අද අසනීපයි .....

අද පුදුම කම්මැලි කමක්. නැගිටිනකොට නිකං ඔලුවේ කැක්කුමක් වගෙත් තිබුනා. උදේ නැගිට්ට කියල කිසිම ෆිට් එකක් තිබුනෙත් නෑ. වෙනදට දඩස් ගාල නැගිටින මට අද එහෙම නැගිටින්න පණ තිබුනෙත් නෑ. ටිකක් වෙලා ඉඳල කිබුහුමක් දෙකක් යනකොට තමයි වැඩේ තේරුණේ. අද කාලෙකින් අඩව්වක් අල්ලන්න හදන්නේ කියල හිතුනේ එතකොටයි.

මේක මහ කරුමයක්නේ. එක දිගට කිබුහුම් යනව. නිකං නහයත් ගැලවිලා යන්න සයිස් එකට වැඩේ සිද්ධ වෙන්නේ. කවුරු හරි ලඟ හිටියනම් කියයි "ඔන්න උඹව කවුරු හරි මතක් කරනවා" කියල. වෙලාවට එහෙමවත් කියල හිත හදාගන්නවත් විදියක් නෑ නේ. සමහන් එකක් හදාගෙන බීල කොල්ලා උදේට කන්න ගත්ත. ඒකත් කෑවේ පුදුම අප්පිරියාවකින්. වැඩිය නෑ කටවල් දෙකයි කෑවේ ඉතුරු ටික අපේ සුනඛ බුවාට. මෑන්ස්ටත් ෆුල් හැපි, අද ටිකක් කලින් උදේට කන්න හම්බුන එකට. ඒක වෙන්න ඇති වෙනදට වැඩිය වලිගෙන් සිග්නල් දැම්මේ හොඳට.

වැඩේ එන්න එන්නම අප්සට් වෙනව වගේ ඇඟට දැනෙනකොට ඇඳ ගාවට පැනඩෝල් දෙකකුත් ලැබුනා. ඒ වෙලාවේ නම් අම්මප අර ටීවී ඇඩ් එකත් මතක් වුනා. "මගේ නිසැක තේරීම පැනඩෝල්" කියල ඉඳල හිටල ටීවී කොමර්ෂලුත් යනවනේ. ඒ අතරේ වෙලාවකට හිතෙනවා සූකර උණද කියලත්, කියන්න බෑ ඉතින් මේ කාලේ එක එක මඟුල් තියෙනවනේ.

ඇඳට වෙලාම ඉන්නවා කියන්නේ මහ එපාම කරපු වැඩක්. මෙලෝ රහක් නෑ. ඒකයි ගෙදරින් කුණු බැනුම් අහගෙනත් මැෂිම ඉස්සරහට ආවේ. ඉතින් ඔහොම ඉන්නකොට හිතුනා බ්ලොග් එකේ මොනව හරි ලියන්න. ලියන්නම කියල විශේෂ දෙයකුත් නැති එකේ මගේ අසනීප තත්වය ගැන ලියන්න හිතුනා.

කෝඩ් ගේ Portable Softwares දන්සැල


මේ ලිපිය ලියන්න ඉස්සෙල්ලා මේ පිළිබඳ නොදැනුවත්ව හරි අදහසක් දුන්න ඩාර්ක් ට ස්තූතිය පිරිනමනවා. ඒකට හේතු පාදක වුනේ එයා අධ්‍යාපනය ලබන ආයතනයේදී මුහුණපාන්නට වුන දෙයක්. ඒ ගැන මීට පෙර ලිපියකින් මම කියා තිබෙනවා.

ඉතින් මම කල්පනාකලා යුනිකෝඩ් වගේම තවත් පහසුකම් ගොඩක් තැන්වල අත්හිටුවලා ඇති කියලා. සාමන්‍යයෙන් චැට් පහසුකම් එහෙම තහනම් කර ඇති ආයතන ගොඩක් තියෙනවා. ඒ වගේම ෆයර්ෆොක්ස් එහෙමත් තහනම් කරල ඇති. ඉතින් එහෙම පහසුකම් තහනම් කරල තියෙන ස්ථානවල සිටින අයට මගෙන් තෑගි කීපයක් තියෙනවා දෙන්න.

අද ඉඳන් ඇඩ්මින්ලාගේ ගෑස් බලන්න ඕනේ නෑ. මම ගානේ ඔයාලට පෝටබල් විදියට ක්‍රියාකරන Softwares කිහිපයක් ලබාදෙන්නම්. ඒවගේම ඉදිරියේදීත් මේවගේ වැදගත් Softwares කිහිපයක් දෙන්නත් බලාපොරොත්තු වෙනවා.


Google Talk Portable





Firefox Portable




Skype Portable






Yahoo Messenger Portable




ප්‍රතිචාර කිරීමට තරම් කාරුණික වන්න

සිරිපා වන්දනාව


අද අළුත් මාසයක ආරම්භයක්. ඒ වගේම උඳුවප් පොහොය යෙදිල තියෙන්නෙත් අද. සාමන්‍ය ජනයා අතර දෙසැම්බර් පෝය කිව්වාම මතක් වෙන්නේ සිරිපා සමය ආරම්භ වුනා කියලා. මෙතැන්සිට වෙසක් පොහොය දක්වා සිරිපා වන්දනාවේ යෙදීමට බැතිමතුන්ට පුළුවන්. සිරිපා ගමන සඳහා ගමන් මාර්ග 3ක් තියෙනවා. හැටන්-නල්ලතන්නිය හරහා එක් මාර්ගයකුත්, කුරුවිට-එරත්න හරනා තව මාර්ගයකුත් රත්නපුර-පලාබද්දල හරහා තව මාර්ගයකුත් තියෙනවා. මේ අතරින් දුෂ්කරම මාර්ගය ලෙස රත්නපුර මාර්ගයද, දුර වැඩිම මාර්ගය ලෙස කුරුවිට මාර්ගයද කියන්න පුළුවන්.

බාල මහලු හැමදෙනෙක්ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සිරිපා වන්දනා කරන අතර සමහර පිරිසක් සිරිපා ගමන හුදෙක් විනෝද චාරිකාවක් පමණක් සිතාම කටයුතු කරන බව කියන්නේ කණගාටුවෙනි. සංගීත භාණ්ඩ, මත්පැන් මේ වගේ දේවල් සිරිපා වන්දනාවට මේ පිරිස් එක්කර ගන්නවා. මගදිගට වයසක පිරිස් වලට උසුළුවිසුළු කරනව වගේම හූ කියමින්ද ගමන් කරනවා. විවිධ ශබ්ද ඇතිකරනවිට වන සතුන් පවා පැමිණීමට ඉඩකඩ තියෙනවා. අනිත් කාරණය තමයි සිරිපා අඩවියට පා තැබුවාම කට පරිස්සම් කරගන්න කියා පැරණි පිරිස් කියා තිබෙනවා. ඒ කථාවේ ඇත්තක් මා දකිනවා. මීට අවුරුදු කීපයකට කලින් බීමතින් ගමන් කල පිරිසකට සිදුවූ ඉරණම හොදම උදාහරණයක්. පුවත්පත් වලද සඳහන් වුනා.

බලන්න සිංහල බෞද්ධයො කොච්චර පිරිහිලාද කියලා. තමන්ට උරුම සංස්කෘතියට, තමන්ට උරුම ආගමට මේවගේ ගරහන මිනිස්සු ඉන්නකල් කොහොමද දැහැමි සමාජයක් කියන්නේ. මේ පාර සිරිපා වන්දනාවට යන්න ඉන්න සියළුම දෙනා දැනුවත් කරන්නයි මේ ලිපිය ලියන්න හිතුවේ.
 
readbud - get paid to read and rate articles


Copyright © 2009 සිංහලෙන් අපි |Designed by Templatemo |Converted to blogger by BloggerThemes.Net