මැරෙන්න පැනීම සහ පැනල මැරීම

මරණය කාටත් පොදු දෙයක්නේ. හැබැයි අපි අතරත් ඉන්නවා නිතරම මරණය මෙනෙහි කරන කෙනෙකුත්. වැඩි වර්ණනා ඕනේ නෑ ඒ තමයි අපේ මරේ. ඉතින් අද මම කියන්න යන්නේ අහම්බෙන් සිද්ධ වුන දෙයක් ගැන. මේ වගේ දේවල් දකින්න අහන්න ලැබුනාම ඉතින් මතක් වෙන්නේම බ්ලොග් එක තමයි. ඒත් හැමදාමත් කියනවා වගේ ඒකට කාලය ටිකක් හොයාගන්න එක අමාරු වෙලා තියෙන්නේ. කොහොම හරි කමක් නෑ අද මම කියන්නම්කෝ විස්තරේ.

මම ඉතින් නිවාඩුවක් ලැබුනාම කොළඹ රවුමක් එහෙම දාන්න කියල එනවනේ. ඉතින් ඔහොම උදේ වරුවේ රස්ති පාරක් දාල වැස්සටත් කලින් ගෙදර යන්න ඕනේ කියල 1 ට විතර ලෑස්තිවුනා. කියන්න බැරිවුනානේ මම වැඩිපුරම කැමති යාළුවොත් එක්ක බම්බා යන්න. ඉතින් කො‍ටුවෙන් 1.55 ට විතර තියෙනවා සීඝ්‍රගාමී දුම්රියක්. ආ..... තව කථාවක් තියෙනවානේ කියන්න ඔයාලට. මට බස් ගමන තිත්ත වුනා පහුගිය දවස්වල කාපු චාටර් නිසා.ඒකයි කෝච්චියේ යන්න කැමති ගොඩක්ම.

වැඩිය සෙනගත් නෑ කොළුකමට මං කවදත් ආසයි කෝච්චියේ පාපුවරුවේ යන්න. ඔන්න ඒකට කවුරුවත් මේ අහිංසකයට බනින්න එපා. ඔහොම එනකොට තියෙනවා යාගොඩ කියල ස්ටේසමක්. ඒක පහුකරන් ටික දුරක් යනකොට මම දැක්කා කවුද මනුස්සයෙක් අපි යන රේල් පාරේ හිටගෙන ඉන්නවා. කෝච්චිය හෝන් එක ගහගෙන ඉස්සරහට ගියත් මිනිහ අයින් වෙන පාටක් නෑ. පස්සේ මම දැක්කා බිම දිගාවෙනවා. එතන ටිකක් ලොකු වංගුවක් තියෙන නිසා ඒ ටික හරි පෙනුනේ. ඉතින් කෝච්චිය තිරිංග පද්ධතිය ක්‍රියත්මක කරල තවත් මීටර් 100 විතර පහුකරන් ගිහින් නැවැත්තුවේ නැතෑ. කට්ටිය දුවල ගියා බලන්න. මාත් ඉතින් ගියා හිතුවෙ නම් මනුස්සයාගේ කෑලි ඇති කියලා.

ගිහින් බලනකොට ඒ මනුස්සයා මුනින් අත දිගාවෙලා හිටියෙ, අඳුමත් ඉරිල තිබුනා. ගොඩක් දුරට එහෙම වෙන්න ඇත්තේ එන්ජිමේ ඉස්සරහ තියෙන කව්ගාඩ් එකේ වැදිලා වෙන්න ඇති. අපි එතනට යනවත් එක්කම ගාඩ් සහ තවත් කෙනෙක් ජංගම ඇඳක් වගේ දෙයක් අරන් ආවා. කට්ටිය එකතුවෙලා තුවාලකාරයාව කෝච්චියට පටව ගත්තා. ඊටපස්සේ ගම්පහ ස්ටේසමෙන් රෝහල වෙත අරන් ගියා.

මාත් ඉතින් ඒ ස්ටේසමෙන් බැහැල ගෙදර යනගමන් කල්පනා කලේ මිනිහගේ වෙලාව හොඳවුනා කියල. නැතිනම් ඉතින් කෑලි ටික තමයි ඉස්පිරිතාලෙට භාරදෙන්න තිබුනේ.

10,000 කඩ ඉම

මුලදි වගේ බ්ලොග් එක නිතරම ලියන්න ඉඩකඩ නොතිබ්බට මොකද ඒකේ ආසාව නම් අඩුවුනේ නෑ. මගේ බ්ලොග් එක සින්ඩි කිහිපයකට හා අනේමන්ද වෙබ් පි‍ටුවට ඇතුලත් වීමත් සමගම ගොඩාක් දෙනෙක් යන්න එන්න පටන් ගත්තා කිව්වොත් නිවැරදියි. ඒ අතරින් අද තමයි සුවිශේෂී දවස. බලපු කට්ටිය 10,000 වෙලා බොලේ. ඉතින් මේ ලිපිය හේතු පාදක කරගත්තේ මගේ බ්ලොග් එකට යන එන කස්ටියට ස්තූති කරන්නයි. හැමෝටම ජයවේවා.

වැස්ස සහ බීම

අද ඔන්න කොල්ල මාතෘකා 2ක් ගැන කියවන්නයි යන්නේ. මේකෙන් එකක් තමයි මේ දවස්වල අපිට දැනෙන කුරුවල් වුන දේශගුණය අනික වාහන අනතුරු කියන එක. ඉතින් වෙනදවගේම ටොපික් එක පටන් අරං වෙන දෙයක් ගැන අවසන් කරයි. ඒත් කමක් නෑ කියල මේ අහිංසකය කියන එකත් අහනු මැනවි.

පායන්න ගත්තාම ඒකත් උපරිමේටම දෙනවා, වහින්න ගත්තාමත් ඒවිදියමයි. මේ දේශගුණයට මොන මංගල්යයක් වෙලාද මන්දා. පෙබරවාරි මාසෙට සෑහෙන්න පායනවා කියල ඉස්සර ඉඳන් මම අහලා තියෙනවා ඒත් මෙහෙම පෑවිල්ලක් ගැන නම් මම අහලා නෑ. ලිං වල වතුර හොඳටම හිඳිලා මිනිස්සු ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්. හැබැයි මේ දේවල්වලට මිනිස්සු වක්‍රාකාරයෙන් හරි වගකියන්න ඕනේ. රටේ තියෙන වනාන්තර විනාශකරල බොහොම අපූරුවට සොබාදහමට කට කැඩෙනකල් බනිනවා. අනේ හැබෑට. ඔන්න අද කරකුට්ටං වෙලා තිබුන පොළොවට ලාවට වැස්සකුත් වැ‍ටුනා. අනේ වාසනාවං. පහුගිය දවස්වල දාඩිය වැක්කෙරි වැක්කෙරි හිටිය හැටි මටක් වෙනකොට පිස්සු හැදිල ආයෙත් හැදෙනවා. දැන් ඔය පිටරටවල ඉඳන් විනෝදයට ආපු පිටරට උදවියන්ටත් අපිට වගේම එපාවෙන්න ඇති මෙහෙ දේශගුණය.

දේශගුණය වගේම තව කියන්න දෙයක් තියෙනව. පහුගිය දවස්වල සිද්ධවුන වාහන අනතුරු ගැන. ජීවිත කීයක් නම් විනාශ වුනාද. අපරාදේ මිනිස් ජීවිත. එකපිට එක ජීවිත නැතිවෙනකොට අඩුම තරමේ අනතුරු වලක්ව ගන්නවත් අදාල නිළධාරීන් කටයුතු කලානම්. ඉස්සරහදිවත් ටිකක් වගකීමෙන් කටයුතු කලානම් තමයි හොඳ. වෙච්ච ගොඩක් අනතුරු වල ප්‍රධාන හේතුව තමයි බීමතින් රිය පැදවීම. එහෙම කියනකොට අපේ මරේ වත් මතක් වෙනවා. මොකද එයාගේ කැමතිම බීම සහ වැඩියෙන්ම බොන බීම කියන තෑගි දෙකම ගන්න ඉන්නේ අරක්කු නිසා. බීමතින් රිය පදවනව කියල නම් අහල නෑ. හැබැයි රජෝ ඒක කරනවන්ං වහාම නතරකරගනිං හොඳේ.

අදට ඇති ආයෙත් වෙලාවක් ලැබුනාම ලිපියක් දාන්නම්.
 
readbud - get paid to read and rate articles


Copyright © 2009 සිංහලෙන් අපි |Designed by Templatemo |Converted to blogger by BloggerThemes.Net