නිදි නෑ


අද මහ චාටර් දවසක්. හවස මහ සද්දෙට ගොරවගෙන ආවට පොළොව හරියට තෙමෙන්නවත් වැස්සේ නෑ. අර සමහරු කියන්නේ සද්දේ තිබුනට වැඩ නෑ කියල. අන්න ඒ වගේ සීන් කෝන් එකක් තමයි අද වැස්සටත් වුනේ. සද්දෙයි වැඩයි ගැන කථා කරනකොට ඇදිලා එන්න හදන්නේ මම වැඩිය කථා කරන්න අකමැතිම මාතෘකාව ගැන. වෙන මොකවත් නෙමෙයි දේශපාලනය. අපේ නම ඇහෙනකොටත් බෝරින්ග් වගේ. ඒවුනාට අද කොල්ලා පොඩි විවෘත සාකච්ඡාවක් ගියා අනේමන්ද.කොම් එක ඇතුලේ. කොහේ ගියත් අපි අපිමයි කියල වැඩිය දරුණුවට ගියෙ නෑ. ගහගන්න මරාගන්න ගියෙත් නෑ.

ඉතින් ඒක නෙමෙයි මම කියන්න ගියේ මේ ලඟදි දවසක මට ඇහුනා එංගලන්තයේ අල්කයිඩා ත්‍රස්ත ප්‍රහාරයක තොරතුරු වාර්තා වුනා කියලා. දැන් මහ සද්දෙට කොටි ත්‍රස්ථවාදීන්ට කඩේ ගිය ඇත්තන්ට වැලේ වැල් නැතුව යන්න හදන්නේ. අර කියමනක් තියෙන්නේ තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලෙට වඩා අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද පේනවා කියලා. අනේ හැබෑට මෙහෙමත් සුද්දො. එංගලන්තය විතරක් නෙමෙයි ලෝකේ බලවතා විදියට පුම්බං ඉන්න ඇමරිකාවටත් වැඩේ කොයි වෙලාවේ කෙලවිලා යයිද දන්නේ නැතිලු. හිලරි නෝනට මොනවද දන්නේ නෑ මේ දවස් වල කියන්න තියෙන්නේ. ඔන්න එයාගේ ඡන්ද වැඩ වලට ඔසාමා බින් ලාඩන් එහෙම සපෝට් කලා නම් මෙලහටත් හිලරි ඔසාමට කඩේ ගිහින්.

හවස පොඩ්ඩක් විතර ජංජාලේ පිස්සුවක් කෙලින්න ගත්තා වගේ. ටිකක් විතර වේගය අඩු වුනා. සමහර විට වැස්ස හන්දා දත්ත වලට ගමන්කරන්න කම්මැලි හිතුනද දන්නේ නෑ. මහ රෑ වුනත් මට නින්ද යන්නේ නැති ලෙඩේට බේතකුත් ගන්න වෙයි වගේ. නින්ද යනකන් කියල ඔන්ලයින් පත්තර ටිකත් බලල ඉවරවෙලා සුපුරුදු අනේමන්ද ෆෝරම් එකේ කරක් ගහන් ඉන්නවා. වෙන කරන්න දෙයකුත් නෑනේ. ඉතින් හිතුනා මොනව හරි බ්ලොග් එකේ ලියන්නත්.

10 ප්‍රතිචාර:

said...

උඹ ගියේ SBU නැද්ද සුහද හමුවට?

C0dE | කෝඩ් said...

ගියෙ නෑ මරේ. අනිත් කස්ටිය ගියාද දන්නේ නෑ.

said...

ගිහින් ගිහින් . වැඩේ නැගලා ගිහින් උඹ FB එකේ Photos දැක්කේ නැද්ද?

C0dE | කෝඩ් said...

ම්....... බලන්නම් තාම ඒ පැත්තට ගියෙ නෑ.

උදාරයා said...

දේශපාලනේ නම් බොරින් නෙද ? එ උනත් මොකො කියලා මාත් අදහස් දෑම්මා

C0dE | කෝඩ් said...

ඒක තමයි වැඩේ...... අපි තර්ක කරනවා පිට මිනිස්සු රජ වෙනවා

Dar[K] said...

හ්ම්ම් දැන් නම් බොරින් වෙලා ඉන්නේ :(

C0dE | කෝඩ් said...

හික් හික්........අරය මෙයාට බනිනවා මෙයා අරයට බනිනවා. අපි මැද්දට වෙලා අහං ඉන්නවා.

malee_msg said...

මම මේක මුලයි අගයි විතරයි කියෙව්වේ දේශපාලනේ ස්කිප් කලා.. හොදයිනේ..

C0dE | කෝඩ් said...

ඔව් ඔව් මේ දවස් වල බෝරින්ම සබ්ජෙක්ට් එකනේ.

 
readbud - get paid to read and rate articles


Copyright © 2009 සිංහලෙන් අපි |Designed by Templatemo |Converted to blogger by BloggerThemes.Net