අද මම කියන්න යන්නේ මං ගැන නෙමෙයි. වෙන මිනිහෙක් ගැනත් නෙමෙයි. ලංකාදීප පත්තරේ තිබුන සංවේදී ලිපියක් මේ කථාවට මූලික වුනේ. මේක දකින හැමෝගේම ඇස්වලට කඳුළු උනනවා සත්තයි. හිතාගන්න අමාරුයි මිනිස්සු මෙච්චර අපරාධ කරන්නේ ඇයි කියලා.
අපිට අපේ අම්මව නැතිවුනාම දැනෙනව වගේමයි ඒ ඇත් පැටියටත්. ඒක කොහොම දරාගෙන ඉන්න ඇතිද කියල පුවත්පතේ ඒ ලිපිය කියවන හැමෝටම තේරෙන්න ඇති. අලියෙක් වුනා කියල දුක කියන දේ දැනෙනවා අපිට වගේ. දවසක් මම රූපවාහිනියේ දැක්කා ලංකාවේ කැලයක හිටිය අලියෙක්ට වෙඩි වදිලා එයාට බේත් කරන්න වනජීවී නිලධාරීන් සෑහෙන මහන්සියක් ගත්තා. එක අතකට සතුටුයි අපේ තිරිසන් මිනිස්සු කරන වැඩ වලට තම ජීවිතෙත් පරදුවට තියල වැඩ කරන මිනිස්සු පිරිසක් ඉන්න එක ගැන. ඒත් මේ වෙඩි තියල අලි මරන එක කවදා කෙලවර වෙයිද කියල හිතාගන්න බෑ.
මිනිස්සුන්ට, අලින්ට වඩා මොලයක් ලැබිල තියෙන්නේ කල්පනා කරල වැඩ කරන්න. කැලෑවල් ගිනිතියන්නයි හේන් කොටන්න කියල කැලෑවල් එළි කලාමයි අලින්ට වුනත් කන්න දේවල් නෑ කියල උන්ට තේරෙන්නේ නැති හැටි. ඒක තමයි මේ ප්‍රශ්න පටන් ගන්න ප්‍රධානම හේතු ටික. මේක හරියනකං අලි ගම්වදින එක වලක්වන්න කොහොමටවත් බෑ. අනික එහෙම අපරාධ කරන අයට දැඩි දඬුවම් දෙන්නත් ඕනේ. එතකොටවත් මේ වගේ දේවල් වෙන එක නතරවෙයි.
1 month ago
5 ප්‍රතිචාර:
පව් වැඩේ. ඕක කරපු එකා තාමත් යහතින් ඉන්නවද දන්නෑ.
අනේ.. මේක නම් හරිම පව්.. මට ඉස්සර බලපු හිංදි ෆිල්ම් එකක් මතක් උනා.. ඒකේ නම නම් මතක නෑ.. අලි අම්මා කෙනෙක්ව වෙඩි තියලා මරණ කථාවක්.. ඒකත් මේ වගේ.. පව්.. අහිංසක සත්තු..
@සමිත
ඕව පල දෙනවා කවද හරි.
@මලී
මටත් මාර අප්සට් ඒ වගේ දේවල් දැක්කාම. අනේ පව් ඒ අලි පැංච අම්ම නැතුව කොහොම ඉන්නවද දන්නේ නෑ. අපිට වගේම එයාටත් දුක හිතෙනව ඇති. ඔහොම කරන එවුන්ට නම් හෙණ ගහන්න වටින්නේ. සිරාවට
harima dukai . .
ඒක තමයි දුකා අයියේ. මිනිස්සු මීට වැඩිය කල්පන කරන්න ඕනේ දෙයක් කරන්න ඉස්සෙල්ලා.
Post a Comment