සිහලුන් රැකගැනුම පිණිස බොදුබල සේනාව

මීට දින දෙකකට පෙර මාධ්‍යවල බොදුබල සේනාව සහ ජාතික බල සේනාව නමින් හඳුනා ගන්නා කණ්ඩායම අතර ඇතිවූ අර්බුදය පිළිබඳව විවිධ මතිමතාන්තර ගොඩ නැගුනි. සෑම දෙනෙකුටම තමන්ගේ මතය ඉදිරිපත් කිරීමට නිදහස ඇති බව තරයේ සිහි කර ගත යුතුය. නමුත් තමන්ගේ ජාතියට හා ආගමට යම් කිසි හානියක් වනවිට ඊට එරෙහිව ඉදිරිපත් වීමට ඇති හැකියාව ප්‍රජාතන්ත්‍රවාදී රටක තිබිය යුතු සාධකයකි. ආගමික සංහිඳියාව මවාපා ඒ තුලින් ජාති/ආගම් මැඩ පැවැත්වීම වැනි බාලාංශ ක්‍රියාවන් නැවැත්විය යුතුය. මෙය රාජ්‍ය මට්ටමේ සිදුවිය යුතු ක්‍රියාවකි. ජාතීන් අතර සමගිය නැතිවීම තුලින් නැවතත් රට අරාජික වීමට ඉඩ ඇත. ඒ අතරම අපේ රටේ වෙසෙන අනෙකුත් ජාතීනුත් මේ බව සිතිය යුතුය. මේ රට තවමත් සිංහල බෞද්ධ රටක් බවත් ප්‍රධාන ජාතිය හෝ ආගම වැනසීමට ක්‍රියා නොකලයුතු බවත්. ඊට අමතරව මේ රටෙ ඉතිහාසය ආගමික සිද්ධස්ථාන විනාශ කිරීමට තැත් කරන්නේ නම් ඊට එරෙහිව යම් යම් බලවේග ක්‍රියාත්මක වියයුතුයි. මෙය හුදෙක් රටේ අසමගිය ඇතිකිරීමට නොව සිංහල ජාතියේ සුභසිද්ධිය පිණිසම විය යුතුය.


1 ප්‍රතිචාර:

Anonymous said...

Aniwa eka aththa

 
readbud - get paid to read and rate articles


Copyright © 2009 සිංහලෙන් අපි |Designed by Templatemo |Converted to blogger by BloggerThemes.Net