උදේ පාන්දරින්ම පිටන්වුනා ගොඩාක් දුර යන්න තියෙන නිසා. අපි ගිය වෑන් එක ඩ්‍රයිව් කරගෙන ගියේ ගෙවල් පැත්තෙම අයිය කෙනෙක්. එයත් ඉතින් සාමාන්‍ය විදියට හැඳගෙන හිටියා. පෝරුවේ චාරිත්‍ර පටන් ගන්න කලින් යන්තම් උත්සව ශාලාවට ඇතුල්වුනා. වාහනේ ඩ්‍රයිව් කරපු අයියවත් අපි ඇතුලට ඇදගෙන ගියා.
වැඩේ ලස්සනට කෙරුනා කිසිම අඩුවක් නැතිවෙන්න. ඔක්කොම ඉවරවෙලා මනමාලයයි මනමාලියයි ඉන්න හැමෝම ලඟට එනවානේ. එහෙම අපි ඉන්න මේසය ලඟට ආවහම මනමාලයා අපි එක්කෙනා එක්කෙනා මනමාලියට අඳුන්නලා දුන්නා මනමාලිත් ඉතින් අපි හැමෝටම "ආ.... මම අහල තියෙනවා මෙයා නිතරම කියනවා" කියල උත්තර දුන්නා.
මෙහෙම කිය කිය අපේ ඩ්‍රයිවර් අයියා ඉන්න තැනට යනකොට අපි එයාගේ නම කිව්වා. එතකොට මනමාලි ගත් කටටම "ආ.... මම අහල තියෙනවා මෙයා නිතරම කියනවා" කියල කිව්වා. අපි නෑසුනා වගේ හිටියා. එතකොට තමයි අපිට වැඩේ තේරුනේ. මනාලයා මනාලිට කලින් උගන්වා තියෙනවා අර විදියට උත්තර දෙන්න කියලා. ඒ කියන්නේ අපිටත් වුනේ ඒ දේම තමයි.
1 ප්‍රතිචාර:
Superb blog post, I have book marked this internet site so ideally I’ll see much more on this subject in the foreseeable future!
Post a Comment