යාන්තම් තිබුන අමාරු ටික අඩුවෙලා ගියා. කොල්ලේගේ සෞඛ්‍ය තත්වය හොඳයි කියන්නේ ඉතින් සාමාන්‍ය විදියට වැඩ ටික කරගන්න පුළුවන් කියන එකයි. බයිස්කෝප් වෙබ්පිටුවේ කස්ටියට පිං සිද්ධ වෙන්න හොඳ ෆිල්ම්ස් ටිකකුත් බලාගත්තා ගෙදර හිටිය කාලෙදි.රෑට බානවා දවල්ට බලනවා ඒකත් ආතල් වැඩේ. නිකං තියෙන ජංජාලෙනේ.
රටේ අළුත් විස්තර මොනවද කියන්නවත් දන්නේ නෑ. මොකද නිව්ස් කියල යන්නේත් මඩ ගහගන්න ඒවානේ. ජනවාරි ඉවරවෙනකන් ටීවී බලන එක අඩු කරන්න කියල කල්පනා කලේ. ඒ අතරෙ ඉතින් ලොකු ලොකු කට්ටිය කියන කථා වටින් ගොඩින් ඇහෙනකොට ආයෙත් රූපවාහිනියේ අගය තේරෙන්න ගන්නවා.
අද ඉතින් කොල්ල ගියා පොඩි රවුමක්. රවුමක් කිව්වට ගෙදර ඉඳල එපා වුන නිසා ගියා ටවුම පැත්තට. නත්තල් කාලේ හින්දා වෙන්න ඇති මිනිස්සු මෙච්චර උනන්දුවෙන් බඩු ගන්නේ. නත්තල් කාලෙටයි අවුරුදු කාලෙටයි සෙනඟ වැඩියි. කඩවල්වලටත් ජයටම ඇති ඉතින්. වෙනදනම් ඉතින් මොන උත්සවය තිබුනත් මිනිස්සු ගෙවල් වලින් බහින්නේ පණපිටින් ගෙදර එන්න පුළුවන්වෙයිද කියන සැකය උඩනේ. විශේෂයෙන් කොළඹ වගේ තදාසන්න නගරවල ගැවසෙන්නත් මිනිස්සු බයවුනා. කොහොම හරි යුද්ධය ඉවරවුනාට පස්සේ මහජනයාට නිදහසේ බයක් සැකක් නැතිව යන්න එන්න පුළුවන්.
කථාවේ අවසානයටත් ආවා ලෙඩ වෙලා ඉන්නකොට බ්ලොග් එකේ කමෙන්ට් දාල මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරපු හැමෝටම ස්තූතියි. ආයෙත් අළුත් අළුත් දේවල් ලියන්න ගන්නම්. ජයවේවා.
1 month ago
10 ප්‍රතිචාර:
උඹේ ලෙඩ හොදනම්, එක තැනකට වෙලා හිටපිය..
රෝන්දේ යන්නේ නැතුව..
ඔයාගේ බ්ලොග් එක, මට හැමදාමත් මිස් වෙනවනේ මල්ලී, සින්ඩියේ නැද්ද මේක??
ඇයි නැත්නම් මිස් වෙන්නේ ??
ආ..මාත් අදයි මේ පැත්තේ ආවේ..ඔහේ ජංජාලේ රස්තියාදුවේ යද්දි හම්බ වුණේ ;-)
මගේ ගූගල් රීඩරේට දා ගන්නවා දැන් ඉතින්!
@පිස්සා
කම්මැලි හින්ඳා රවුමක් ගැහුවේ අයියේ.
මම සින්ඩියට ඇප්ලයි කලා තාම ප්‍රතිචාරයක් නෑනේ. ඔයා දැන් මේක ෆලෝ කරන නිසා මිස් වෙන එකක් නෑ ඉස්සරහට. ස්තූතියි උපදේශයට
@LG
සාදරයෙන් පිළිගන්නවා ඔයාව.
මට කලින් කියන්න අමතක වුනා. මම තාම බ්ලොග් වලට ආධුනිකයෙක්. ඉතින් මගෙන් පොඩි පොඩි අඩුපාඩු තියෙනවනන් මාව දැනුවත් කරන්න හොඳේ.
මාත් අළුත් මල්ලී.. මගේ තාම පෝස්ට් 27යි.. මම කාලයක් මේක දිහා බලන්නේවත් නැතුව හිටියනේ...
කොහොම උනත් පුළුවන් දෙයක් කරන්නම්..
ඔයාට ඕනේ දේ කියන්නකෝ...
ආපහු ඇප්ලයි කරලා බලන්නකෝ.. සමහර විට සින්ඩියේ මුකුත් අවුලක්ද දන්නෙත් නෑනේ..
එහෙම නැත්නම්, උඹ අසභ්‍යය දේවල් ලියලා තියෙනවද දන්නෙත් නෑනේ..
හෙ හේ...
ආයෙත් ට්‍රයි එකක් දාල බලන්නම් අයියේ.
ඔව් ඔව් අසභ්‍ය ඒවා ගොඩාක් තියෙනවා. හික් හික්
මාත් මෙහේ ආවේ අදනේ... කොහොම හරි මං එද්දි ඔයාට සනීප වෙලා.. ඒක හින්දා ඔන්න මොකුත් අරගෙන නම් ආවේ නැහැ හොදේ..
ආ.... ඒකට කමක් නැ මලී. හොඳ හිත අරන් ආවනේ ඒ ඇති.
අහ් දැන් සනීපයි නේ එහෙනම් ආපහු ලියපන් . . . පිස්සා කිව්ව වගේ රෝන්දේ ගහන්නේ නැතුව
අනිවා අයියේ, දැනුත් ලිව්වේ රෝන්දේ ගහපු සීන් එකක් තමයි.
Post a Comment