මේක ගොඩක් ඕන වෙන්නේ තීම් වෙනස් කරනකොට ඒවගේම කවුන්ටරේ ස්ථාපනය කරද්දි මොනව හරි අඩුපාඩුවක් එහෙම වුනානම්. ඉතින් මගේ කවුන්ටරේ ගැන කියනවනං ඒකත් හරියටම ස්ථාපනය වෙලා තිබුනේ නෑ. මොකක් හරි හේතුවක් නිසා. ඉතින් මම බැලුවා මොකද කරන්නේ කියල. අර වෙලාවකට පහල වෙන ගණදෙවි නුවණ නිසා මේ වැඩෙත් ගොඩ ගියා. මම ඔයාලට ඉස්සෙල්ලාම පොඩි උදාහරණයක් පෙන්නන්නම්. මගේ කවුන්ටරේම උදාහරනයට ගන්නම්කෝ.

img border="0" alt="free counters" src="http://s05.flagcounter.com/count/fFLk/bg=FFFFFF/txt=000000/border=CCCCCC/columns=3/maxflags=248/viewers=1/labels=1/pageviews=1/"
දැන් මම මේ ස්ක්‍රිප්ට් එකේ සමහර කොටස් විස්තර කරන්නම්. මේවා ඔයාලට වෙනස් කරන්න පුළුවන්.
bg=FFFFFF => තිරයේ වර්ණය
txt=000000 => අකුරු වල වර්ණය
border=CCCCCC => රාමුවේ වර්ණය
columns=3 => සිරස් පේලි ගණන
maxflags=248 => පෙන්විය හැකි උපරිම රටවල් ගණන
labels=1 => ලේබලය පෙන්වීම හෝ නොපෙන්වීම
pageviews=1 => දැනට ආව ගිය ගණන
(1 යනු පෙන්වන්න 0 යනු නොපෙන්වන්න)
වර්ණ මාරු කිරීමේදී characters 6ක් ම ඇතුලත් කිරීමට සැලකිලිමත් වන්න.
දැන් මොකද කියන්නේ. වැඩේ සුන්දරයි නේද. ගොඩක් අයට මේක ප්‍රයෝජනවත් වේවි. අලුත් අලුත් තීම්ස් වලට අනුව කවුන්ටරේ වෙනස් කරගන්න පුළුවන් ඔයාලටත්. අදම අත්හදා බලන්න.
4 ප්‍රතිචාර:
ප්‍රතිචාරයක් එහෙම දාල යන්න බයවෙන්න එපා :D
නියමයි..මචන්...ගොඩක් ප්‍රයෝජනවත් පෝස්ට් එකක්....එල...
එල එල තැන්කූ කිව්වා
අදහස මරු... ආහ් මේ මටත් මරු ගෑජමෑටික් 1ක් සෙට් උනා... කස්ටම්යිසේශන් පාරක්
Post a Comment