හොඳයි අද මම ඔයාලට කියල දෙන්න යන්නේ වයිරස් මෘදුකාංගයකින් සඟවපු දත්ත නැවත ලබාගන්නේ කොහොමද කියල. උදාහරණයක් විදියට ඔයාල දන්නවා ඇති Folder EXE Virus එක ඒකෙන් කරන්නේ තියෙන හැම Folder එකක්ම සඟවලා ඒ වෙනුවට Folder එකේ නමින්ම වයිරස් ෆයිල් එකක් පෙන්වීම. මේක ගොඩක් දෙනෙක් පටලවගන්න තැනක්. ඉස්සෙල්ලාම ඔයාලගෙ වයිරස් ගාඩ් එකෙන් Clean කරගෙන තමයි මේ වැඩේ පටන් ගන්න ඕනේ.
හරි මේ වැඩේ 2 අදියරට මට වුවමනා වෙනවා Total Commander කියලා Software එකක්. මේ අරුම පුදුම මෘදුකාංගයෙන් තමන්ට අවශ්‍ය File එක එහෙමත් නැතිනම් Folder එක සෙලෙක්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ Configuration මෙනුවේ Display සිලෙක්ට් කර Show hidden files/System files ඉදිරියෙන් tick එක දමන්න. ඊටපස්සේ ඔයාලට සඟවපු දේවල් පෙනෙන්න ගන්නවා.
දැන් ඔයාල අවශ්‍ය තැනට ගිහින් බලනකොට සැඟවුන දත්තයන් හෝ folders ප්‍රශ්නාර්ථ සලකුණක් සමග පේනවා. හරියට මේ වගේ.
දැන් File මෙනුවේ Change Attributes මෙනුවට යන්න. එතකොට එනවා තවත් වින්ඩෝ එකක්. ඒකේ සලකුණු වී ඇති සියලුම Tick ඉවත් කරන්න.
වෙනත් විදියකට කියනවනම් apply වී ඇති settings ටික ඉවත් කරන්න. දැන් ඔබට සැඟවුන දත්තයන් නැවත පෙන්නුම් කරයි.
3 weeks ago
2 ප්‍රතිචාර:
ගොඩක් ස්තූතියි ලිපියට
Good post. I also afftected to this kind of scenario.
Post a Comment