වැස්ස සහ බීම

අද ඔන්න කොල්ල මාතෘකා 2ක් ගැන කියවන්නයි යන්නේ. මේකෙන් එකක් තමයි මේ දවස්වල අපිට දැනෙන කුරුවල් වුන දේශගුණය අනික වාහන අනතුරු කියන එක. ඉතින් වෙනදවගේම ටොපික් එක පටන් අරං වෙන දෙයක් ගැන අවසන් කරයි. ඒත් කමක් නෑ කියල මේ අහිංසකය කියන එකත් අහනු මැනවි.

පායන්න ගත්තාම ඒකත් උපරිමේටම දෙනවා, වහින්න ගත්තාමත් ඒවිදියමයි. මේ දේශගුණයට මොන මංගල්යයක් වෙලාද මන්දා. පෙබරවාරි මාසෙට සෑහෙන්න පායනවා කියල ඉස්සර ඉඳන් මම අහලා තියෙනවා ඒත් මෙහෙම පෑවිල්ලක් ගැන නම් මම අහලා නෑ. ලිං වල වතුර හොඳටම හිඳිලා මිනිස්සු ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්. හැබැයි මේ දේවල්වලට මිනිස්සු වක්‍රාකාරයෙන් හරි වගකියන්න ඕනේ. රටේ තියෙන වනාන්තර විනාශකරල බොහොම අපූරුවට සොබාදහමට කට කැඩෙනකල් බනිනවා. අනේ හැබෑට. ඔන්න අද කරකුට්ටං වෙලා තිබුන පොළොවට ලාවට වැස්සකුත් වැ‍ටුනා. අනේ වාසනාවං. පහුගිය දවස්වල දාඩිය වැක්කෙරි වැක්කෙරි හිටිය හැටි මටක් වෙනකොට පිස්සු හැදිල ආයෙත් හැදෙනවා. දැන් ඔය පිටරටවල ඉඳන් විනෝදයට ආපු පිටරට උදවියන්ටත් අපිට වගේම එපාවෙන්න ඇති මෙහෙ දේශගුණය.

දේශගුණය වගේම තව කියන්න දෙයක් තියෙනව. පහුගිය දවස්වල සිද්ධවුන වාහන අනතුරු ගැන. ජීවිත කීයක් නම් විනාශ වුනාද. අපරාදේ මිනිස් ජීවිත. එකපිට එක ජීවිත නැතිවෙනකොට අඩුම තරමේ අනතුරු වලක්ව ගන්නවත් අදාල නිළධාරීන් කටයුතු කලානම්. ඉස්සරහදිවත් ටිකක් වගකීමෙන් කටයුතු කලානම් තමයි හොඳ. වෙච්ච ගොඩක් අනතුරු වල ප්‍රධාන හේතුව තමයි බීමතින් රිය පැදවීම. එහෙම කියනකොට අපේ මරේ වත් මතක් වෙනවා. මොකද එයාගේ කැමතිම බීම සහ වැඩියෙන්ම බොන බීම කියන තෑගි දෙකම ගන්න ඉන්නේ අරක්කු නිසා. බීමතින් රිය පදවනව කියල නම් අහල නෑ. හැබැයි රජෝ ඒක කරනවන්ං වහාම නතරකරගනිං හොඳේ.

අදට ඇති ආයෙත් වෙලාවක් ලැබුනාම ලිපියක් දාන්නම්.

6 ප්‍රතිචාර:

♠GaŋGster♠™ said...

ආහ්...කෝඩ් අයියා..මොකෝ දැන් පේන්න නැත්තේ..වැස්ස නැති එකනම් මහ දුකක් තමා..ඒ වගේම බීම ගැන ඉතින් කතා කරලා වැඩක් නෑනේ..ගොඩක් උන් බීලා බීපු බව පෙන්නන්න වැඩ දාන්න යන හින්දා තම ඕවා වෙන්නේ..

Chanaka Aruna Munasinghe said...

පාලකයො ධර්මිෂ්ඨ වෙන්න ඕනෙලු වහින්නනම් :-p

C0dE | කෝඩ් said...

@♠GaŋGster♠™
දැන් ටිකක් වැඩ වැඩියි. ඒකයි නිතරම එන්න බැරි.

@Chanaka Aruna Munasinghe
අද කාලේ පාලකයො විතරක්ම මදි පාලනය වෙන මිනිස්සු ටිකත් ධර්මිෂ්ඨ වෙන්න ඕනේ. :D

හෙළයා said...

මිනිස්සුම පරිසරය විනාශ කරනවානම් ඒවට විඳවන්නත් වෙනවානේ නේද මචං...?

C0dE | කෝඩ් said...

අනිවා... පරිසරයේ සමතුලිතතාවය බිඳෙන්න කටයුතු කරන තාක් කල් මේ දේවල් සිද්ධ වෙන එක නවත්තන්න බෑ.

said...

අපොයි මේ දවස් වල රස්නේ ගැන නම් කතා කරලා වැඩක් නැහැ. අපේ ලිඳත් දැන් හිඳෙන්න ඔන්න මෙන්න.

අපොයි මන් නම් බීලා එලවන්නේ නැහැ. බීල එලවලා බීපු එකා මලාට කමක් නැහැ අනික් අය මැරෙන එක ගැන මන් විරුද්ධයි.

 
readbud - get paid to read and rate articles


Copyright © 2009 සිංහලෙන් අපි |Designed by Templatemo |Converted to blogger by BloggerThemes.Net