සැඟවුන දේ සෙවීම

හොඳයි අද මම ඔයාලට කියල දෙන්න යන්නේ වයිරස් මෘදුකාංගයකින් සඟවපු දත්ත නැවත ලබාගන්නේ කොහොමද කියල. උදාහරණයක් විදියට ඔයාල දන්නවා ඇති Folder EXE Virus එක ඒකෙන් කරන්නේ තියෙන හැම Folder එකක්ම සඟවලා ඒ වෙනුවට Folder එකේ නමින්ම වයිරස් ෆයිල් එකක් පෙන්වීම. මේක ගොඩක් දෙනෙක් පටලවගන්න තැනක්. ඉස්සෙල්ලාම ඔයාලගෙ වයිරස් ගාඩ් එකෙන් Clean කරගෙන තමයි මේ වැඩේ පටන් ගන්න ඕනේ.

චින බඩු සමග ලන්කන් කවර

අපේ රටේ මේදවස් වල කතා කරන්නේ චන්ද්‍රිකා ගැනනේ. බයවෙන්න එපා ඔය නම කිව්වට හිටපු ජනාදිපති වරියක් ගැන නේමෙයි ඔන්න කියන්නේ. අනේ අපේ රටේ ගම්වල ඉන්න උදවිය ඔය චන්ද්‍රිකා කියන්නේ මොකටද කියලවත් දන්නේ නැතුව ඇති. හරි කමක් නෑ මම අද බලන් හිටිය හවස ඉඳන් ඔය යවනවයි කිව්ව එක ගැන. හාවක් හූවක් තිබුනෙ නෑනේ බොලව්. රෑත් වුනා මෙන්න කියපි රූප පෙට්ටියෙන් මොකද්දො අකරතැබ්බයක් නිසා පරක්කු කලා කියලා.

ජංජාලේ අපේ රජතුමාගේ බාල කොළුගැටයගේ වීඩියෝවක් එහෙමත් තිබුනා. අම්මේ එක දැක්කාම මාර සතුටක් ආව. හැබැයි බලාගෙන යනකොට අපේ කියල කියන්න තියෙන්නේ රටේ කොඩිය විතරයිනේ. හරියට මේඩ් ඉන් චයිනා බඩුවේ වටේ කොලය අපි අලවලා වගේ. බොරුවට අමුතු නමක් දාගෙන බොරු සෝභන නැතුව දුප්පත් මිනිස්සුන්ට ජීවත් වෙන්න ආර්තිකය හදල දුන්න නම් නේද හොඳ.
 
readbud - get paid to read and rate articles


Copyright © 2009 සිංහලෙන් අපි |Designed by Templatemo |Converted to blogger by BloggerThemes.Net