑට මෙහෙමත් සුද්දො. එංගලන්තය විතරක් නෙමෙයි ලෝකේ බලවතා විදියට පුම්බං ඉන්න ඇමරිකාවටත් වැඩේ කොයි වෙලාවේ කෙලවිලා යයිද දන්නේ නැතිලු. හිලරි නෝනට මොනවද දන්නේ නෑ මේ දවස් වල කියන්න තියෙන්නේ. ඔන්න එයාගේ ඡන්ද වැඩ වලට ඔසාමා බින් ලාඩන් එහෙම සපෝට් කලා නම් මෙලහටත් හිලරි ඔසාමට කඩේ ගිහින්.

හවස පොඩ්ඩක් විතර ජංජාලේ පිස්සුවක් කෙලින්න ගත්තා වගේ. ටිකක් විතර වේගය අඩු වුනා. සමහර විට වැස්ස හන්දා දත්ත වලට ගමන්කරන්න කම්මැලි හිතුනද දන්නේ නෑ. මහ රෑ වුනත් මට නින්ද යන්නේ නැති ලෙඩේට බේතකුත් ගන්න වෙයි වගේ. නින්ද යනකන් කියල ඔන්ලයින් පත්තර ටිකත් බලල ඉවරවෙලා සුපුරුදු අනේමන්ද ෆෝරම් එකේ කරක් ගහන් ඉන්නවා. වෙන කරන්න දෙයකුත් නෑනේ. ඉතින් හිතුනා මොනව හරි බ්ලොග් එකේ ලියන්නත්.

සින්ඩියට සෙට් වීම....



ඔන්න කෝඩ් ලොක්කා අද අළුත් පිම්මක් පනින්නයි හදන්නේ. අද මේ බ්ලොග් පි‍ටුව සිංහල බ්ලොග්කරුවන්ගේ සින්ඩියට එකතු වුනා. උදව් කරපු හැමෝටම ස්තූතියි. ඒක ඉතින් ගොඩක් වටින වැඩක්. ඉස්සරහදි හොඳ හොඳ ලිපි පල කරන්නම්. හැමෝගේම යෝජනා චෝදනා ගෞරවයෙන් පිලිගන්නවා.

කෝඩ් ගේ Portable Softwares දන්සැල


මේ ලිපිය ලියන්න ඉස්සෙල්ලා මේ පිළිබඳ නොදැනුවත්ව හරි අදහසක් දුන්න ඩාර්ක් ට ස්තූතිය පිරිනමනවා. ඒකට හේතු පාදක වුනේ එයා අධ්‍යාපනය ලබන ආයතනයේදී මුහුණපාන්නට වුන දෙයක්. ඒ ගැන මීට පෙර ලිපියකින් මම කියා තිබෙනවා.

ඉතින් මම කල්පනාකලා යුනිකෝඩ් වගේම තවත් පහසුකම් ගොඩක් තැන්වල අත්හිටුවලා ඇති කියලා. සාමන්‍යයෙන් චැට් පහසුකම් එහෙම තහනම් කර ඇති ආයතන ගොඩක් තියෙනවා. ඒ වගේම ෆයර්ෆොක්ස් එහෙමත් තහනම් කරල ඇති. ඉතින් එහෙම පහසුකම් තහනම් කරල තියෙන ස්ථානවල සිටින අයට මගෙන් තෑගි කීපයක් තියෙනවා දෙන්න.

අද ඉඳන් ඇඩ්මින්ලාගේ ගෑස් බලන්න ඕනේ නෑ. මම ගානේ ඔයාලට පෝටබල් විදියට ක්‍රියාකරන Softwares කිහිපයක් ලබාදෙන්නම්. ඒවගේම ඉදිරියේදීත් මේවගේ වැදගත් Softwares කිහිපයක් දෙන්නත් බලාපොරොත්තු වෙනවා.


Google Talk Portable





Firefox Portable




Skype Portable






Yahoo Messenger Portable




ප්‍රතිචාර කිරීමට තරම් කාරුණික වන්න

යුනිකෝඩ් නැතිව සිංහල කියවන්න

මේ බ්ලොග් පිටුවට නිතරම එන වුල්වොරීන් නැතිනම් ඩාර්ක් ට පොඩි ප්‍රශ්නයක් තිබුනා. ඒ තමයි එයාලගේ කැම්පස් එකේ සිංහල යුනිකෝඩ් දාල නැතිලු. ඉතින් අනේමන්ද වෙබ් පිටුවේ එයාගේ දුක් ගැනවිල්ල ලියල තිබුනා.

මම ඉතින් පොඩි උත්සාහයක් යොදල බැලුවා මොකද්ද මට කරන්න පුළුවන් කියලා. උත්සහය සාර්ථකයි. මම පෝටබල් විදියට සිංහල යුනිකෝඩ් පරිවර්තනය කලා IExplorer එකත් එක්ක. ඩාර්ක් කියපු විදියට එයාගේ අවශ්‍යතාවය සම්පූර්ණ වුනාලු. ඔයාලත් උත්සාහ කරල බලන්න, සිංහල යුනිකෝඩ් නොමැති විට භාවිතා කල හැකි විදියක්.

මේක INSTALL කරන්න වුවමනා නෑ. කරන්න තියෙන්නේ භාගතකරගෙන EXTRACT කරගන්න. ෆොල්ඩර් එක ඇතුලේ තියෙනවා IEXPLORER.EXE කියල FILE එකක්. ඒක ක්ලික් කරන්න. හැබැයි මේක වින්ඩෝස් 7 නම් දුවන්නේ නෑ.


භාගත කරන්න


http://rapidshare.com/files/314202869/Sinhala_Unicode_Portable_Browser.rar

Trial Softwares දිගටම පාවිච්චි කරන්න

අන්තර්ජාලයේ ඇති බොහොමයක් මෘදුකාංග අතරින් නොමිලේ භාවිත කරහැකි වශයෙන් ගත හැක්කේ ඉතා සීමිත කොටසකි. ඒ අතරින් සමහරක් ටික කලක් භාවිත කර පසුව මිලදී ගත යුතු ආකාරයට පවතී. අද මම කියන්නේ එහෙම දින ගනනක් භාවිතා කලහැකි මෘදුකාංගයක් කොහොමද හැමදාටම භාවිතා කරන්නේ කියලා.

මේක ටිකක් විතර හොර වැඩක්. එහෙම කිව්වට අනුන්ගේ දෙයක් හොරා ගන්නවත් හොර කේත යොදන්නවත් අවශ්‍ය වෙන්නේ නෑ. කොහොමද මේක වැඩ කරන්නේ කියල බලනවනන්...

මේකට අපි භාවිතා කරන්නේ විශේෂ මෘදුකාංගයක්. ඒකට කරන්න පුළුවන් අපේ පරිගණකයේ වේලාව සහ දිනය වෙනස්ව තබාගන්න. පොඩි ඇස්බැඳුමක් වගේ. Trial Software එකක් කාලය වෙනස් වෙන්නේ නැතිනම් ඒක දිගටම පාවිච්චි කරන්න පුළුවන් සංකල්පයයි මෙතනදි තියෙන්නේ. වැඩි කථා ඕනේ නෑ. ඔයාලත් පාවිච්චි කරල බලන්නකෝ.

ක්‍රියාත්මක කරන ආකාරය :

1) කාලය නැවතුම් මෘදුකාංගයට යන්න
2) අවශ්‍ය මෘදුකාංගය තෝරා දෙන්න
3) තමන්ට කැමති දිනයක් වේලාවක් සඳහන් කරන්න. (EXPIRE දිනයට කලින් දිනයක්)
4) අදාල මෘදුකාංගය ක්‍රියාත්මක කරන්න.


භාගත කරන්න

files.getdropbox.com/u/657816/Programs/TS2.zip

වැඩේ හරි...

ඉල්ලo කෑම Part I නිසා සෑහෙන්ඩ බොන්ඩ වෙන ප්‍රශ්න වලට මුහුණ දුන්නා. අන්තිමට තමයි සීන් එක මුල ඉදලම තේරුණේ. හතිලව්වේ මොන තරම් කස්ටක් කෑවද මේ ෂෙයරින් ප්‍රශ්නයක් නිසා. මම කලින් පාවිච්චි කරපු තීම් එකෙ තමයි අවුල වෙල තිබිල තියෙන්නේ. අද දවසම ඒක හොය හොය හිටියේ. පස්සේ මට හිතුනා වෙන තීම් එකක් දාල බලන්න. තීම් හොයන එකත් කජු කනව වගේ ලේසි නෑනේ. ඒකටත් මට ගොඩක් වෙලා ගියා.

කොහොම හරි අමාරුවෙන් තීම් එකක් හොයගත්ත කියමුකො. ඒත් විජට්ටු අළුතින් දාන්න සහ මොඩිෆයි කරන්න වෙනව මතක් වෙනකොට මලම පනිනවා. තීම් එකක් දානකොට ඒටික සේව් කරගන්න පහසුකමක් බ්ලොග්ස්පොට් කස්ටිය සපයල නෑනේ. ඔය වෙලාවට තමයි හොද පද මතක් වෙන්නේ. අනේ අමාරුවෙන් කොල්ල තීම් එක දාගෙන මොඩිෆයි කරල කලින්ට වැඩිය ලස්සනට බ්ලොග් එක හදාගත්ත. මූණුපොතේ ෂෙයරින් එකත් හරි. යන්තම් මම ගොඩක් ගියා නැත්නම් තාමත් ඇදගෙන නානව ෂෙයරින් කරගන්න. තීම් එක ගැන කමෙන්ට්ස් දීපු අයට ස්තූතියි.

ඉල්ලo කෑම Part I

ඉදල ඉදල මමත් කරගන්න වැඩ කියල හිතෙනව වෙලාවකට. එහෙම හිතෙන්නේ ඊයේ මගේ අතින් වුන පොඩි අත්වැරැද්දක් නිසා. මගේ බ්ලොග් එක බලන අයට තේරුනාද දන්නේත් නෑ. කමක් නෑ මම කියන්නම්කො මොකද වුනේ කියලා. මම ඉතින් සාමාන්‍යයෙන් අනිත් බ්ලොග් එහෙමත් කියවනවා. ගොඩක් ඒවා බුක්මාර්ක් කරන් තියගෙන ඉන්නේ. ඉතින් ඔහොම බලනකොට ගොඩක් අයගේ බ්ලොග් වල තියෙනවා මූණුපොතට ෆීඩ් කරන්න පහසුකමක්. මම ඉතින් ගූගල් හදපු කෙනා බුදුවේවා කිය කිය සර්ච් කරන්න ගත්තා. පස්සෙ මූණු පොතෙන් ස්ක්‍රිප්ට් එකකුත් ගත්ත. කරුමෙ කියන්නේ බැකප් ගන්න තරම් ගණදෙවි නුවනක් පහලවුනේ නෑනෙ හැබෑට.

කොහොම හරි මට ඕනවුනේ එක් එක් මාතෘකා ලගින්ම එම ලින්ක් එක දාගන්න. එක තැනකදි මට තේරුනා වැඩිපුර කොඩ් කෑල්ලක් මගෙ අතින් මැකුන කියල. කෙලිය නේද තාප්පෙට දැන් මොකද කරන්නේ කියල කල්පනා කලා. කොහේ හරි තියෙන පිනකට තිබුන විජෙට්ටු කීපයක් සේව් කරගත්තා. කොහොමෙන් කොහොම හරි ආයෙත් තීම් එක අලුතෙන් දාන්න වුනා. අනේ කවුරු හරි පිනට ලැදි කෙනෙක් ඉන්නවනම් කියනවද කොහොමද කොතනටද කෝඩ් එක දාන්න ඕනේ කියල.

කථාවෙන් ගතයුතු පාඩම: හැමවිටම බැකප් ගන්න පුරුදු වෙන්න

ඩයලොග් " Buddy Finder "

අද උදේ ගුවන්විදුලියේ එක්තරා නාලිකාවක ගිය ප්රචාරක දැන්වීමක් අහන්න ලැබුනා. ඒකේ කියන විදියට එම ජOගම දුරකථන ජාලයට සම්බන්ධ ඕනෑම කෙනෙක්ගේ වර්ථමාන පිහිටීම (Current Location ) දැනගැනීමට පුළුවන්. කොහොමද එහෙම වෙන්නේ. සාමාන්යයෙන් සෑම ජOගම දුරකථන සේවාදායකයෙකුම තමන්ගේ සේවාලාභීන්ගේ පිහිටීම පිළිබද විස්තරයක් තියාගන්නවා. ඒත් මෙච්චර කාලෙකට එම දත්ත සාමාන්ය ජනයාට දැනගැනීමට අවස්ථාව සැලසුවේ නෑ. කුමන හේතුවක් නිසා එම පහසුකම ලබාදීමට එම දුරකථන ආයතනය පියවර ගත්තාද කවුරුත් දන්නේ නෑ. දැනට අපරාධ පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් එම පහසුකම වඩාත් උපයෝගී වෙනවා. ඕනෑම අපරාධකාරයෙක්ව ඔහුගේ ජOගම දුරකථනය ක්රියාකරීනම්, සිටින තැන සොයාගැනීමට මීට වඩා සOකීර්ණ තාක්ෂණයක් යොදා ගන්නවා.

දැන් අපි බලමු කොහොමද මෙම සේවය ලබගන්නේ කියා.....

සේවාව ලබාගැනීමට REG යනුවෙන් ටයිප් කර 779 අoකයට කෙටි පණිවුඩයක් යවන්න. එවිට අදාල තොරතුරු සමග ඔබට කෙටි පණිවුඩයක් ලැබෙනු ඇත. එවිට අදාල තොරතුරු සමග ඔබට කෙටි පණිවුඩයක් ලැබෙනු ඇත. තමන්ට අවශ්ය පුද්ගලයාගේ පිහිටීම ලබගැනීමට ප්රථමව තමන්ගේ බඩී ලිස්ට් එකට එම පුද්ගලයාව ඇතුලත් කර තිබිය යුතුය. එසේ ඇතුලත් කර ගැනීමට ADD [දුරකථන අOකය] [පුද්ගල නාමය] සදහන් 779 ට කෙටි පණිවුඩයක් යවන්න කර (වරහන් අවශ්ය නැති බව සලකන්න). අදාල පුද්ගලයාට එය පිළිබදව දන්වා යවයි. කැමති නම් තමන්ගේ පිහිටීම රහස්ය ලෙස තවදුරටත් තබාගත හැක.

තමන්ගේ බඩි ලිස්ට් එකේ සිටින කෙනෙකුගේ පිහිටීම බලාගැනීමට TRACK [අදාල අOකය] සටහන් කර 779 ට කෙටි පණිවුඩයක් යවන්න. කෙසේ හෝ තමන්ව කිසියම් කෙනෙකු නිරීක්ෂණය කරන බව අදාල පුද්ගලයාට දැනුම් දෙයි. ඔහුගේ අනු දැනුමක් නොමැතිව වෙනත් කෙනෙකුට පිහිටීම ලබගත නොහැක.

ඔබටත් ඩයලොග් දුරකථනය්ක් තිබේනම් අදම අත්හදා බලන්න.

අන්තර්ජාලයේ ජoජාල.....

ඊයේ රෑ අන්තර්ජාලයේ ප්‍රශ්න වගක් ඇතිවුනා. මම පාවිච්චි කරන්නේ රවුටර් එකක්. එකේ තිබුන විදියට සම්බන්ධතාවය තිබුනා. අයිපී ඇඩ්‍රස් එකක් මගේ රවුටර් එකට ලැබී තිබුනා. ඒත් ප්‍රශ්නය තිබුනේ වෙබ් පිටුවලට යන්නේ නැති එක. ඉතින් මට හිතුන ආයෙත් මොකෙක් හරි එකෙක් ෆයිබර් ලයින් එකට ඇරලද කියලත්. ඒ වෙලාවෙ මම ලොකු වැඩක හිටියෙ. කෝල් කරල බලන්නත් හිතුනා. පස්සේ කල්පන කලා කෝල් සෙන්ටර් එකේ අයට කතා කරනවට වැඩිය හොදයි නිකම් ඉන්න එක කියල. දවසක් කෝල් සෙන්ටර් කතා කරල මට මරු වැඩක් වුනා.

මම ඉන්ටර්නෙට් ගත්ත මුල් දවස් වල වැඩි තේරුමක් නෑ. පොඩි ප්‍රශ්නයක් වෙලා මම කතාකලා එස්.එල්.ටී එකේ කෝල් සෙන්ටර් එකට. අනේ අපරාදෙ කියන්න බැ එහා පැත්තෙන් කතාකලේ ගැහැනු කෙනෙක්. මම ඉතින් තියෙන ප්‍රශ්නෙ කිව්වා එය මගෙන් අදාල නැති ප්‍රශ්න ඇහුවා. රවුටර් එකේ සෙටින්ග්ස් හරිද කියල මගෙන් ඇහුවෙ. දෙයියනේ මෙච්චර දවසක් මම පාවිච්චි කලේ අහවල් එකද එතකොට.

කොහොම හරි ටික වෙලාවකට පස්සේ ගෙදරට කෝල් එකක් ආවා ටෙලිකොම් එකෙන් මට කිව්වා වැඩේ හරි කියලා. මම ඉතින් ඇහුවා මොකක්ද වෙලාතිබුනේ කියල. එතකොට මට කිව්වේ එයාලගෙ දෝෂයක් තිබුනේ කියල. මම ඉතින් කල්පන කලේ අර කෝල් සෙන්ටෙර් එකේ අය එතන ඉදන් අOජනම් බලන්න කලින් තමන්ගේ ආයතනයේ දෝෂ මොනව හරි තියෙනවනන් ඒව දැනගත්තොත් හොදයි නේද කියලා. ඊයේ වෙල තියෙන්න ඇත්තෙත් ඒවගේ මොකක් හරි වෙන්න ඇති. උදේ නැගිටල බලනකොට එළටම වැඩ ආයෙත්.
 
readbud - get paid to read and rate articles


Copyright © 2009 සිංහලෙන් අපි |Designed by Templatemo |Converted to blogger by BloggerThemes.Net