ඉල්ලo කෑම Part I

ඉදල ඉදල මමත් කරගන්න වැඩ කියල හිතෙනව වෙලාවකට. එහෙම හිතෙන්නේ ඊයේ මගේ අතින් වුන පොඩි අත්වැරැද්දක් නිසා. මගේ බ්ලොග් එක බලන අයට තේරුනාද දන්නේත් නෑ. කමක් නෑ මම කියන්නම්කො මොකද වුනේ කියලා. මම ඉතින් සාමාන්‍යයෙන් අනිත් බ්ලොග් එහෙමත් කියවනවා. ගොඩක් ඒවා බුක්මාර්ක් කරන් තියගෙන ඉන්නේ. ඉතින් ඔහොම බලනකොට ගොඩක් අයගේ බ්ලොග් වල තියෙනවා මූණුපොතට ෆීඩ් කරන්න පහසුකමක්. මම ඉතින් ගූගල් හදපු කෙනා බුදුවේවා කිය කිය සර්ච් කරන්න ගත්තා. පස්සෙ මූණු පොතෙන් ස්ක්‍රිප්ට් එකකුත් ගත්ත. කරුමෙ කියන්නේ බැකප් ගන්න තරම් ගණදෙවි නුවනක් පහලවුනේ නෑනෙ හැබෑට.

කොහොම හරි මට ඕනවුනේ එක් එක් මාතෘකා ලගින්ම එම ලින්ක් එක දාගන්න. එක තැනකදි මට තේරුනා වැඩිපුර කොඩ් කෑල්ලක් මගෙ අතින් මැකුන කියල. කෙලිය නේද තාප්පෙට දැන් මොකද කරන්නේ කියල කල්පනා කලා. කොහේ හරි තියෙන පිනකට තිබුන විජෙට්ටු කීපයක් සේව් කරගත්තා. කොහොමෙන් කොහොම හරි ආයෙත් තීම් එක අලුතෙන් දාන්න වුනා. අනේ කවුරු හරි පිනට ලැදි කෙනෙක් ඉන්නවනම් කියනවද කොහොමද කොතනටද කෝඩ් එක දාන්න ඕනේ කියල.

කථාවෙන් ගතයුතු පාඩම: හැමවිටම බැකප් ගන්න පුරුදු වෙන්න

0 ප්‍රතිචාර:

 
readbud - get paid to read and rate articles


Copyright © 2009 සිංහලෙන් අපි |Designed by Templatemo |Converted to blogger by BloggerThemes.Net