ඊයේ රෑ අන්තර්ජාලයේ ප්‍රශ්න වගක් ඇතිවුනා. මම පාවිච්චි කරන්නේ රවුටර් එකක්. එකේ තිබුන විදියට සම්බන්ධතාවය තිබුනා. අයිපී ඇඩ්‍රස් එකක් මගේ රවුටර් එකට ලැබී තිබුනා. ඒත් ප්‍රශ්නය තිබුනේ වෙබ් පිටුවලට යන්නේ නැති එක. ඉතින් මට හිතුන ආයෙත් මොකෙක් හරි එකෙක් ෆයිබර් ලයින් එකට ඇරලද කියලත්. ඒ වෙලාවෙ මම ලොකු වැඩක හිටියෙ. කෝල් කරල බලන්නත් හිතුනා. පස්සේ කල්පන කලා කෝල් සෙන්ටර් එකේ අයට කතා කරනවට වැඩිය හොදයි නිකම් ඉන්න එක කියල. දවසක් කෝල් සෙන්ටර් කතා කරල මට මරු වැඩක් වුනා.
මම ඉන්ටර්නෙට් ගත්ත මුල් දවස් වල වැඩි තේරුමක් නෑ. පොඩි ප්‍රශ්නයක් වෙලා මම කතාකලා එස්.එල්.ටී එකේ කෝල් සෙන්ටර් එකට. අනේ අපරාදෙ කියන්න බැ එහා පැත්තෙන් කතාකලේ ගැහැනු කෙනෙක්. මම ඉතින් තියෙන ප්‍රශ්නෙ කිව්වා එය මගෙන් අදාල නැති ප්‍රශ්න ඇහුවා. රවුටර් එකේ සෙටින්ග්ස් හරිද කියල මගෙන් ඇහුවෙ. දෙයියනේ මෙච්චර දවසක් මම පාවිච්චි කලේ අහවල් එකද එතකොට.
කොහොම හරි ටික වෙලාවකට පස්සේ ගෙදරට කෝල් එකක් ආවා ටෙලිකොම් එකෙන් මට කිව්වා වැඩේ හරි කියලා. මම ඉතින් ඇහුවා මොකක්ද වෙලාතිබුනේ කියල. එතකොට මට කිව්වේ එයාලගෙ දෝෂයක් තිබුනේ කියල. මම ඉතින් කල්පන කලේ අර කෝල් සෙන්ටෙර් එකේ අය එතන ඉදන් අOජනම් බලන්න කලින් තමන්ගේ ආයතනයේ දෝෂ මොනව හරි තියෙනවනන් ඒව දැනගත්තොත් හොදයි නේද කියලා. ඊයේ වෙල තියෙන්න ඇත්තෙත් ඒවගේ මොකක් හරි වෙන්න ඇති. උදේ නැගිටල බලනකොට එළටම වැඩ ආයෙත්.
1 month ago
4 ප්‍රතිචාර:
EEye wechcha de kiyala nene machan..
ඒකත් අර වගේම දෙයක්ලු. මම හවස යාළුවෙක්ගෙන් ඇහුවා. ටෙලෙකොම් එකේ තිබුන ප්‍රශ්නයක්ලු.
බ්ලොග් එක එලටම තියනව. දිගටම ලියන්න. සින්ඩ්යේ රෙජිස්ටර් වෙන්න දැම්ම නේද ?
තාම දැම්මේ නෑ
Post a Comment