ඔන්න ඉතින් අවුරුද්දත් ලැබුවා. අන්තිමට රවුම් ගහපු එක විතරද මන්දා. කලින් අවුරුදු වල වගේ කිසිම ෆිට් එකක් තිබුනේ නෑ. මට විතරක් දැනුන දෙයක්ද කියන්නත් බෑ. කොහොම වුනත් නගරවල සෙනග නම් වෙනදට වඩා හිටියා. බඩුවක් මුට්‍ටුවක් ගන්න නගරෙට ගියාම වරු ගාණකට එන්න බෑ. ඒ තරමට ජනතාව වීදි බැහැල. ඒ අතින් බලනකොට මිනිස්සුන්ගෙ අතමිට එහෙමත් සරුයි කියල තමයි මට හිතුනේ.
කොහොම හරි අවුරුද්ද ලැබුවට පස්සේ බ්ලොග් එකට පොඩි වෙනස්කම් කිහිපයකුත් කලා. එකක් නම් ඉතින් බැලූ බැල්මට පෙනෙන්න තියෙනවනේ. අනිත් එක තමයි මූණුපොතේ විප්ලවය. විප්ලවයක් කිව්වට එහෙන්මමත් නෑ ඉතින්. ඒකටත් කස්ටියට සෙට් වෙන්න කියල ආරාධනා කරනවා.
නිකම් ම කාලය ගෙවෙන අතරේ මම බ්ලොග් අතරේ පොඩි රවුමක් එහෙමත් ගැහුවා. හොඳ හොඳ ලිපි එහෙමත් තියෙනවා. ඒ අතරේ බයිස්කෝප් සෙට් එකේ බ්ලොග් එකට අළුත් යෝජනාවකුත් දැම්මා. 13 වෙනිදා පරණ අවුරුද්ද කියල සියළු දෝෂ දුරුවෙන්න කියල අනුමත වුනා. කාලෙකින් රෙඩ් රම් පාරක් ගැහුවේ. උදේ පටන් ගත්ත එක ඉවරවුනේ හවස. වැඩිය නෑ බෝතල් දෙකයි හැබැයි 3 දෙනයි. තව එකෙක් හිටිය මිනිහ හොරට ගැහුවේ. කොහොම වුනත් අවුරුද්දක හොඳ අවසානයක් කියල නම් කියන්න පුළුවන්. ඒක තමයි ඉතින් මට අවුරුද්දට කියල විශේෂයෙන් කියන්න තියෙන්නේ.
1 month ago
2 ප්‍රතිචාර:
ලැබුවාවූ අලුත් අවුරුද්ද සුබ වෙන්න කියල පතනව.
අපිත් අනුමත උනා 13,14 දවස් දෙකක්ම.
ඔබටත් එසේම වෙන්න ඕනේ.
ඒ කියන්නේ අවුරුද්ද ඉතා ඉහලින්ම සමරල තියෙන හැඩයි. එල එල
Post a Comment