චින බඩු සමග ලන්කන් කවර

අපේ රටේ මේදවස් වල කතා කරන්නේ චන්ද්‍රිකා ගැනනේ. බයවෙන්න එපා ඔය නම කිව්වට හිටපු ජනාදිපති වරියක් ගැන නේමෙයි ඔන්න කියන්නේ. අනේ අපේ රටේ ගම්වල ඉන්න උදවිය ඔය චන්ද්‍රිකා කියන්නේ මොකටද කියලවත් දන්නේ නැතුව ඇති. හරි කමක් නෑ මම අද බලන් හිටිය හවස ඉඳන් ඔය යවනවයි කිව්ව එක ගැන. හාවක් හූවක් තිබුනෙ නෑනේ බොලව්. රෑත් වුනා මෙන්න කියපි රූප පෙට්ටියෙන් මොකද්දො අකරතැබ්බයක් නිසා පරක්කු කලා කියලා.

ජංජාලේ අපේ රජතුමාගේ බාල කොළුගැටයගේ වීඩියෝවක් එහෙමත් තිබුනා. අම්මේ එක දැක්කාම මාර සතුටක් ආව. හැබැයි බලාගෙන යනකොට අපේ කියල කියන්න තියෙන්නේ රටේ කොඩිය විතරයිනේ. හරියට මේඩ් ඉන් චයිනා බඩුවේ වටේ කොලය අපි අලවලා වගේ. බොරුවට අමුතු නමක් දාගෙන බොරු සෝභන නැතුව දුප්පත් මිනිස්සුන්ට ජීවත් වෙන්න ආර්තිකය හදල දුන්න නම් නේද හොඳ.

3 ප්‍රතිචාර:

රතීගේ දිනපොත said...

තනි අයිතිය ශ්‍රීලංකාව සතු නොව්නත් කා එක්ක හරි එකතු වෙලා මේක කරපු එක ගැනනම් සතුටුයි,, අපි කොහොමත් භාහිර ලෝකයට වැඩ පරම්පරා දෙක තුනක් පස්සෙන් ඉන්නේ,, හිත හිත ඉන්නේ නැතුව මේවගේ දෙයක් පටන් ගත්තු එකනම් ලොකු දෙයක්,, නමුත් මහජන මුදල් නාස්ති නොකර හම්බන්තොට වරයට උණු දේ මෙයටත් නොවේව කියල මන් ප්‍රර්ථනා කරනවා,,

C0dE | කෝඩ් said...

අපේ කම අපේ දේවල් විකුණල රටත් ආගමත් විනාශවෙලා මොන තාක්ෂණය දියුනු වුනත් වැඩක් නෑ බං

SilentSahan said...

increase the size of ur posts..

 
readbud - get paid to read and rate articles


Copyright © 2009 සිංහලෙන් අපි |Designed by Templatemo |Converted to blogger by BloggerThemes.Net