අද අසනීපයි .....

අද පුදුම කම්මැලි කමක්. නැගිටිනකොට නිකං ඔලුවේ කැක්කුමක් වගෙත් තිබුනා. උදේ නැගිට්ට කියල කිසිම ෆිට් එකක් තිබුනෙත් නෑ. වෙනදට දඩස් ගාල නැගිටින මට අද එහෙම නැගිටින්න පණ තිබුනෙත් නෑ. ටිකක් වෙලා ඉඳල කිබුහුමක් දෙකක් යනකොට තමයි වැඩේ තේරුණේ. අද කාලෙකින් අඩව්වක් අල්ලන්න හදන්නේ කියල හිතුනේ එතකොටයි.

මේක මහ කරුමයක්නේ. එක දිගට කිබුහුම් යනව. නිකං නහයත් ගැලවිලා යන්න සයිස් එකට වැඩේ සිද්ධ වෙන්නේ. කවුරු හරි ලඟ හිටියනම් කියයි "ඔන්න උඹව කවුරු හරි මතක් කරනවා" කියල. වෙලාවට එහෙමවත් කියල හිත හදාගන්නවත් විදියක් නෑ නේ. සමහන් එකක් හදාගෙන බීල කොල්ලා උදේට කන්න ගත්ත. ඒකත් කෑවේ පුදුම අප්පිරියාවකින්. වැඩිය නෑ කටවල් දෙකයි කෑවේ ඉතුරු ටික අපේ සුනඛ බුවාට. මෑන්ස්ටත් ෆුල් හැපි, අද ටිකක් කලින් උදේට කන්න හම්බුන එකට. ඒක වෙන්න ඇති වෙනදට වැඩිය වලිගෙන් සිග්නල් දැම්මේ හොඳට.

වැඩේ එන්න එන්නම අප්සට් වෙනව වගේ ඇඟට දැනෙනකොට ඇඳ ගාවට පැනඩෝල් දෙකකුත් ලැබුනා. ඒ වෙලාවේ නම් අම්මප අර ටීවී ඇඩ් එකත් මතක් වුනා. "මගේ නිසැක තේරීම පැනඩෝල්" කියල ඉඳල හිටල ටීවී කොමර්ෂලුත් යනවනේ. ඒ අතරේ වෙලාවකට හිතෙනවා සූකර උණද කියලත්, කියන්න බෑ ඉතින් මේ කාලේ එක එක මඟුල් තියෙනවනේ.

ඇඳට වෙලාම ඉන්නවා කියන්නේ මහ එපාම කරපු වැඩක්. මෙලෝ රහක් නෑ. ඒකයි ගෙදරින් කුණු බැනුම් අහගෙනත් මැෂිම ඉස්සරහට ආවේ. ඉතින් ඔහොම ඉන්නකොට හිතුනා බ්ලොග් එකේ මොනව හරි ලියන්න. ලියන්නම කියල විශේෂ දෙයකුත් නැති එකේ මගේ අසනීප තත්වය ගැන ලියන්න හිතුනා.

8 ප්‍රතිචාර:

දුකා said...

hora leda nogena nagitala naagagin . . etakota oya okkoma leda hoda wenawa .. hik hik

C0dE | කෝඩ් said...

එල එල... නාල බලන්න නම් පුළුවන් ඊට කලින් කියන්න දවස් 7කින් නිවාඩු දාන්න පුළුවන්ද කියලා. ;)

DarK said...

ah dan lokka mokakda karanna hithan inne

C0dE | කෝඩ් said...

දැන් නම් උණ ටික ටික අඩුයි. ඒත් වැඩි වෙයිද කියන්න බෑ.

Anonymous said...

දැන් ලෙඩ හොදද මල්ලී ?
ඇත්තටම කියන්නේ, බේත් ගනිං..
Swine flue ද දන්නෙත් නෑනේ...

C0dE | කෝඩ් said...

උණ නම් හොඳයි අයියේ... ඒත් මේ මල ඉලව් ඇඟේ අමාරුව තමයි ඉතින්.

Buru Babe said...

better u take a rest. blood test ekak karaganna eka nam hondhai vagea nedha?

get well soon

Hugs n Luv

C0dE | කෝඩ් said...

බොහොම ස්තූතියි බුරු අක්කේ ඔයාගේ විෂ් එකට. ආයෙත් උණ ගැනුනොත් ලේ චෙක් කරන්න කිව්වා. මටනම් හිතෙන්නේ අවුලක් යන එකක් නෑ.

 
readbud - get paid to read and rate articles


Copyright © 2009 සිංහලෙන් අපි |Designed by Templatemo |Converted to blogger by BloggerThemes.Net