ජීවත්වීම සහ ණය

අද ඉතින් සුපුරුදු රාජකාරි වලින් ඈත්වෙලා පුද්ගලික වැඩ වගයක් කරගන්න කියල ගියා අගනුවර පැත්තට. ඔහොම ගිහින් එන අතරෙ මගෙ යාළුවෙක් හම්බුණා. ආගිය විස්තර එහෙමත් කථාකරල කොහෙන් හරි රෝල් වෙලා ආවේ ජනාධිපතිවරණය. කොල්ල ඉතින් පොලිටික්ස් ගැන වැඩි අවධානයක් නැති නිසා සාවධානව අහගෙන හිටිය. වැඩිය තර්ක කරන්න ගියෙත් නෑ මොකද ඔය සම්බන්ධව වැඩි දැනීමක් නැති නිසා.

කොහොමෙන් කොහොමහරි මගේ යාලුවා කිව්ව අමුතු තාලේ කතාවක්. කිව්ව විදියට නම් මේ ලගදි කරපු සමීක්ෂණයක්ලු. ඒකට අරන් තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ සහ ලංකාවේ ජීවත්වෙන විධායක තනතුරු හොබවන පුද්ගලයන් 2 ක්. ඒගොල්ලෝ හොයගත්ත විදියට ලංකාවේ වාසය කරන පුද්ගලයාට රු 50,000 පමණ වැටුපක් ලැබෙන අතර ඕස්ට්‍රේලියාවේ වාසය කරන පුද්ගලයාට ඕ.ඩො 4,500 පමණ වැටුපක් ලැබෙනවා.

දැන්තමයි කථාවේ හොදම හරිය වෙන්නේ. ටිකක් කල්පනා කරල බලන්න මේ අදහස් ටික. සාමන්‍යයෙන් ලංකවේ නිලධාරියාට සුව පහසු වාහනයක් ගන්න අඩුම තරමේ රු ලක්ෂ 40 වත් යනවා. සම්පූර්ණ වැටුප වගේ 80 ගුණයක්. ඒකියන්නේ මාස 80 එක දිගට වැඩ කරන්න ඕනේ. (අනිකුත් වියදම් නොසලක හැර ඇත.)මාස 80 කියන්නේ අවුරුදු 6-7. ගෙයක් හදන්න හිතාගෙන ඉඩමක් එහෙම මිලදී අරන් ගෙයක් හදන්න තවත් ලක්ෂ 40 විතර යනව. ඒ කියන්නේ තවත් අවුරුදු 6-7 විතර වැඩ කරන මුදල් ඒකටම වියදම් වෙනවා. තව විදියකින් කියනවනම් ඇදුමක් ගන්න අපි හිතමු ඩෙනිමක් කියල, ඩෙනිමක් සාමන්‍යයෙන් රු 1000 විතර වෙනවා. එ කියන්නේ ඔහුගේ මාසික වැටුපෙන් ඩෙනිම් 50 විතර ගන්න පුළුවන්.

දැන් බලන්න ඕස්ට්‍රේලියාවේ තත්වය. ඕ.ඩො 2,00,000 ට විතර ජීවත් වෙන්න නිවසක් හොයගන්න පුළුවන්ලු (මට කිව්ව විදියට ) ඒ කියන්නේ අවුරුදු 3-4 විතර උපයන මුදලින්. වාහනයක් ගැන බැලුවොත් අළුත්ම යාරිස් කාර් එකක් ගන්න ඕ.ඩො 17,000 විතර යන්නේ. ඒ කියන්නේ මාස 4 විතර මුදලක් වැයවෙන්නේ. ඩෙනිම් වලින් ගත්තොත් එක් ඩෙනිමක වටිනාකම ඕ.ඩො 50 විතර වෙනවාලු. ඒකියන්නේ මාසෙක වැටුපෙන් ඩෙනිම් 90 ගන්න පුළුවන් කියන එකයි.

ඉස්සේල්ලා කරපු ගණනය කිරීම් වලට එදිනෙදා වියදම් නැතුව ගත්තේ. ඒවත් ගත්තාම මට හිතෙන විදියට මුළු ජීවිත කාලෙම ණය ගෙවන එක තමයි කරන්න වෙන්නේ අපේ රටේ මිනිස්සුන්ට. ගෙවීමේ ක්‍රමයට ගන්නවා කියන්නේ අදාල වටිනාකමට වඩා වැඩි මුදලක් ගෙවන්න වෙන එකයි. ඕස්ට්‍රේලියාවේ ජීවන වියදම වැඩියි කියල කිව්වාට එයාලගේ ආදායමත් එක්ක බලනකොට වියදම අපිට වැඩිය ගොඩක් අඩුයි. පොඩි ඇන්දීමකට පාවිච්චි කරලා තියෙන්නේ රුපියල් පරිවර්ථනය කිරීමයි. කාගෙද වැරැද්ද.

0 ප්‍රතිචාර:

 
readbud - get paid to read and rate articles


Copyright © 2009 සිංහලෙන් අපි |Designed by Templatemo |Converted to blogger by BloggerThemes.Net