skip to main |
skip to sidebar
මීට දින දෙකකට පෙර මාධ්‍යවල බොදුබල සේනාව සහ ජාතික බල සේනාව නමින් හඳුනා ගන්නා කණ්ඩායම අතර ඇතිවූ අර්බුදය පිළිබඳව විවිධ මතිමතාන්තර ගොඩ නැගුනි. සෑම දෙනෙකුටම තමන්ගේ මතය ඉදිරිපත් කිරීමට නිදහස ඇති බව තරයේ සිහි කර ගත යුතුය. නමුත් තමන්ගේ ජාතියට හා ආගමට යම් කිසි හානියක් වනවිට ඊට එරෙහිව ඉදිරිපත් වීමට ඇති හැකියාව ප්‍රජාතන්ත්‍රවාදී රටක තිබිය යුතු සාධකයකි. ආගමික සංහිඳියාව මවාපා ඒ තුලින් ජාති/ආගම් මැඩ පැවැත්වීම වැනි බාලාංශ ක්‍රියාවන් නැවැත්විය යුතුය. මෙය රාජ්‍ය මට්ටමේ සිදුවිය යුතු ක්‍රියාවකි. ජාතීන් අතර සමගිය නැතිවීම තුලින් නැවතත් රට අරාජික වීමට ඉඩ ඇත. ඒ අතරම අපේ රටේ වෙසෙන අනෙකුත් ජාතීනුත් මේ බව සිතිය යුතුය. මේ රට තවමත් සිංහල බෞද්ධ රටක් බවත් ප්‍රධාන ජාතිය හෝ ආගම වැනසීමට ක්‍රියා නොකලයුතු බවත්. ඊට අමතරව මේ රටෙ ඉතිහාසය ආගමික සිද්ධස්ථාන විනාශ කිරීමට තැත් කරන්නේ නම් ඊට එරෙහිව යම් යම් බලවේග ක්‍රියාත්මක වියයුතුයි. මෙය හුදෙක් රටේ අසමගිය ඇතිකිරීමට නොව සිංහල ජාතියේ සුභසිද්ධිය පිණිසම විය යුතුය.
හොඳයි අද මම ඔයාලට කියල දෙන්න යන්නේ වයිරස් මෘදුකාංගයකින් සඟවපු දත්ත නැවත ලබාගන්නේ කොහොමද කියල. උදාහරණයක් විදියට ඔයාල දන්නවා ඇති Folder EXE Virus එක ඒකෙන් කරන්නේ තියෙන හැම Folder එකක්ම සඟවලා ඒ වෙනුවට Folder එකේ නමින්ම වයිරස් ෆයිල් එකක් පෙන්වීම. මේක ගොඩක් දෙනෙක් පටලවගන්න තැනක්. ඉස්සෙල්ලාම ඔයාලගෙ වයිරස් ගාඩ් එකෙන් Clean කරගෙන තමයි මේ වැඩේ පටන් ගන්න ඕනේ.
අපේ රටේ මේදවස් වල කතා කරන්නේ චන්ද්‍රිකා ගැනනේ. බයවෙන්න එපා ඔය නම කිව්වට හිටපු ජනාදිපති වරියක් ගැන නේමෙයි ඔන්න කියන්නේ. අනේ අපේ රටේ ගම්වල ඉන්න උදවිය ඔය චන්ද්‍රිකා කියන්නේ මොකටද කියලවත් දන්නේ නැතුව ඇති. හරි කමක් නෑ මම අද බලන් හිටිය හවස ඉඳන් ඔය යවනවයි කිව්ව එක ගැන. හාවක් හූවක් තිබුනෙ නෑනේ බොලව්. රෑත් වුනා මෙන්න කියපි රූප පෙට්ටියෙන් මොකද්දො අකරතැබ්බයක් නිසා පරක්කු කලා කියලා.
ජංජාලේ අපේ රජතුමාගේ බාල කොළුගැටයගේ වීඩියෝවක් එහෙමත් තිබුනා. අම්මේ එක දැක්කාම මාර සතුටක් ආව. හැබැයි බලාගෙන යනකොට අපේ කියල කියන්න තියෙන්නේ රටේ කොඩිය විතරයිනේ. හරියට මේඩ් ඉන් චයිනා බඩුවේ වටේ කොලය අපි අලවලා වගේ. බොරුවට අමුතු නමක් දාගෙන බොරු සෝභන නැතුව දුප්පත් මිනිස්සුන්ට ජීවත් වෙන්න ආර්තිකය හදල දුන්න නම් නේද හොඳ.