වාහන ගනන් යැවීම

මේ දවස් වල හැමෝගෙම කතාවට ලක්වෙලා තියෙන්නේ වාහන වල ගනන් වැඩිවීම. මේ ආණ්ඩුව බලයට පත් වෙන්න කලින් අපිට අපමණ අගයක් දෙන්න කියලා කෑගහපු කාලේ අර ටීවී එකේ උදේ හවස ගිය ඇඩ් එක මතක් කරගෙන බලන්න. බයිසිකලේ යන අයට කාර් එකක් ගන්න තමයි බලය දෙන්න කිව්වේ. දැන් මොකද වෙලා තියෙන්නේ බයිසිකලයක් තියා බයිසිකල් රිම් එකක්වත් ගන්න බැරි තැනට අපිව පත් කලා. තව ගොඩක් ලොරි ටෝක් වගයක් දීලා මිනිස්සුන්ව රවට්ටගෙන බලයට ආවා නම් කරලා පෙන්නන එකයි තියෙන්නේ. 

හරි දැන් ගනන් වැඩි කලා කියමුකෝ ඒත් "ජෝන් වල් ජෝන්" එහෙමත් නැත්නම් "ව්‍යාග්‍රා ජෝන්" කියන්නේ වාහනයක් ගන්න සුදුසුකම් සපුරන්න ඕනේ කියලා. එතකොට ඔය පාර්ලිමේන්තුවට යන අට වත් පාස් නැති ගොබ්බ රැලට විතරද සුදුසුකම් තියෙන්නේ. මම මේ කියන්නේ කිසිම දේශපාලන පක්ෂයකට සහය දක්වන්න නෙමෙයි. හරිදේ හරි කියන්නත් වැරදි දේ වැරදි කියන්නත් කොයිම වෙලාවක බයවෙන්න අවශ්‍ය නෑ. සමහරු කියනවා අධික මාර්ග තදබදයට විසඳුමක් කියලා. ඒත් ඕනම ගොනෙකුට තේරෙනවා අතීසාරයට අමුඩෙ ගහගන්නවා වගේ වැඩක් කියලා. 

කාලෙකින්


අවුරුදු දෙකක් මට මේ බ්ලොග් එකට ලියන්න තියා පැත්ත පලාතෙවත් එන්න ලැබුනේ නෑ. ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙන හැඩයි. රටේ ගොඩක් වෙනස්කම් වෙලා තියෙනවා ගොඩක් කතාබහ ඇතිවෙලා තියෙනවා. කොහොම වුනත් මම කලින් වගේම පෝස්ට් එකත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒ වගේම මම විශ්වාස කරනවා ඔයාලත් මගේ බ්ලොග් එක කියවන්න ඒවි කියලා.
 
readbud - get paid to read and rate articles


Copyright © 2009 සිංහලෙන් අපි |Designed by Templatemo |Converted to blogger by BloggerThemes.Net