වාද භේද

මේ ලිපිය ලියන්න හිතුනේ ගොඩාක් දවසකට කලින්. කොහොම හරි කමක් නෑ මේ අවුරුද්ද ගෙවිල ඊළඟ අවුරුද්ද ලබන්න ඉස්සෙල්ලා කියන්න ලැබුන එකවත් මදෑ.

හරියටම අවුරුදු 4කට කලින් මුළු ලංකාවම උඩුයටිකුරු වුනා. කවුරුත් ආදරේට සුන්දරයි, ලස්සනයි කියල කිව්වට එදායින් පස්සේ ඒදේට එහෙම කියන්නත් කට්ටිය බයවුනා. ඇත්තටම කවුරුවත් නොහිතපු විදියට සිද්ධ වුන දේවල් දැක්කාම බය වෙන එකත් සාධාරණයි. ඇති ඇති තවත් වර්ණනා ඕනේ නෑනේ කියන්න හැදුවේ ලංකාව වටේ පිහිටලා තියෙන මුහුද හරියටම මීට අවුරුදු 4කට කලින් කරපු හදිය ගැන මතක් කරන්නයි.

අපේරටට සුනාමිය අළුත් දෙයක් වුනාට ඇමරිකාව වගේ රටවල් වලට සාමාන්‍ය දෙයක්. පැරණි කථාවල තියෙන්නේ කාවන්තිස්ස රජ්ජුරුවන්ගේ කාලයේ මූද ගොඩ ගැලුවා කියල. අපි ඉතින් හීනෙකින් වත් හිතුවේ නෑ මූද එකපාරට ගොඩ ගලන්න පුළුවන්ද කියලා. හරි ඒ කථාව පැත්තකින් තියමුකෝ. දැන් අපි බලමු අපිට ඇත්තටම අත්දකින්න ලැබුන දේගැන. ගොඩක් දෙනෙක් වෙරලබඩ කලාපයේ පිරිස් තමයි සුනාමියට ගොදුරුවුනේ. ඒ වගේම රට ඇතුලට වෙන්න හිටපු අයත් නොයෙක් අවශ්‍යතා උඩ එහේ මෙහේ යන්න ගිහින් සුනාමියට අහුවෙලාත් තියෙනවා. බුද්ධාගමේ විදියට නම් කර්මය විපාක දීමක් විදියට ගොඩාක් අය පෙන්වා තියෙනවා.

හරි දැන් අපි බලමු කොහොමද අපි ඒ විනාශයෙන් පස්සේ නැගිට්ටේ කියලා. සුනාමියට සිංහල පමණක් හෝ දෙමල පමණක් හෝ මුස්ලිම් පමණක් කියල භේදයක් තිබුනේ නෑ. අන්න ඒක තමයි වැදගත්ම. ලංකාවේ ඉන්න හැම ජාතියක්ම ඒ විනාශයට ගොදුරුවුනා. ඉඩකඩම් යානවාහන කොටින්ම නෑදැයින් පවා නැතිවුන අවස්ථාවල් තියෙනවා. සුනාමියෙන් පස්සේ මිනිසුන්ගේ ආකල්ප ටිකක් වෙනස්වුනා හැමෝම හැමෝටම උදව්කරා. ඒ අතින් අපි අනිත් රටවල් වලට වඩා ගොඩාක් ඉදිරියෙන්. ඇත්තටම මම හිතුවේ එදායින් පස්සේ මිනිස්සුන්ගේ පරණ ගති ටික ඇරෙයි කියලා. මොන පිස්සුද අපේ එවුන්ට ටික දවසක් ගියාම ආයෙත් හිටපු විදියම තමයි. ආයෙත් කාකොටාගෙන ජීවත් වෙනවා. ඇත්තටම අපේ මිනිස්සුන්ට ඉක්මනටම මුල අමතක වෙන හැටි. දැන් ආයෙත් මිනිස්සු පිලි බෙදිල. ඡන්දය කියන එක ඇඟේම කොටසක් කරගෙන ඉන්නේ. එකට ජීවත් වුන පිරිස් දැන් බෙදිලා ගිහින්. මේවා ඉතින් කාට කියන්නද හැබෑට.

ආයෙත් මං........

ඇති යාන්තං ඉක්මනට එන්න වාසනාව ලැබුනා. මගේ මොනිටර් එක ලැබුනා. දැන් භාණ්ඩේ වැඩ එළකිරි වගේ. මේ දවස් ටිකේ මට හරියට වැඩ ටිකත් කරගන්න බැරිවුනා. අර ෆෝකසින් අවුල් ගිය මොනිටර් එක මට දුන්න වදයක් හැබෑට. සමාවෙන්න ඕනේ කට්ටියගේ බ්ලොග් හරියට කියවන්න බැරි වුන එකට. ඔන්න මං ආයෙත් ඔෆීෂියල් විදියට ආවා හොඳේ.

කොරේ පිටට මරේ.........

කොරේ පිටට මරේ කියල කථාවට කිව්වට මොකද අදනම් මට වුනේ ඒ වගේ වැඩක්. අද දවස විවේක සුවෙන් ගතකරන්න කියල හිතාගෙන හිටියේ. ඉතින් ටිකක් දවල් වෙලා නැගිටල උදේට කාල පත්තරේ බලන්න ගත්ත විතරයි ගෙදරට ආවා කට්ටියක්. ආවෙත් විශේෂ හේතුවක් නිසා ඒ මොකද දන්නවාද. එයාලගේ කම්පියුටර් එක හදන්න ගෙනල්ලා ටිකක් කල්. එහෙම ගෙනාවේ එයාලගේ කම්පියුටර් එක ෆෝමැට් කරලා ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක හදාගන්න බැරුව. මේක එසේ මෙසේ කනෙක්ෂන් එකක් නෙමෙයි CDMA දුරකථනයකින් ගන්න සම්බන්ධතාවයක්. කලින් දවසක හදන්න බලපුවාම ෆෝන් එකේ ඇන්ටනාව නැති නිසා වැඩේ අතෑරල දැම්මා. අද ඒක ගෙනත් දෙන්න ආපු ගමන්.

ඉක්මනට ඉවරකරගන්න පුළුවන් වෙයි කියල හිත හිතම වැඩේට බැස්සා දෙයියනේ කියලා. ෆෝන් එක ගහපුවාම ඒක ඩිටෙක්ට් කරන්නේ නෑ. අවුල තියෙන්නේ USB SERIAL CONTROLLER කියලා ඩ්‍රයිවර්ස් ඉල්ලනවා. ඉතින් ඒකත් ජංජාලෙන් හොයල හොයල දැම්මා කියමුකෝ. දාල ඔන්න ඒ ගමන ෆෝන් එකෙන් ඩයල් වෙන්නේ නෑ. මොන මගුලක්ද මන්දා කියලත් හිතුනා. ඔහොම ක‍ටුකන්න ගියාම මැෂින් හදන එක එපාම වෙනවා. නිකමට ෆෝන් එකේ සෙටින්ග්ස් චෙක් කලාම තේරුනේ ඒකත් වෙනස් කියලා. කොහොම හරි කොල්ලා යන්තම් ගොඩ දාගත්තා. අම්මෝ පැය ගානක් ගියා ඒක හදන්න. අන්තිමට එයාල මැෂින් එකත් අරං ගියා. කරන්න හිටපු එක වැඩක්වත් කරන්න ලැබුනේ නෑ.

කමක් නෑ දවල්ට කාලම රෙදි ටිකක් හෝදලා ටිකක් ඇලවෙන්න ඕනේ කියල හිතුවේ. වැඩි වෙලාවක් එහෙම ගියේ නෑ ගෙදර ට්‍රිප් එක ගියා. මගේ යූ.පී.එස් එක බෙරිහන් දෙන නිසා ඒක ඕෆ් කරන්න ගියාම නිකං කර ගඳක් දැනුනා. බැලින්නම් මොනිටර් එකෙන් එන්නේ දඩි බිඩි ගාල වයර් ගැලෙව්වා. දැන් මොකද කරන්නේ. මැෂිම නෑ කියන්නේ මට නම් අතක් පයක් නැති වුනා වගේ තමයි. ඒකත් දවසේ දින චරියාවේ ප්‍රභල අංගයක්නේ. බිල් එක හොයල බැලුවාම වොරන්ටිත් තියෙනවා. අද ෂොප් එක ඇරල නිසා අරං යන්න ඕනේ කියල තීරණය කලා. ඉතින් කොල්ලා ආයෙත් කරන්න හදපු වැඩ ඔක්කෝම ටික පැත්තකින් තියලා මොනිටර් එක අරගෙන ගියා. ඒක බලල එයාල කිව්වේ නැතැයි තව සතියකින් තමයි කොම්පැනි යවන්නේ කියලා. මට ඉතින් හොඳ පදය මතක් වුනා. ඒ වුනාට සද්ද වහගෙන හිටියා.

ඒ වැඩේත් කරල එනකොට ඔන්න තව යාලුවෙක් කෝල් කරල කියනවා "මචං මැෂිමේ අවුලක් හදලා දෙන්න පුළුවන්ද කියල" අනේ ඉතින් මේ අහිංසකයටමනේ කෙල වෙන්නේ කියල මිනිහගෙ ගෙදරත් ගිහින් ඒකත් හදල දීල ගෙට ගොඩ වුනා. ෆෝකසින් අවුල් වුන පරණ මොනිටර් එකක් වෙලාවට ගෙදර තියෙන නිසා මම මේ දවස් ටිකට අමාරුවෙන් හරි නෙට් එනවා. අපරාදේ කියන්න බෑ ඒ අතින් නම් මම ගොඩ. අද මට වුන දේ ගැන අපේ කස්ටියට කියන්න ඕනේ කියල හිතුනා. ඔයාලටත් මේ වගේ කරුම දවස් එහෙම උදාවෙලා නැද්ද.


සමහරුන්ට නත්තල් තියෙන නිසා " සුභ නත්තලක් වේවා " කියලත් කිව්ව ඔන්න.

Flag කවුන්ටරේ Customize කරමු

මේ ලිපිය ලියන්න හිතුනේ ඊයේ මම හොයා ගත්ත දෙයක් ඔයාලට කියන්න ඕන නිසා. සමහර විට ඔයාල මේක ගැන දන්නවත් ඇති. කමක් නෑ මම ඒ වුනත් කියල දෙන්නම්. වැඩි වෙන්නේ නෑනේ.

මේක ගොඩක් ඕන වෙන්නේ තීම් වෙනස් කරනකොට ඒවගේම කවුන්ටරේ ස්ථාපනය කරද්දි මොනව හරි අඩුපාඩුවක් එහෙම වුනානම්. ඉතින් මගේ කවුන්ටරේ ගැන කියනවනං ඒකත් හරියටම ස්ථාපනය වෙලා තිබුනේ නෑ. මොකක් හරි හේතුවක් නිසා. ඉතින් මම බැලුවා මොකද කරන්නේ කියල. අර වෙලාවකට පහල වෙන ගණදෙවි නුවණ නිසා මේ වැඩෙත් ගොඩ ගියා. මම ඔයාලට ඉස්සෙල්ලාම පොඩි උදාහරණයක් පෙන්නන්නම්. මගේ කවුන්ටරේම උදාහරනයට ගන්නම්කෝ.

දැන් අපි බලමු මේකට අදාල ස්ක්‍රිප්ට් එක......

img border="0" alt="free counters" src="http://s05.flagcounter.com/count/fFLk/bg=FFFFFF/txt=000000/border=CCCCCC/columns=3/maxflags=248/viewers=1/labels=1/pageviews=1/"


දැන් මම මේ ස්ක්‍රිප්ට් එකේ සමහර කොටස් විස්තර කරන්නම්. මේවා ඔයාලට වෙනස් කරන්න පුළුවන්.


bg=FFFFFF => තිරයේ වර්ණය
txt=000000 => අකුරු වල වර්ණය
border=CCCCCC => රාමුවේ වර්ණය
columns=3 => සිරස් පේලි ගණන
maxflags=248 => පෙන්විය හැකි උපරිම රටවල් ගණන
labels=1 => ලේබලය පෙන්වීම හෝ නොපෙන්වීම
pageviews=1 => දැනට ආව ගිය ගණන

(1 යනු පෙන්වන්න 0 යනු නොපෙන්වන්න)

වර්ණ මාරු කිරීමේදී characters 6ක් ම ඇතුලත් කිරීමට සැලකිලිමත් වන්න.

දැන් මොකද කියන්නේ. වැඩේ සුන්දරයි නේද. ගොඩක් අයට මේක ප්‍රයෝජනවත් වේවි. අලුත් අලුත් තීම්ස් වලට අනුව කවුන්ටරේ වෙනස් කරගන්න පුළුවන් ඔයාලටත්. අදම අත්හදා බලන්න.

නිදි නෑ


අද මහ චාටර් දවසක්. හවස මහ සද්දෙට ගොරවගෙන ආවට පොළොව හරියට තෙමෙන්නවත් වැස්සේ නෑ. අර සමහරු කියන්නේ සද්දේ තිබුනට වැඩ නෑ කියල. අන්න ඒ වගේ සීන් කෝන් එකක් තමයි අද වැස්සටත් වුනේ. සද්දෙයි වැඩයි ගැන කථා කරනකොට ඇදිලා එන්න හදන්නේ මම වැඩිය කථා කරන්න අකමැතිම මාතෘකාව ගැන. වෙන මොකවත් නෙමෙයි දේශපාලනය. අපේ නම ඇහෙනකොටත් බෝරින්ග් වගේ. ඒවුනාට අද කොල්ලා පොඩි විවෘත සාකච්ඡාවක් ගියා අනේමන්ද.කොම් එක ඇතුලේ. කොහේ ගියත් අපි අපිමයි කියල වැඩිය දරුණුවට ගියෙ නෑ. ගහගන්න මරාගන්න ගියෙත් නෑ.

ඉතින් ඒක නෙමෙයි මම කියන්න ගියේ මේ ලඟදි දවසක මට ඇහුනා එංගලන්තයේ අල්කයිඩා ත්‍රස්ත ප්‍රහාරයක තොරතුරු වාර්තා වුනා කියලා. දැන් මහ සද්දෙට කොටි ත්‍රස්ථවාදීන්ට කඩේ ගිය ඇත්තන්ට වැලේ වැල් නැතුව යන්න හදන්නේ. අර කියමනක් තියෙන්නේ තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලෙට වඩා අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද පේනවා කියලා. අනේ හැබෑට මෙහෙමත් සුද්දො. එංගලන්තය විතරක් නෙමෙයි ලෝකේ බලවතා විදියට පුම්බං ඉන්න ඇමරිකාවටත් වැඩේ කොයි වෙලාවේ කෙලවිලා යයිද දන්නේ නැතිලු. හිලරි නෝනට මොනවද දන්නේ නෑ මේ දවස් වල කියන්න තියෙන්නේ. ඔන්න එයාගේ ඡන්ද වැඩ වලට ඔසාමා බින් ලාඩන් එහෙම සපෝට් කලා නම් මෙලහටත් හිලරි ඔසාමට කඩේ ගිහින්.

හවස පොඩ්ඩක් විතර ජංජාලේ පිස්සුවක් කෙලින්න ගත්තා වගේ. ටිකක් විතර වේගය අඩු වුනා. සමහර විට වැස්ස හන්දා දත්ත වලට ගමන්කරන්න කම්මැලි හිතුනද දන්නේ නෑ. මහ රෑ වුනත් මට නින්ද යන්නේ නැති ලෙඩේට බේතකුත් ගන්න වෙයි වගේ. නින්ද යනකන් කියල ඔන්ලයින් පත්තර ටිකත් බලල ඉවරවෙලා සුපුරුදු අනේමන්ද ෆෝරම් එකේ කරක් ගහන් ඉන්නවා. වෙන කරන්න දෙයකුත් නෑනේ. ඉතින් හිතුනා මොනව හරි බ්ලොග් එකේ ලියන්නත්.

සිතුවිල්ලක් 1


කුණා‍ටුවක් හමා ඇවිත්
මා සිත් අසපුවට
ඉතිරි කලා කණා‍ටු ගස් වන්
බලාපොරොත්තු ස්වල්පයක්

ලෝකයක් නොමැති විට
අඳුරේ ඇතිවිට ලද
ආලෝකයක් විලසට
ලැබුවෙමි ඔබෙන් ආදරයක්

කතරකට වැසි ගෙන දුන් මෙන්
විඩාපත් සිතට සහනයක්
උදාකල නුඹ
මගේම වුනේ මා ලද පිනකිනි

චයිනා බුවා.....


නම කියවනකොට හිතේ මැවෙනව ඇති චීන ජාතිකයෙක්ව. එහෙම නේද. හික් හික්.... හැබැයි ඔන්න ඔයාලට පොඩ්ඩක් වැරදිලා. මම දැන් කියන්න යන්නේ අපේ රටේ චයිනා බුවෙක් ගැන. මේ වගේම චයිනා බුවාල කොළඹ නම් ඉන්නවා. සමහර විට අගනුවරින් පිට නගරවලත් ඇති.

මේක සිද්ධ වුනේ අද හවස. තැන ගුණසිංහපුර බස් නැවතුම්පල. මීට කලින් නම් ගුණසිංහපුරේ ගැන කිව්වේ වෙනත් විදියකටනේ. කොහොමෙන් කොහොම හරි අද වැඩ ඉවරවෙලා කොල්ලා ටිකක් කලින් ගෙදර එන්න පිටත් වුනා. උදේට සී.ටී.බී සරණං ඝච්චාමි කිව්වට මොකද හවසට ඒකේ අනිත් පැත්ත. ඒකෙත් හැටි නේද. උදේට නම් රජයේ බස් විදල යන නිසා කොයි මිනිහත් නගිනවා. ඒත් වැඩ ඉවරවෙලා එන්න ගියාම ඉතින් බාගෙට මැරිල වගේ. ඒකයි කොල්ල ප්‍රයිවෙට් බස්වල හවසට එන්නේ. ඕනේ නම් පොඩි හොරයකුත් කියන්නම්. හවසට පොඩි නින්දකුත් දාගෙන එන්න පුළුවන් නිසයි මේ විදියට එන්නේ.

ඉතින් දැන් කථාව කියන්න ගන්නම්කෝ. ඔහොම මම බස් එකක හොඳට හරි බරි ගැහිල නින්දක් දාගෙන ඉන්නකොට හීනෙන් වගේ ඇහුනා මේඩ් ඉන් චයිනා..... මේඩ් ඉන් චයිනා...... කියනවා. එන්න එන්නම කරච්චලයවැඩි කමට ඇස් ඇරල බැලුවා මොනවද මේ විකුණන්නේ කියල. බැලින්නම් චීනයෙන් ආනයනය කරපු චොකලට් (බෝල චොකලට්) වර්ගයක් තමයි කෑගගහ විකුණන්නේ. රු20 පැකට් එකක්. හැබැයි බස් එකේ කවුරුවත්ම ගත්තේ නෑ.

මම හැබැයි ඒ අතින් නම් සතු‍ටුවුනා ඒ ගැන. ඒ මනුස්සයාගේ රස්සාව බව ඇත්ත නමුත් මෙච්චර චොකලට් කොම්පැණි ගොඩක් තියාගෙනත් අහවල් එකටද චීනෙන් ගෙන්නපුවා විකුණන්නේ. ඇයි අපේ රටේ දේවල් එහෙම විකුණන්න අවස්ථාවල් නැත්තේ. මට ඉතින් පුදුමත් හිතුනා චීනයේ කොච්චර දේවල් හදනවද කියලා. අපේ රටේ මිනිස්සුන්ට අපේ රටේ දේවල් අගයක් නෑ. පිට රටින් නම් ඕන කුණුගොඩක් හොඳයි කියන්න මිනිස්සු ඉන්නවා. ඒ විතරක් නෙමෙයි මාස කිහිපයකට කලින් මම පිටකො‍ටුවේදී දැක්කා චීනයෙන් ගෙනාපු සරුංගල් මෙහෙ විකුණනවා. අනේ හැබෑට සිංහල රටේ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ. අද ගොඩක් පොඩි ලමයි සරුංගලයක් හදාගන්න දන්නේ නෑ. ඒකට අපි, කූරිය ගහන්නේ නැතුව උඩ යවන්න පුළුවන් සරුංගලයක් හදාගත්තාම කොච්චර සතුටක් ලබනවද ඒක උඩ යවලා.

වෙලාවකට මාර බයක් හිතෙනවා චීනය අපේ ලංකාව ආක්‍රමණය කරල වගේ. ඔය ගෙන්නන ගොඩක් දේවල් අපේ රට ඇතුලෙම හදාගන්න අවශ්‍ය තරම් සම්පත් තියෙනවා. පිටරටවල් වලින් ගෙනාපු දේවල් විකුණන චයින බුවාලා ඔයාලටත් හම්බවේවි. අවශ්‍යම දෙයක් නම් ගන්න එපා කියන්නේ නෑ නමුත් දෙයක් මිලදී ගන්න ඉස්සෙල්ලා හිතන්න, රටේ සල්ලි රට ඇතුලෙම තියාගන්නවද නැතිනම් කොහෙවත් නැති චීනෙකුට දෙනවද කියලා.

තේ පැන් රස...



තේ කිව්වොත් ඉතින් කාගෙත් දුකට සැපට ඉන්න කෙනෙක්. සමහරු නම් කියයි බීම වලින් තියෙන හොඳම දේ කියලත්. ගමේ ගොඩේ ඕනෑම තැනක කොහෙන් හරි කහට එකක් බොන්න තැනක් තියෙනවා මයි. නගරෙට ගියත් තේ, ගමට ගියත් තේ. අපි කොච්චර රස කර කර බිව්වත් බොන්නේ තේ වල අහක දමන දේවල්. හොඳ ටික සුද්දට නරක ටික අපිට. ඒකත් ඉතින් රජ පානයක් වගේ තමයි. නගරයේ නම් ටිකක් විතර හොඳ තේ රස බලන්න පුළුවන්. තේ පැකට් එකක් උණු වතුර එකකට දාල සීනි ටිකක් දාල නිකන් කෘතිම විදියට බිව්වට මට නම් තේ වල නියම රස විඳින්න හම්බවෙන්නේ නෑ.

කවුරු මොනව කිව්වත් ගමේ කඩේ තේ එක වගේ හොඳට තේ එකක් බොන්න නගරයෙන් බෑ. ඒකට කිතුල් හකුරු කෑල්ලක් වගේ එකතු වුනනම් ඉතින් ෂා...... කටට කෙලත් උනනවා. ඉස්සර මට මතකයි අපි ගොයම් වැඩට ගියාම කිතුල් හකුරුයි කහට එකයි. ඒකේ තියෙන්නේ පුදුම ගතියක්. කහට කෝප්ප දෙකක් වුනත් වක් කරගෙන බොනව ඒකේ රසට. අද ඉතින් නගරේ ඉන්න සමහර ඈයො ඕව දන්නේ නෑ. ඕව බොන්නේත් නෑ. බොන්නේ කෘතිමව හදපු එක එක බීම. හකුරු නැති දවස් වලට තව ක්‍රමයක් තියෙනව. සීනි ටිකක් අල්ලට හලාගෙන චුට්ට චුට්ට සීනි වලයි කහට වලයි රස විඳින එකත් නරකම නෑ.

දවසක් ජපානේ ඉඳන් ආව මගේ යාලුවෙක් තේකොල පැකට එකක් දුන්නා ට්‍රයි කරල බලන්න කියල. අපේ රටේ වගේ නෙමෙයි ජපානේ විදිය හාත්පසින්ම වෙනස්. අපි තේ කොළ හොඳට වේලනවා. ඒත් ජපානයේ එහෙම කරන්නේ නෑ (Green Tea). ඒක ටිකක් විතර නුහුරු ගතියක් එනවා. නමුත් විද්‍යාත්මක අතින් බලනකොට අපේ තේ වලට වඩා ගුණයි. මට දැනට නම් රසවිඳින්න හම්බුනේ ඔන්න ඔය විදියටයි.

හකුරු සමග තේ. ඔයාලත් පුරුදු වෙන්න. හැබැයි වැඩිය හකුරු කාල දියවැඩියාව හදාගෙන මට දොස් කියන්න එපා හොඳේ. මේ ලිපිය ලියන්න හිතුනේ කාලෙකින් කිතුල් හකුරු එක්ක කහට එකක් බොන්න හම්බුනා.

සින්ඩියට සෙට් වීම....



ඔන්න කෝඩ් ලොක්කා අද අළුත් පිම්මක් පනින්නයි හදන්නේ. අද මේ බ්ලොග් පි‍ටුව සිංහල බ්ලොග්කරුවන්ගේ සින්ඩියට එකතු වුනා. උදව් කරපු හැමෝටම ස්තූතියි. ඒක ඉතින් ගොඩක් වටින වැඩක්. ඉස්සරහදි හොඳ හොඳ ලිපි පල කරන්නම්. හැමෝගේම යෝජනා චෝදනා ගෞරවයෙන් පිලිගන්නවා.

අවසන් ගමන

අද මම කියන්න යන්නේ මං ගැන නෙමෙයි. වෙන මිනිහෙක් ගැනත් නෙමෙයි. ලංකාදීප පත්තරේ තිබුන සංවේදී ලිපියක් මේ කථාවට මූලික වුනේ. මේක දකින හැමෝගේම ඇස්වලට කඳුළු උනනවා සත්තයි. හිතාගන්න අමාරුයි මිනිස්සු මෙච්චර අපරාධ කරන්නේ ඇයි කියලා.

අපිට අපේ අම්මව නැතිවුනාම දැනෙනව වගේමයි ඒ ඇත් පැටියටත්. ඒක කොහොම දරාගෙන ඉන්න ඇතිද කියල පුවත්පතේ ඒ ලිපිය කියවන හැමෝටම තේරෙන්න ඇති. අලියෙක් වුනා කියල දුක කියන දේ දැනෙනවා අපිට වගේ. දවසක් මම රූපවාහිනියේ දැක්කා ලංකාවේ කැලයක හිටිය අලියෙක්ට වෙඩි වදිලා එයාට බේත් කරන්න වනජීවී නිලධාරීන් සෑහෙන මහන්සියක් ගත්තා. එක අතකට සතු‍ටුයි අපේ තිරිසන් මිනිස්සු කරන වැඩ වලට තම ජීවිතෙත් පරදුවට තියල වැඩ කරන මිනිස්සු පිරිසක් ඉන්න එක ගැන. ඒත් මේ වෙඩි තියල අලි මරන එක කවදා කෙලවර වෙයිද කියල හිතාගන්න බෑ.

මිනිස්සුන්ට, අලින්ට වඩා මොලයක් ලැබිල තියෙන්නේ කල්පනා කරල වැඩ කරන්න. කැලෑවල් ගිනිතියන්නයි හේන් කොටන්න කියල කැලෑවල් එළි කලාමයි අලින්ට වුනත් කන්න දේවල් නෑ කියල උන්ට තේරෙන්නේ නැති හැටි. ඒක තමයි මේ ප්‍රශ්න පටන් ගන්න ප්‍රධානම හේතු ටික. මේක හරියනකං අලි ගම්වදින එක වලක්වන්න කොහොමටවත් බෑ. අනික එහෙම අපරාධ කරන අයට දැඩි දඬුවම් දෙන්නත් ඕනේ. එතකොටවත් මේ වගේ දේවල් වෙන එක නතරවෙයි.

අලිමංකඩ ගියෙමි....

ඔන්න මම අද කියන්න යන්නේ මගේ අලිමංකඩ චාරිකාව ගැන. ඔයාල බලයි මේ අසනීපෙන් හිටපු කෙනා කොහොමද එකපාරට අලිමංකඩ ගියෙ කියලා. ඇත්තම කියනවනං මම අලිමංකඩවත් පාමංකඩවත් ගියෙ නෑ. හැබැයි අලිමංකඩ චිත්‍රපටිය නම් බලන්න ගියා.

කොල්ලට වැඩ ටිකක් අඩුවුන නිසා යාලුවො කීපදෙනෙක් සෙට් කරගත්ත අලිමංකඩ බලන්න යන්න. නියම චිත්‍රපටිය හැබැයි. මීට කලින් හමුදාවල විරුවන්ව හෑල්ලු කරල චිත්‍රපට හැදුවට මොකද මේක නම් එහෙම චාටර් එකක් නෙමෙයි. අද කාලේ නිතරම දකින්න ලැබෙන දෙකයි පනහේ චිත්‍රපටි ගැන බලනකොට හරයක් තියෙන චිත්‍රපටියක් කියල කියන්න පුළුවන්.

හමුදා නිලධාරියෙක් සහ ද්‍රවිඩ කාන්තාවක් තමයි ප්‍රධාන චරිත දෙක. තමාගේ සැබෑ නොවූ සිහිනය හමුවේ හිස එසවීමට උත්සාහ කරන කාන්තාවක් ගැනද. නොයෙක් අභියෝග වලට මුහුණ දෙමින් තම මෙහෙවර අකුරටම ඉ‍ටු කරන කපිතාන්වරයකු ගැනද, ඔහුගේ එම ක්‍රියාදාමයෙන් අලිමංකඩ මුදාගැනීමට හැකිවීමද චිත්‍රපටියේ සාරංශය විදියට කියන්න පුළුවන්. මට දැනගන්න ලැබුන විදියට සැබෑ යුද්ධයට අලලා නිර්මාණය වූ චිත්‍රපටියකි.

තාමත් බලන්න ලැබුනේ නැතිනම් බලන්න ඉක්මනටම. පවුලේ හැමෝටම නරඹන්න පුළුවන්

ඉතින් අලිමංකඩ බලල එනකොට මම දැක්කා මගදි බිංදු ඉන්නවා. අපෙ අප්පොච්චියේ බ්ංදු තාමත් පෙන්නනවා. කමක් නෑ ඉතින් ලංකාවේ පොඩිහිටියන්ට චිත්‍රපටි හදන්නේ බොහොම කලාතුරකින් නේ. ඔන්න පවුලේ සැමට කියල එකක් ආවොත් මොකක් හරි කුනුහරුප කතාවක් දෙකක් කියල මිනිස්සුන්ව හිනස්සනවා. ඕකම තමයි ලංකාවේ චිත්‍රපටි එපාවෙන්නේ. කීයෙන් කීයද හොඳයි කියන්න පුළුවන් ඒවා තිබුනේ. අනිත් ඔක්කොම තේරුමක් නැති ඒවානේ. කොහොම හරි කමක් නෑ. වැඩිහිටියන්ගේ චිත්‍රපටි වගේම පොඩිහිටියන්ටත් චිත්‍රපටි නිර්මාණය වෙනවනන් තමයි හොඳ.

දැන් හොඳයි.....

යාන්තම් තිබුන අමාරු ටික අඩුවෙලා ගියා. කොල්ලේගේ සෞඛ්‍ය තත්වය හොඳයි කියන්නේ ඉතින් සාමාන්‍ය විදියට වැඩ ටික කරගන්න පුළුවන් කියන එකයි. බයිස්කෝප් වෙබ්පි‍ටුවේ කස්ටියට පිං සිද්ධ වෙන්න හොඳ ‍ෆිල්ම්ස් ටිකකුත් බලාගත්තා ගෙදර හිටිය කාලෙදි.රෑට බානවා දවල්ට බලනවා ඒකත් ආතල් වැඩේ. නිකං තියෙන ජංජාලෙනේ.

රටේ අළුත් විස්තර මොනවද කියන්නවත් දන්නේ නෑ. මොකද නිව්ස් කියල යන්නේත් මඩ ගහගන්න ඒවානේ. ජනවාරි ඉවරවෙනකන් ටීවී බලන එක අඩු කරන්න කියල කල්පනා කලේ. ඒ අතරෙ ඉතින් ලොකු ලොකු කට්ටිය කියන කථා වටින් ගොඩින් ඇහෙනකොට ආයෙත් රූපවාහිනියේ අගය තේරෙන්න ගන්නවා.

අද ඉතින් කොල්ල ගියා පොඩි රවුමක්. රවුමක් කිව්වට ගෙදර ඉඳල එපා වුන නිසා ගියා ටවුම පැත්තට. නත්තල් කාලේ හින්දා වෙන්න ඇති මිනිස්සු මෙච්චර උනන්දුවෙන් බඩු ගන්නේ. නත්තල් කාලෙටයි අවුරුදු කාලෙටයි සෙනඟ වැඩියි. කඩවල්වලටත් ජයටම ඇති ඉතින්. වෙනදනම් ඉතින් මොන උත්සවය තිබුනත් මිනිස්සු ගෙවල් වලින් බහින්නේ පණපිටින් ගෙදර එන්න පුළුවන්වෙයිද කියන සැකය උඩනේ. විශේෂයෙන් කොළඹ වගේ තදාසන්න නගරවල ගැවසෙන්නත් මිනිස්සු බයවුනා. කොහොම හරි යුද්ධය ඉවරවුනාට පස්සේ මහජනයාට නිදහසේ බයක් සැකක් නැතිව යන්න එන්න පුළුවන්.

කථාවේ අවසානයටත් ආවා ලෙඩ වෙලා ඉන්නකොට බ්ලොග් එකේ කමෙන්ට් දාල මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරපු හැමෝටම ස්තූතියි. ආයෙත් අළුත් අළුත් දේවල් ලියන්න ගන්නම්. ජයවේවා.

අද අසනීපයි .....

අද පුදුම කම්මැලි කමක්. නැගිටිනකොට නිකං ඔලුවේ කැක්කුමක් වගෙත් තිබුනා. උදේ නැගිට්ට කියල කිසිම ෆිට් එකක් තිබුනෙත් නෑ. වෙනදට දඩස් ගාල නැගිටින මට අද එහෙම නැගිටින්න පණ තිබුනෙත් නෑ. ටිකක් වෙලා ඉඳල කිබුහුමක් දෙකක් යනකොට තමයි වැඩේ තේරුණේ. අද කාලෙකින් අඩව්වක් අල්ලන්න හදන්නේ කියල හිතුනේ එතකොටයි.

මේක මහ කරුමයක්නේ. එක දිගට කිබුහුම් යනව. නිකං නහයත් ගැලවිලා යන්න සයිස් එකට වැඩේ සිද්ධ වෙන්නේ. කවුරු හරි ලඟ හිටියනම් කියයි "ඔන්න උඹව කවුරු හරි මතක් කරනවා" කියල. වෙලාවට එහෙමවත් කියල හිත හදාගන්නවත් විදියක් නෑ නේ. සමහන් එකක් හදාගෙන බීල කොල්ලා උදේට කන්න ගත්ත. ඒකත් කෑවේ පුදුම අප්පිරියාවකින්. වැඩිය නෑ කටවල් දෙකයි කෑවේ ඉතුරු ටික අපේ සුනඛ බුවාට. මෑන්ස්ටත් ෆුල් හැපි, අද ටිකක් කලින් උදේට කන්න හම්බුන එකට. ඒක වෙන්න ඇති වෙනදට වැඩිය වලිගෙන් සිග්නල් දැම්මේ හොඳට.

වැඩේ එන්න එන්නම අප්සට් වෙනව වගේ ඇඟට දැනෙනකොට ඇඳ ගාවට පැනඩෝල් දෙකකුත් ලැබුනා. ඒ වෙලාවේ නම් අම්මප අර ටීවී ඇඩ් එකත් මතක් වුනා. "මගේ නිසැක තේරීම පැනඩෝල්" කියල ඉඳල හිටල ටීවී කොමර්ෂලුත් යනවනේ. ඒ අතරේ වෙලාවකට හිතෙනවා සූකර උණද කියලත්, කියන්න බෑ ඉතින් මේ කාලේ එක එක මඟුල් තියෙනවනේ.

ඇඳට වෙලාම ඉන්නවා කියන්නේ මහ එපාම කරපු වැඩක්. මෙලෝ රහක් නෑ. ඒකයි ගෙදරින් කුණු බැනුම් අහගෙනත් මැෂිම ඉස්සරහට ආවේ. ඉතින් ඔහොම ඉන්නකොට හිතුනා බ්ලොග් එකේ මොනව හරි ලියන්න. ලියන්නම කියල විශේෂ දෙයකුත් නැති එකේ මගේ අසනීප තත්වය ගැන ලියන්න හිතුනා.

කෝඩ් ගේ Portable Softwares දන්සැල


මේ ලිපිය ලියන්න ඉස්සෙල්ලා මේ පිළිබඳ නොදැනුවත්ව හරි අදහසක් දුන්න ඩාර්ක් ට ස්තූතිය පිරිනමනවා. ඒකට හේතු පාදක වුනේ එයා අධ්‍යාපනය ලබන ආයතනයේදී මුහුණපාන්නට වුන දෙයක්. ඒ ගැන මීට පෙර ලිපියකින් මම කියා තිබෙනවා.

ඉතින් මම කල්පනාකලා යුනිකෝඩ් වගේම තවත් පහසුකම් ගොඩක් තැන්වල අත්හිටුවලා ඇති කියලා. සාමන්‍යයෙන් චැට් පහසුකම් එහෙම තහනම් කර ඇති ආයතන ගොඩක් තියෙනවා. ඒ වගේම ෆයර්ෆොක්ස් එහෙමත් තහනම් කරල ඇති. ඉතින් එහෙම පහසුකම් තහනම් කරල තියෙන ස්ථානවල සිටින අයට මගෙන් තෑගි කීපයක් තියෙනවා දෙන්න.

අද ඉඳන් ඇඩ්මින්ලාගේ ගෑස් බලන්න ඕනේ නෑ. මම ගානේ ඔයාලට පෝටබල් විදියට ක්‍රියාකරන Softwares කිහිපයක් ලබාදෙන්නම්. ඒවගේම ඉදිරියේදීත් මේවගේ වැදගත් Softwares කිහිපයක් දෙන්නත් බලාපොරොත්තු වෙනවා.


Google Talk Portable





Firefox Portable




Skype Portable






Yahoo Messenger Portable




ප්‍රතිචාර කිරීමට තරම් කාරුණික වන්න

සිරිපා වන්දනාව


අද අළුත් මාසයක ආරම්භයක්. ඒ වගේම උඳුවප් පොහොය යෙදිල තියෙන්නෙත් අද. සාමන්‍ය ජනයා අතර දෙසැම්බර් පෝය කිව්වාම මතක් වෙන්නේ සිරිපා සමය ආරම්භ වුනා කියලා. මෙතැන්සිට වෙසක් පොහොය දක්වා සිරිපා වන්දනාවේ යෙදීමට බැතිමතුන්ට පුළුවන්. සිරිපා ගමන සඳහා ගමන් මාර්ග 3ක් තියෙනවා. හැටන්-නල්ලතන්නිය හරහා එක් මාර්ගයකුත්, කුරුවිට-එරත්න හරනා තව මාර්ගයකුත් රත්නපුර-පලාබද්දල හරහා තව මාර්ගයකුත් තියෙනවා. මේ අතරින් දුෂ්කරම මාර්ගය ලෙස රත්නපුර මාර්ගයද, දුර වැඩිම මාර්ගය ලෙස කුරුවිට මාර්ගයද කියන්න පුළුවන්.

බාල මහලු හැමදෙනෙක්ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සිරිපා වන්දනා කරන අතර සමහර පිරිසක් සිරිපා ගමන හුදෙක් විනෝද චාරිකාවක් පමණක් සිතාම කටයුතු කරන බව කියන්නේ කණගාටුවෙනි. සංගීත භාණ්ඩ, මත්පැන් මේ වගේ දේවල් සිරිපා වන්දනාවට මේ පිරිස් එක්කර ගන්නවා. මගදිගට වයසක පිරිස් වලට උසුළුවිසුළු කරනව වගේම හූ කියමින්ද ගමන් කරනවා. විවිධ ශබ්ද ඇතිකරනවිට වන සතුන් පවා පැමිණීමට ඉඩකඩ තියෙනවා. අනිත් කාරණය තමයි සිරිපා අඩවියට පා තැබුවාම කට පරිස්සම් කරගන්න කියා පැරණි පිරිස් කියා තිබෙනවා. ඒ කථාවේ ඇත්තක් මා දකිනවා. මීට අවුරුදු කීපයකට කලින් බීමතින් ගමන් කල පිරිසකට සිදුවූ ඉරණම හොදම උදාහරණයක්. පුවත්පත් වලද සඳහන් වුනා.

බලන්න සිංහල බෞද්ධයො කොච්චර පිරිහිලාද කියලා. තමන්ට උරුම සංස්කෘතියට, තමන්ට උරුම ආගමට මේවගේ ගරහන මිනිස්සු ඉන්නකල් කොහොමද දැහැමි සමාජයක් කියන්නේ. මේ පාර සිරිපා වන්දනාවට යන්න ඉන්න සියළුම දෙනා දැනුවත් කරන්නයි මේ ලිපිය ලියන්න හිතුවේ.
 
readbud - get paid to read and rate articles


Copyright © 2009 සිංහලෙන් අපි |Designed by Templatemo |Converted to blogger by BloggerThemes.Net