අද අළුත් මාසයක ආරම්භයක්. ඒ වගේම උඳුවප් පොහොය යෙදිල තියෙන්නෙත් අද. සාමන්‍ය ජනයා අතර දෙසැම්බර් පෝය කිව්වාම මතක් වෙන්නේ සිරිපා සමය ආරම්භ වුනා කියලා. මෙතැන්සිට වෙසක් පොහොය දක්වා සිරිපා වන්දනාවේ යෙදීමට බැතිමතුන්ට පුළුවන්. සිරිපා ගමන සඳහා ගමන් මාර්ග 3ක් තියෙනවා. හැටන්-නල්ලතන්නිය හරහා එක් මාර්ගයකුත්, කුරුවිට-එරත්න හරනා තව මාර්ගයකුත් රත්නපුර-පලාබද්දල හරහා තව මාර්ගයකුත් තියෙනවා. මේ අතරින් දුෂ්කරම මාර්ගය ලෙස රත්නපුර මාර්ගයද, දුර වැඩිම මාර්ගය ලෙස කුරුවිට මාර්ගයද කියන්න පුළුවන්.
බාල මහලු හැමදෙනෙක්ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සිරිපා වන්දනා කරන අතර සමහර පිරිසක් සිරිපා ගමන හුදෙක් විනෝද චාරිකාවක් පමණක් සිතාම කටයුතු කරන බව කියන්නේ කණගාටුවෙනි. සංගීත භාණ්ඩ, මත්පැන් මේ වගේ දේවල් සිරිපා වන්දනාවට මේ පිරිස් එක්කර ගන්නවා. මගදිගට වයසක පිරිස් වලට උසුළුවිසුළු කරනව වගේම හූ කියමින්ද ගමන් කරනවා. විවිධ ශබ්ද ඇතිකරනවිට වන සතුන් පවා පැමිණීමට ඉඩකඩ තියෙනවා. අනිත් කාරණය තමයි සිරිපා අඩවියට පා තැබුවාම කට පරිස්සම් කරගන්න කියා පැරණි පිරිස් කියා තිබෙනවා. ඒ කථාවේ ඇත්තක් මා දකිනවා. මීට අවුරුදු කීපයකට කලින් බීමතින් ගමන් කල පිරිසකට සිදුවූ ඉරණම හොදම උදාහරණයක්. පුවත්පත් වලද සඳහන් වුනා.
බලන්න සිංහල බෞද්ධයො කොච්චර පිරිහිලාද කියලා. තමන්ට උරුම සංස්කෘතියට, තමන්ට උරුම ආගමට මේවගේ ගරහන මිනිස්සු ඉන්නකල් කොහොමද දැහැමි සමාජයක් කියන්නේ. මේ පාර සිරිපා වන්දනාවට යන්න ඉන්න සියළුම දෙනා දැනුවත් කරන්නයි මේ ලිපිය ලියන්න හිතුවේ.

0 ප්‍රතිචාර:
Post a Comment