ඔන්න ඉතින් අළුත් අවුරුද්දකුත් ලබල තියෙනවා. දැන් දිනය ලියන්න ගියාම ටැපලෙනවා. ඇත්තටම අද මට එහෙමත් එකක් වුනා. ඊයේ අපේ මරේගේ බ්ලොග් එකෙත් කියල තිබුන නිසා එයාවත් මතක් වුනා එක පාරටම. ඇත්තටම මට මුලින්ම ලියවුනේ 20010 කියල.
උදේ පාරට බැස්ස වෙලාවේ ඉඳන් දකින දකින කෙනා එක්කෝ "සුභ අළුත් අවුරුද්දක් වේවා" නැතිනම් "හැපී නිව් ඉයර්" කියනවා. මමත් ඉතින් එසේම වේවා කියල අදහස එන්න සිංහලෙනුයි කඩ්ඩෙනුයි අදාල විදියට කියල දැම්මා. මට මේ අවුරුදු ගානක ඉඳන් තියෙන ප්‍රශ්නයක් තමයි අළුත් අවුරුදු උදාව කියන්නේ.
දැන් ඔයාල බලයි ඒ මොකද කියලා. අපේ රටේ මිනිස්සුන්ට එකම අවුරුද්දේ අවුරුදු උදාවන් දෙකක් තියෙනවා. දැන් මෙහෙම සුභ පැතුවට අප්‍රේල් මාසෙටත් සුභ අළුත් අවුරුද්දක් වේවා කියල සුභ පතනවා. මට ප්‍රශ්නේ තියෙන්නේ කෝකද සිංහලයට අයිති අවුරුද්ද කියල. බලාගෙන යනකොට අපේ රටේ මිනිස්සු හරි පුදුමයිනේ. ලෝකෙටම අවුරුදු එකයි ඒත් ලංකාවේ දෙකයි.
1 month ago
9 ප්‍රතිචාර:
සිරාවටම අනුන්ගේ අවුරුද්දකට ලංකාවේ අය කෙළින පිස්සු දැක්කහම හිතෙනව අපේ උන් සුද්දො වෙන්න යනවද කියලත්...
ඒක තමයි. අපේ මිනිස්සු කරන්නන් වාලේ ඔහේ කරනවා.
ඔව් ඔව්, ඉතින් මේක ලංකාවනේ....
සිංහල ක්‍රමයටනම් හරියටම අවුරුදු එන්නේ බක් මාසේදී තමා.
මේක මේ සිංග්ලිෂ් අයගේ වැඩක් තමා දුරුත්තේදීත් ඒක සැමරීම.
හී හී හී....
හැබැයි එකක් කියන්න ඕනෑ....
සුබ අළුත් අවුරුද්දක් කියලා අතට අත දෙන එකට මම එකඟ නෑ....
මේක කවලමක්නේ...
එක්කෝ ඉන්ගිරිසි විදියට නැත්නම් සිංහල විදියට.
/බිඟුවා...!
සුබ අළුත් අවුරුද්දක්
සුබ අළුත් අවුරුද්දක්
හ්ම්ම් ඒක ඇත්ත ලන්කාවේ විතරක් අවුරුද්ද දෙපාරක් සමරනවා !! නරකද මන්දා ඔක්කොම එකතුවෙලා අප්‍රේල් වල ඔක සමෘවාම
@නිශාන්ත අනුරුද්ධ
හැබෑව හැබෑව සිංග්‍රීසි විදියට ඒකත් කියන්නේ අපෙ කස්ටිය.
@උදාර. නොහොත් xyz
එසේම වේවා
@Dar[K]
ඕකට කියන්නේ සුද්දව අනුකරණය කිරීම කියලයි.
කෝඩ් අයියා ඇතුලු හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....
ලංකාවෙ අයට විතරක් නෙමෙයි - අළුත් අවුරුදු දෙකක් තිේරන්නේ.
චීන අළුත් අවුරුද්ද - පෙබරවාරි වල.
තායිලන්තයේත් - සොන්ක්‍රාන් (සන්ක්‍රාන්තිය) තමයි අවුරුද්ද - අප්‍රියෙල් වල.
හොයල බලන්න - ජපානයේ, කොරියාවේ .... වෙනත් අවුරුදු දින නැද්ද කියලා
anewasika
Post a Comment