කොරේ පිටට මරේ.........

කොරේ පිටට මරේ කියල කථාවට කිව්වට මොකද අදනම් මට වුනේ ඒ වගේ වැඩක්. අද දවස විවේක සුවෙන් ගතකරන්න කියල හිතාගෙන හිටියේ. ඉතින් ටිකක් දවල් වෙලා නැගිටල උදේට කාල පත්තරේ බලන්න ගත්ත විතරයි ගෙදරට ආවා කට්ටියක්. ආවෙත් විශේෂ හේතුවක් නිසා ඒ මොකද දන්නවාද. එයාලගේ කම්පියුටර් එක හදන්න ගෙනල්ලා ටිකක් කල්. එහෙම ගෙනාවේ එයාලගේ කම්පියුටර් එක ෆෝමැට් කරලා ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක හදාගන්න බැරුව. මේක එසේ මෙසේ කනෙක්ෂන් එකක් නෙමෙයි CDMA දුරකථනයකින් ගන්න සම්බන්ධතාවයක්. කලින් දවසක හදන්න බලපුවාම ෆෝන් එකේ ඇන්ටනාව නැති නිසා වැඩේ අතෑරල දැම්මා. අද ඒක ගෙනත් දෙන්න ආපු ගමන්.

ඉක්මනට ඉවරකරගන්න පුළුවන් වෙයි කියල හිත හිතම වැඩේට බැස්සා දෙයියනේ කියලා. ෆෝන් එක ගහපුවාම ඒක ඩිටෙක්ට් කරන්නේ නෑ. අවුල තියෙන්නේ USB SERIAL CONTROLLER කියලා ඩ්‍රයිවර්ස් ඉල්ලනවා. ඉතින් ඒකත් ජංජාලෙන් හොයල හොයල දැම්මා කියමුකෝ. දාල ඔන්න ඒ ගමන ෆෝන් එකෙන් ඩයල් වෙන්නේ නෑ. මොන මගුලක්ද මන්දා කියලත් හිතුනා. ඔහොම ක‍ටුකන්න ගියාම මැෂින් හදන එක එපාම වෙනවා. නිකමට ෆෝන් එකේ සෙටින්ග්ස් චෙක් කලාම තේරුනේ ඒකත් වෙනස් කියලා. කොහොම හරි කොල්ලා යන්තම් ගොඩ දාගත්තා. අම්මෝ පැය ගානක් ගියා ඒක හදන්න. අන්තිමට එයාල මැෂින් එකත් අරං ගියා. කරන්න හිටපු එක වැඩක්වත් කරන්න ලැබුනේ නෑ.

කමක් නෑ දවල්ට කාලම රෙදි ටිකක් හෝදලා ටිකක් ඇලවෙන්න ඕනේ කියල හිතුවේ. වැඩි වෙලාවක් එහෙම ගියේ නෑ ගෙදර ට්‍රිප් එක ගියා. මගේ යූ.පී.එස් එක බෙරිහන් දෙන නිසා ඒක ඕෆ් කරන්න ගියාම නිකං කර ගඳක් දැනුනා. බැලින්නම් මොනිටර් එකෙන් එන්නේ දඩි බිඩි ගාල වයර් ගැලෙව්වා. දැන් මොකද කරන්නේ. මැෂිම නෑ කියන්නේ මට නම් අතක් පයක් නැති වුනා වගේ තමයි. ඒකත් දවසේ දින චරියාවේ ප්‍රභල අංගයක්නේ. බිල් එක හොයල බැලුවාම වොරන්ටිත් තියෙනවා. අද ෂොප් එක ඇරල නිසා අරං යන්න ඕනේ කියල තීරණය කලා. ඉතින් කොල්ලා ආයෙත් කරන්න හදපු වැඩ ඔක්කෝම ටික පැත්තකින් තියලා මොනිටර් එක අරගෙන ගියා. ඒක බලල එයාල කිව්වේ නැතැයි තව සතියකින් තමයි කොම්පැනි යවන්නේ කියලා. මට ඉතින් හොඳ පදය මතක් වුනා. ඒ වුනාට සද්ද වහගෙන හිටියා.

ඒ වැඩේත් කරල එනකොට ඔන්න තව යාලුවෙක් කෝල් කරල කියනවා "මචං මැෂිමේ අවුලක් හදලා දෙන්න පුළුවන්ද කියල" අනේ ඉතින් මේ අහිංසකයටමනේ කෙල වෙන්නේ කියල මිනිහගෙ ගෙදරත් ගිහින් ඒකත් හදල දීල ගෙට ගොඩ වුනා. ෆෝකසින් අවුල් වුන පරණ මොනිටර් එකක් වෙලාවට ගෙදර තියෙන නිසා මම මේ දවස් ටිකට අමාරුවෙන් හරි නෙට් එනවා. අපරාදේ කියන්න බෑ ඒ අතින් නම් මම ගොඩ. අද මට වුන දේ ගැන අපේ කස්ටියට කියන්න ඕනේ කියල හිතුනා. ඔයාලටත් මේ වගේ කරුම දවස් එහෙම උදාවෙලා නැද්ද.


සමහරුන්ට නත්තල් තියෙන නිසා " සුභ නත්තලක් වේවා " කියලත් කිව්ව ඔන්න.

7 ප්‍රතිචාර:

malee_msg said...

කම්පීටර් කථා නොවුනට ඔය වගේ ‍දවස් මටත් තියනවා අනන්තවත්..!! හපොයි එහෙම දවස් වලට කැද ඕන්නෑ..
කොහොම උනත් ඔයාටත් සුභ නත්තලක්!

Anonymous said...

මේකට කමෙන්ට්ස් දාන්න බැරියෝ... මේ 3 වෙනි වතාව.. ඉස්සෙල්ලා ලියපු ඔක්කොම ගියා.. මේක ගියේ නැත්නම් ට්‍රයි කරන්නේ නැතෝ..

කෝඩයෝ උඹට සුබ නත්තලක් !!

C0dE | කෝඩ් said...

@මලී

අනේ මචං ස්තූතියි කමෙන්‍ටුවට. මේ මොනිටර් එක අවුල් ගොඩාක්ම. පැහැදිලි මදි

@පිස්සා

අයියේ කමෙන්‍ටු වැටෙන්නේ නැතිද එහෙමත් නැතිනම් උදාහරණයක්ද කිව්වේ. කොහොම වුනත් ස්තූතියි කමෙන්‍ටුවට.

ආදර කතාව said...

http://adarakatawa.blogspot.com/

මේකත් කියවල බලල හොදයි වගේනම් ඔබගේ ප්‍රතිචාරයත් කියලම යන්න

said...

මටනම් පෙන්නනන් බැරි වැඩක් තමා කැඩිච්ච කොම්පියුටර් එක්ක සෙල්ලං කොරන එක.

C0dE | කෝඩ් said...

අම්මප මරේ ඒවගේ ක‍ටු නම් තිත්තම වෙලා මට

Mandy said...

අනේ අපොයි... මේ ලමයට වෙලා තියෙන ඇබැද්දියක්... මං ඔයාට කියන්නද වැඩක්...
මිනිස්සු ලැප්ටොප් උස්සන් එද්දි හැංගෙන්න...
මගෙ අත්දැකීමෙන් කියන්නෙ... :)

 
readbud - get paid to read and rate articles


Copyright © 2009 සිංහලෙන් අපි |Designed by Templatemo |Converted to blogger by BloggerThemes.Net