ඔන්න ඉතින් කාලෙකින් මැච් එකක් බලන්න කොහෙන් හරි පූරුවෙ පිනක් ලැබිල තිබුනා. වැඩේ හරියට බලන්න පුටු ටිකත් සැපට සෙට් කරගෙන ඉතින් බලාගෙන හිටියා. අපරාදෙ කියන්න බෑ ලක් එක නම් සුපිරි. මේ පාරත් ටොස් එක අපිට. ඊළඟට "ඉලෙක්ටඩ් ටු බැට්" කියලත් කිව්වේ. රටවල් දෙකේම ජාතික ගීතයන් හරි අපූරුවට වාදනය නම් කලා. ඒත් සමහර ලංකාවේ ක්‍රීඩකයෝ නම් තාමත් ජාතික ගීයට ගරු කරන්න දන්නේ නෑ වගේ. සමහරු පපුවට අත තියාගෙන හාට් බීට් එක ජාතික ගීයේ බීට් එකට මැච් වෙනවද කියල ටෙස්ට් කරා. තවත් කීපදෙනෙක් අත්දෙක පිටිපස්සට දාගෙන පහසුවෙන් ඉන්නව ඔයගොල්ලොත් දකින්න ඇති.
ටික වෙලාවකට පස්සේ අපේ අළුත් මන්ත්‍රීතුමයි මහේල කොලුවයි පිට්ටනියට ආවා. මන්ත්‍රීතුමා එයාගේ සුපුරුදු ඉරියව්ටික මැනැවින් පෙන්නලා මහේල කොලුවට ඉස්සෙල්ලාම ගහන්න වාරෙ දුන්නා. ඒකත් ඉස්සර සනාට වුන පොඩි සීන් එකක් නිසා කියල කවුරුත් දන්නවා ඇතිනේ. ඒකාලේ ඒකියන්නේ ඉස්සර මැච් වල සනාට පලවෙනි බෝලය අපලයක් විදියට තිබුනා.
ඉන්දියාවත් එක්ක ගහපු මැච් එක වගේ මහේල 4කින්ම ගේමට එන්ටර් වුනා. අනේ ඉතින් පලවෙනි ඕවරෙන්ම අපේ මන්ත්‍රීතුමා දැවී යනකොට මගේ පපුව හෝස් ගෑවා. ඉස්සර සනා ගහපු විදියට අපිත් ෆුල් හොල්මන්. ඒත් මතක ඇති කාලෙක එහෙම පිතිහරඹයක් දකින්න ලැබුනේ නෑ. ඉස්සෙල්ලාම මන්ත්‍රීතුමා, ඊළඟට ඩිල්ෂාන්, ඊළඟට මහේල වැල වගේ යන්න ගත්තාම මම බලපොරොත්තු පැත්තකින් දාල හිටියා. අපි ඉතින් මැච් එකක් බලන්න හදනකොටත් මොකක් හරි හෙනයක් තමයි. ඔහොම හිතල ටීවී එක වහල මගේ වැඩ පටන් ගත්තා.
1 month ago
5 ප්‍රතිචාර:
මන්ත්‍රී කියලා තිබ්බා People want me to play till 2011 World Cup කියලා.. ලේසි වෙන්නේ නෑ, එලවන්න...
අනේ මන්දා සංග නම් කැමති නෑ මන්ත්‍රීලගෙ පවර්ස් බලන්න..
oya nobala hitiyanam mach eka win karanna thibuna aparade oya baluwe.
මට එහෙම්මමත් හිතුන තමයි යාළු.
කථා කරලා වැඩක් නෑ අයියේ...මාත් ඊයේ පොඩ්ඩක් මහන්සි වෙලා හිටියත් මැච් එක බලන්න ගත්තා.මොකද ඉන්දියාව එක්ක වගේ හොද මැච් එකක් තියෙයි කියල..මොන මැච්ද..ටිකක් වෙලා බලලා ටී.වී. එක ඕෆ් කරලා දැම්මා.නැත්තම් නිකන් බොරුවට මගේ ලේ කෝප වෙනවනේ.. :(
Post a Comment