skip to main |
skip to sidebar
මුලදි වගේ බ්ලොග් එක නිතරම ලියන්න ඉඩකඩ නොතිබ්බට මොකද ඒකේ ආසාව නම් අඩුවුනේ නෑ. මගේ බ්ලොග් එක සින්ඩි කිහිපයකට හා අනේමන්ද වෙබ් පිටුවට ඇතුලත් වීමත් සමගම ගොඩාක් දෙනෙක් යන්න එන්න පටන් ගත්තා කිව්වොත් නිවැරදියි. ඒ අතරින් අද තමයි සුවිශේෂී දවස. බලපු කට්ටිය 10,000 වෙලා බොලේ. ඉතින් මේ ලිපිය හේතු පාදක කරගත්තේ මගේ බ්ලොග් එකට යන එන කස්ටියට ස්තූති කරන්නයි. හැමෝටම ජයවේවා.
අද ඔන්න කොල්ල මාතෘකා 2ක් ගැන කියවන්නයි යන්නේ. මේකෙන් එකක් තමයි මේ දවස්වල අපිට දැනෙන කුරුවල් වුන දේශගුණය අනික වාහන අනතුරු කියන එක. ඉතින් වෙනදවගේම ටොපික් එක පටන් අරං වෙන දෙයක් ගැන අවසන් කරයි. ඒත් කමක් නෑ කියල මේ අහිංසකය කියන එකත් අහනු මැනවි.
පායන්න ගත්තාම ඒකත් උපරිමේටම දෙනවා, වහින්න ගත්තාමත් ඒවිදියමයි. මේ දේශගුණයට මොන මංගල්යයක් වෙලාද මන්දා. පෙබරවාරි මාසෙට සෑහෙන්න පායනවා කියල ඉස්සර ඉඳන් මම අහලා තියෙනවා ඒත් මෙහෙම පෑවිල්ලක් ගැන නම් මම අහලා නෑ. ලිං වල වතුර හොඳටම හිඳිලා මිනිස්සු ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්. හැබැයි මේ දේවල්වලට මිනිස්සු වක්‍රාකාරයෙන් හරි වගකියන්න ඕනේ. රටේ තියෙන වනාන්තර විනාශකරල බොහොම අපූරුවට සොබාදහමට කට කැඩෙනකල් බනිනවා. අනේ හැබෑට. ඔන්න අද කරකුට්ටං වෙලා තිබුන පොළොවට ලාවට වැස්සකුත් වැටුනා. අනේ වාසනාවං. පහුගිය දවස්වල දාඩිය වැක්කෙරි වැක්කෙරි හිටිය හැටි මටක් වෙනකොට පිස්සු හැදිල ආයෙත් හැදෙනවා. දැන් ඔය පිටරටවල ඉඳන් විනෝදයට ආපු පිටරට උදවියන්ටත් අපිට වගේම එපාවෙන්න ඇති මෙහෙ දේශගුණය.
දේශගුණය වගේම තව කියන්න දෙයක් තියෙනව. පහුගිය දවස්වල සිද්ධවුන වාහන අනතුරු ගැන. ජීවිත කීයක් නම් විනාශ වුනාද. අපරාදේ මිනිස් ජීවිත. එකපිට එක ජීවිත නැතිවෙනකොට අඩුම තරමේ අනතුරු වලක්ව ගන්නවත් අදාල නිළධාරීන් කටයුතු කලානම්. ඉස්සරහදිවත් ටිකක් වගකීමෙන් කටයුතු කලානම් තමයි හොඳ. වෙච්ච ගොඩක් අනතුරු වල ප්‍රධාන හේතුව තමයි බීමතින් රිය පැදවීම. එහෙම කියනකොට අපේ මරේ වත් මතක් වෙනවා. මොකද එයාගේ කැමතිම බීම සහ වැඩියෙන්ම බොන බීම කියන තෑගි දෙකම ගන්න ඉන්නේ අරක්කු නිසා. බීමතින් රිය පදවනව කියල නම් අහල නෑ. හැබැයි රජෝ ඒක කරනවන්ං වහාම නතරකරගනිං හොඳේ.
අදට ඇති ආයෙත් වෙලාවක් ලැබුනාම ලිපියක් දාන්නම්.
හදිස්සියෙම වුන දෙයක් උදේ පාන්දරින්ම කියන්න ඕනේ කියල හිතුනා. ඊයේ රෑ වෙනදවගේම මල්කඩලා ඉවරවෙනකොට 12ත් පහුවෙලා. නිදාගන්න කියල ලෑස්තිවෙනකොට කෙටි පණිවුඩයක් ආවා මගේ ක්‍රෙඩිට් ලිමිට් එක පැනල කියල. කොහොම ගණන් හදනවද දන්නේ නෑ. මම හිතන්නේ ඒ ගැන වෙනම දවසක කියන්න සිද්ධවෙයි.
කොහොමහරි අද වැඩට එන ගමන්ම ගෙවාගෙන එන්න පුළුවන් නිසා එච්චරටම අවුලක් වුනේ නෑ. ඉතින් මම උදෙන්ම ප්‍රධාන ශාඛාවට ආවා ගංගාරාමයේ තියෙන. එතන අළුතෙන් ක්‍රමයක් පටන් අරන් පැය 24 ම මුදල් ගෙවන්න පුළුවන් වෙන විදියට. කරන්න තියෙන්නේ ගෙවන්න ඕනේ මුදල එතන තියෙන විශේෂ ලියුම් කවරයක දාල මැෂින් එකට දාන එක. හැබැයි තව පොඩි පොඩි වැඩ කීපයක් තියෙනවා. විස්තර එතන තියෙනවා. නැතිනම් එතන ඉන්න ආරක්ෂක නිලධාරියෙක්ගෙන් ටියුෂන් එකක් ගන්නත් පුළුවන්. ඔන්න ඔයාලට කැමති වෙලාවක බිල් ගෙවන්න කියාපු ක්‍රමය. Mobitel පුදුමයි ඒත් සරල නෑ හොඳේ.