ඔන්න මම අද කියන්න යන්නේ මගේ අලිමංකඩ චාරිකාව ගැන. ඔයාල බලයි මේ අසනීපෙන් හිටපු කෙනා කොහොමද එකපාරට අලිමංකඩ ගියෙ කියලා. ඇත්තම කියනවනං මම අලිමංකඩවත් පාමංකඩවත් ගියෙ නෑ. හැබැයි අලිමංකඩ චිත්‍රපටිය නම් බලන්න ගියා.
කොල්ලට වැඩ ටිකක් අඩුවුන නිසා යාලුවො කීපදෙනෙක් සෙට් කරගත්ත අලිමංකඩ බලන්න යන්න. නියම චිත්‍රපටිය හැබැයි. මීට කලින් හමුදාවල විරුවන්ව හෑල්ලු කරල චිත්‍රපට හැදුවට මොකද මේක නම් එහෙම චාටර් එකක් නෙමෙයි. අද කාලේ නිතරම දකින්න ලැබෙන දෙකයි පනහේ චිත්‍රපටි ගැන බලනකොට හරයක් තියෙන චිත්‍රපටියක් කියල කියන්න පුළුවන්.
හමුදා නිලධාරියෙක් සහ ද්‍රවිඩ කාන්තාවක් තමයි ප්‍රධාන චරිත දෙක. තමාගේ සැබෑ නොවූ සිහිනය හමුවේ හිස එසවීමට උත්සාහ කරන කාන්තාවක් ගැනද. නොයෙක් අභියෝග වලට මුහුණ දෙමින් තම මෙහෙවර අකුරටම ඉටු කරන කපිතාන්වරයකු ගැනද, ඔහුගේ එම ක්‍රියාදාමයෙන් අලිමංකඩ මුදාගැනීමට හැකිවීමද චිත්‍රපටියේ සාරංශය විදියට කියන්න පුළුවන්. මට දැනගන්න ලැබුන විදියට සැබෑ යුද්ධයට අලලා නිර්මාණය වූ චිත්‍රපටියකි.
තාමත් බලන්න ලැබුනේ නැතිනම් බලන්න ඉක්මනටම. පවුලේ හැමෝටම නරඹන්න පුළුවන්
ඉතින් අලිමංකඩ බලල එනකොට මම දැක්කා මගදි බිංදු ඉන්නවා. අපෙ අප්පොච්චියේ බ්ංදු තාමත් පෙන්නනවා. කමක් නෑ ඉතින් ලංකාවේ පොඩිහිටියන්ට චිත්‍රපටි හදන්නේ බොහොම කලාතුරකින් නේ. ඔන්න පවුලේ සැමට කියල එකක් ආවොත් මොකක් හරි කුනුහරුප කතාවක් දෙකක් කියල මිනිස්සුන්ව හිනස්සනවා. ඕකම තමයි ලංකාවේ චිත්‍රපටි එපාවෙන්නේ. කීයෙන් කීයද හොඳයි කියන්න පුළුවන් ඒවා තිබුනේ. අනිත් ඔක්කොම තේරුමක් නැති ඒවානේ. කොහොම හරි කමක් නෑ. වැඩිහිටියන්ගේ චිත්‍රපටි වගේම පොඩිහිටියන්ටත් චිත්‍රපටි නිර්මාණය වෙනවනන් තමයි හොඳ.




