
තේ කිව්වොත් ඉතින් කාගෙත් දුකට සැපට ඉන්න කෙනෙක්. සමහරු නම් කියයි බීම වලින් තියෙන හොඳම දේ කියලත්. ගමේ ගොඩේ ඕනෑම තැනක කොහෙන් හරි කහට එකක් බොන්න තැනක් තියෙනවා මයි. නගරෙට ගියත් තේ, ගමට ගියත් තේ. අපි කොච්චර රස කර කර බිව්වත් බොන්නේ තේ වල අහක දමන දේවල්. හොඳ ටික සුද්දට නරක ටික අපිට. ඒකත් ඉතින් රජ පානයක් වගේ තමයි. නගරයේ නම් ටිකක් විතර හොඳ තේ රස බලන්න පුළුවන්. තේ පැකට් එකක් උණු වතුර එකකට දාල සීනි ටිකක් දාල නිකන් කෘතිම විදියට බිව්වට මට නම් තේ වල නියම රස විඳින්න හම්බවෙන්නේ නෑ.
කවුරු මොනව කිව්වත් ගමේ කඩේ තේ එක වගේ හොඳට තේ එකක් බොන්න නගරයෙන් බෑ. ඒකට කිතුල් හකුරු කෑල්ලක් වගේ එකතු වුනනම් ඉතින් ෂා...... කටට කෙලත් උනනවා. ඉස්සර මට මතකයි අපි ගොයම් වැඩට ගියාම කිතුල් හකුරුයි කහට එකයි. ඒකේ තියෙන්නේ පුදුම ගතියක්. කහට කෝප්ප දෙකක් වුනත් වක් කරගෙන බොනව ඒකේ රසට. අද ඉතින් නගරේ ඉන්න සමහර ඈයො ඕව දන්නේ නෑ. ඕව බොන්නේත් නෑ. බොන්නේ කෘතිමව හදපු එක එක බීම. හකුරු නැති දවස් වලට තව ක්‍රමයක් තියෙනව. සීනි ටිකක් අල්ලට හලාගෙන චුට්ට චුට්ට සීනි වලයි කහට වලයි රස විඳින එකත් නරකම නෑ.
දවසක් ජපානේ ඉඳන් ආව මගේ යාලුවෙක් තේකොල පැකට එකක් දුන්නා ට්‍රයි කරල බලන්න කියල. අපේ රටේ වගේ නෙමෙයි ජපානේ විදිය හාත්පසින්ම වෙනස්. අපි තේ කොළ හොඳට වේලනවා. ඒත් ජපානයේ එහෙම කරන්නේ නෑ (Green Tea). ඒක ටිකක් විතර නුහුරු ගතියක් එනවා. නමුත් විද්‍යාත්මක අතින් බලනකොට අපේ තේ වලට වඩා ගුණයි. මට දැනට නම් රසවිඳින්න හම්බුනේ ඔන්න ඔය විදියටයි.
හකුරු සමග තේ. ඔයාලත් පුරුදු වෙන්න. හැබැයි වැඩිය හකුරු කාල දියවැඩියාව හදාගෙන මට දොස් කියන්න එපා හොඳේ. මේ ලිපිය ලියන්න හිතුනේ කාලෙකින් කිතුල් හකුරු එක්ක කහට එකක් බොන්න හම්බුනා.
17 ප්‍රතිචාර:
ඒක හරි ආයි කතා දෙකක් නෑ. හකුරු එක්ක බොන තේක වඩා රස ඊට කලින් හොඳ මිරිසට හදපු ලුණුමිරිසක් එක්ක ආප්පයක් දෙකක් වගේ කෑවම. කොහොමද කන්දෙකෙන් දුම් දම දමා, කඳුලු පෙර පෙර අර කහට එක ගහන කොට...? මට නම් ඒතරම් ගතියක් තවත් නෑ.
හැබැයි.., මම ග්‍රීන් ටී පතික්ෂේප කරන්නේ නෑ. එක වෙනම කලාවක්..!
ම්......... ඔයා කියන එක හරි තමයි. ඒ වෙලාවට නම් පිස්සුම ආතල් එකක් තියෙන්නේ.
මම ප්‍රතික්ෂේප කලා නෙමෙයි. එතන වෙලා තියෙන්නේ අපිට ඒක හුරු වෙලා නැති එකයි. ග්‍රීන් ටී වලත් අමුතුම රහක් තියෙනවා. හුරු වුනාම ඒකත් එල.
හැබැයි මම නම් තේ බොන්නෙ හකුරු කන්න
එහෙනං වැඩිය තේ බොන්න පුරුදු වෙන්න එපා. වැඩියෙන් හකුරු කැවෙන්න ඉඩ තියෙනවා.
හොඳ ලිපියක් මචං. තේ ගැන නියම කථාවක්
අප්පෝ....කොළ තේ නම් මහ ජරාවක්..මට එව්වා බොන්න බෑ..අපිට පුරුදු නැති හින්දද කොහෙද...ඒත් හකුරු කෑල්ලක් එක්ක තේ නම්...ම්ම්ම්ම්ම්ම්ම්.....මරු....
m m mm tea ekak bona kota danenna saneepe . . ube post eka kiyewwaama unu tea ekak biwwa wage tamai . ..
@♠GaŋGster♠™
කොළ තේ එකෙත් අමුතුම ගතියක් තියෙනවා. හුරු නැති නිසා අප්සට් වගේ තමයි. පුරුදු වුනොත් හරි. අනික කොළ තේ තමයි ගුණම.
@දුකා
බොහොම ස්තූතියි දුකා අයියේ කමෙන්‍ටුවට.
අනේ ඇත්තම කියනවා නම් මම ප්ලෙන් ටී වලට එච්චර ආස නැහැ.. බොරු සෝබනේට නෙවෙයි.ඒ වුනාට ඒක මට අල්ලන්නේ නැහැ.. හැබැයි ඉගුරු දාලා නම් කහට නියමම නියමයි..!එහෙම නැතුව නම් කිරි නැතුව තේබොන්න මට බැහැ.. හැබැයි තෝසේ කාලා නම් ප්ලේන්ටී උගුරු 2ක් බොනවා..
හැබැයි දැනට මම මාස 2කින් සාමාන්‍ය තේ වත් කිරි තේ වත් බීලා නැහැ.. (සීනි දාන්න වෙන නිසා).. ගොඩක් වෙලාවට ග්‍රීන් ටී තමා බොන්නේ.. ඒකට ඉතිං සීනි දාලා බොන එක හරි නැහැ නේ.. ලංකාවේ තියන ග්‍රීන් ටී උනත් ඔරිජිනල් පාට හා රස හා සුවද නැහැ. ඒත් ඉතිං කරන්න දෙයක් නෑ..
ඔහෝ ඔයාට සීනි ඇලජික් වගේ...... ග්‍රීන් ටී අපේ රටේ ඒව නම් හරි නෑ. ජපානේ වගේ සුපිරියට මෙහෙදි බොන්න හම්බවෙන්නේ නෑ. ඒක අපේ ලැබීම. කමක් නෑ තියෙන දේ බොමු.
ඉඳල හිටල සීනි එක්ක තේ උගුරක් බොන්න. ඒක වැඩි වෙන්නේ නෑ. සීනි කියන දේ ඇඟට ඕනේ. වැඩිය බොන්න තමයි හොඳ නැත්තේ.
නෑ නෑ ඇලජික් නෑ.. මෙහෙම හිටියට මම හොද සීනි පොරියක්..ඒ වුනාට පොඩි ගේමක් දෙන්න තියනවා මේ ටිකේ.. ඒ නිසා සිනී එහෙම ඇත් කරලා තියෙන්නේ.. ගේම ඉවර උනොත් කියන්නම් කවදා හරි.. නැත්තං ඉතිං බෑ
බලාගෙන යනකොට ඔයා මාර ගේම් නේ දාගන්නේ. එල එල ඉක්මනින්ම ඒක ඉවර වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
ඉඟුරු දාපු ප්ලේන්ටියක් ෂා, නිකන් කූල් බියර් එකක් වගේ තමා. අසම සමයි
කූල් බියර් එකත් මැක්ස් තමයි. කූල් කරල තව අයිස් කැට දෙකකුත් දාගත්තනම් ඉතින්......
චිල් වෙන්න
චියර්ස්...............!!!!!!!!!!!!!!!!!
චියර්ස්...........!!!!!!!!!!!
මේ ත්‍රෙඩ් එක හරියට බැලුවෙ නැතිනම් කවුරු හරි හිතයිද අපි තේ බොනකොට චියර්ස් කියනව කියල.
elaaaaaaaaaaaz
Post a Comment