මරණය කාටත් පොදු දෙයක්නේ. හැබැයි අපි අතරත් ඉන්නවා නිතරම මරණය මෙනෙහි කරන කෙනෙකුත්. වැඩි වර්ණනා ඕනේ නෑ ඒ තමයි අපේ මරේ. ඉතින් අද මම කියන්න යන්නේ අහම්බෙන් සිද්ධ වුන දෙයක් ගැන. මේ වගේ දේවල් දකින්න අහන්න ලැබුනාම ඉතින් මතක් වෙන්නේම බ්ලොග් එක තමයි. ඒත් හැමදාමත් කියනවා වගේ ඒකට කාලය ටිකක් හොයාගන්න එක අමාරු වෙලා තියෙන්නේ. කොහොම හරි කමක් නෑ අද මම කියන්නම්කෝ විස්තරේ.
මම ඉතින් නිවාඩුවක් ලැබුනාම කොළඹ රවුමක් එහෙම දාන්න කියල එනවනේ. ඉතින් ඔහොම උදේ වරුවේ රස්ති පාරක් දාල වැස්සටත් කලින් ගෙදර යන්න ඕනේ කියල 1 ට විතර ලෑස්තිවුනා. කියන්න බැරිවුනානේ මම වැඩිපුරම කැමති යාළුවොත් එක්ක බම්බා යන්න. ඉතින් කොටුවෙන් 1.55 ට විතර තියෙනවා සීඝ්රගාමී දුම්රියක්. ආ..... තව කථාවක් තියෙනවානේ කියන්න ඔයාලට. මට බස් ගමන තිත්ත වුනා පහුගිය දවස්වල කාපු චාටර් නිසා.ඒකයි කෝච්චියේ යන්න කැමති ගොඩක්ම.
වැඩිය සෙනගත් නෑ කොළුකමට මං කවදත් ආසයි කෝච්චියේ පාපුවරුවේ යන්න. ඔන්න ඒකට කවුරුවත් මේ අහිංසකයට බනින්න එපා. ඔහොම එනකොට තියෙනවා යාගොඩ කියල ස්ටේසමක්. ඒක පහුකරන් ටික දුරක් යනකොට මම දැක්කා කවුද මනුස්සයෙක් අපි යන රේල් පාරේ හිටගෙන ඉන්නවා. කෝච්චිය හෝන් එක ගහගෙන ඉස්සරහට ගියත් මිනිහ අයින් වෙන පාටක් නෑ. පස්සේ මම දැක්කා බිම දිගාවෙනවා. එතන ටිකක් ලොකු වංගුවක් තියෙන නිසා ඒ ටික හරි පෙනුනේ. ඉතින් කෝච්චිය තිරිංග පද්ධතිය ක්රියත්මක කරල තවත් මීටර් 100 විතර පහුකරන් ගිහින් නැවැත්තුවේ නැතෑ. කට්ටිය දුවල ගියා බලන්න. මාත් ඉතින් ගියා හිතුවෙ නම් මනුස්සයාගේ කෑලි ඇති කියලා.
ගිහින් බලනකොට ඒ මනුස්සයා මුනින් අත දිගාවෙලා හිටියෙ, අඳුමත් ඉරිල තිබුනා. ගොඩක් දුරට එහෙම වෙන්න ඇත්තේ එන්ජිමේ ඉස්සරහ තියෙන කව්ගාඩ් එකේ වැදිලා වෙන්න ඇති. අපි එතනට යනවත් එක්කම ගාඩ් සහ තවත් කෙනෙක් ජංගම ඇඳක් වගේ දෙයක් අරන් ආවා. කට්ටිය එකතුවෙලා තුවාලකාරයාව කෝච්චියට පටව ගත්තා. ඊටපස්සේ ගම්පහ ස්ටේසමෙන් රෝහල වෙත අරන් ගියා.
මාත් ඉතින් ඒ ස්ටේසමෙන් බැහැල ගෙදර යනගමන් කල්පනා කලේ මිනිහගේ වෙලාව හොඳවුනා කියල. නැතිනම් ඉතින් කෑලි ටික තමයි ඉස්පිරිතාලෙට භාරදෙන්න තිබුනේ.
1 month ago
9 ප්රතිචාර:
මැරෙන වෙලාව එනකම් ගලේ ගැහුවත් මැරෙන්නේ නෑ කියනවනේ මචං.
ඒකනම් ඇත්ත තමයි යාලුවා
වැඩ ට යන වෙලවක තියෙන කොච්චියක් නම් මිනිස්සු ඌට ගහල මරාවි.
බඩු කෝච්චියකට මිසක් මිනිස්සු යන එකකට පැන්නොත් නම් ඉතින් මලේ නැතත් බැනුම් අහලා මැරෙන්න තමා වෙන්නේ
වෙලාව තමයි මිනිහගෙ. තුවාල නොවී බේරුනානම් ගුටිකාල රොහල් ගත වෙන්න තිබුණා මිනිහට.
@Dinesh_Silva, ම
සිරාවට... කොහොමත් උදේට කෝච්චියට නැග්ග වෙලාවේ ඉඳන් මල පැනලනේ ඉන්නේ. මොකද මේ රටේ කෝච්චි වෙලාවට යන එකක්යැ. එහෙව් එකේ මොකෙක් හරි කෝච්චියට පැන්නොත් මිනිහගේ පරම්පරාවටත් එක්ක මිනිස්සු දොස් කියන්නේ.
@Raven
අවුලක් නෑ ඉස්පිරිතාලෙන් ඔක්කෝටම හරියන්න හම්බවෙයි.
මමත් ඔය වගේ කෝච්චියට අහු වෙලා ඔම්ලට් වෙලා පෝර උරේක දාගෙන ආව මිනියක් දැකල තියනවා.. සන්සාරේ එපා වෙනවා..
asasas
Post a Comment