මම දන්නවා...

අද ඔන්න කියන්න යන්නේ මටම වුන පොඩි සිද්ධියක්. මේ ලඟදි මගේ හොඳම යාළුවෙක්ගේ මගුල් ගෙදරකට සහභාගී වෙන්න ඇරයුමක් ලැබුනා. යාළුවා ඉන්නේ ටිකක් දුර ඈත. ඉතින් තව අපේ සෙට් එකේ කීපදෙනෙක්ටම ඇරයුම් ලැබුන නිසා වෑන් එකක් හයර් කරගෙන යමුයි කියල කථාවුනා.

උදේ පාන්දරින්ම පිටන්වුනා ගොඩාක් දුර යන්න තියෙන නිසා. අපි ගිය වෑන් එක ඩ්‍රයිව් කරගෙන ගියේ ගෙවල් පැත්තෙම අයිය කෙනෙක්. එයත් ඉතින් සාමාන්‍ය විදියට හැඳගෙන හිටියා. පෝරුවේ චාරිත්‍ර පටන් ගන්න කලින් යන්තම් උත්සව ශාලාවට ඇතුල්වුනා. වාහනේ ඩ්‍රයිව් කරපු අයියවත් අපි ඇතුලට ඇදගෙන ගියා.

වැඩේ ලස්සනට කෙරුනා කිසිම අඩුවක් නැතිවෙන්න. ඔක්කොම ඉවරවෙලා මනමාලයයි මනමාලියයි ඉන්න හැමෝම ලඟට එනවානේ. එහෙම අපි ඉන්න මේසය ලඟට ආවහම මනමාලයා අපි එක්කෙනා එක්කෙනා මනමාලියට අඳුන්නලා දුන්නා මනමාලිත් ඉතින් අපි හැමෝටම "ආ.... මම අහල තියෙනවා මෙයා නිතරම කියනවා" කියල උත්තර දුන්නා.


මෙහෙම කිය කිය අපේ ඩ්‍රයිවර් අයියා ඉන්න තැනට යනකොට අපි එයාගේ නම කිව්වා. එතකොට මනමාලි ගත් කටටම "ආ.... මම අහල තියෙනවා මෙයා නිතරම කියනවා" කියල කිව්වා. අපි නෑසුනා වගේ හිටියා. එතකොට තමයි අපිට වැඩේ තේරුනේ. මනාලයා මනාලිට කලින් උගන්වා තියෙනවා අර විදියට උත්තර දෙන්න කියලා. ඒ කියන්නේ අපිටත් වුනේ ඒ දේම තමයි.

එපාම කෙරුවාව....

කාලෙකට පස්සේ අද මම කියන්න යන්නේ සමහර විට ඔයාලටත් අත්දකින්න ලැබුන දෙයක් වෙන්නත් පුළුවන්. මේක කොච්චර එපා වුනාද කියනවනං ආයතන ප්‍රධානින්ගේ ගෙවල්වල උදවිය එහෙමත් මතක් වුනා. වැඩි කථා ඕනේ නෑ. සිද්ධිය මේකයි.

අපේ නෑදෑ වෙන පොඩි එකෙක්ගේ 5 වසර රිසල්ට්ස් බලලා දෙන්න කිව්වා. මම ඉතින් වැඩේ බාරගත්තා. අද දවල් කිව්වා නොවැ අන්තර්ජාලයට දානවා කියල. මම ඉතින් 1 ට විතර බලන්න ගියා අන්තර්ජාල ලිපිනයට. මෙන්න බොලේ සයිට්‍ටුව මිසින්ග්. හික් හික්.... වෙලවකට එනවා ටිකකින් යනවා. පැයක් විතර රීෆ්‍රෙෂ් කර කර හිටිය ඔන්න. මේකට හේතුව මගේ අන්තර්ජාලයේ ප්‍රශ්නයක් එහෙම නෙවෙයි ඔන්න. එයාල පාවිච්චි කරන සේවාවේ ප්‍රශ්නයක්. අන්තිමට පැයක විතර ලොකු මෙහෙයිමකින් පස්සේ ලකුනු ටික බලගත්තා.

හරි දැන් ඔන්න වැදගත් ටික...

විභාග දෙපාර්තමේන්තුවේ මහලොකු සයිට්‍ටුවේ යටට වෙන්න තඩි අකුරෙන් ඩයලොග් ආයතනයේ පල්හෑලි ටිකක් දාලා තියෙනවා. සේවාව සපයන්නේ ඩයලොග් නම් ඉතින් තවත් කුමන කථාද. අන්තර්ජාල සේවාව සහ වෙබ් හොස්ටින්න් සේවාව යන දෙකම සපයන්නේ එම ආයතනයයි. හැබෑට කවුද මේ වගේ බංකොලොත් ආයතනවලට වැදගත් සේවාවන් බාරදෙන්නේ. සමහර විට ලොකු කුට්ටියක් එහෙම දෙපැත්ත්හෙම කට්ටියට යනවද දන්නේත් නෑ. මේක ඉතින් ලංකාවනේ. සේවාවන් දෙනවනං ඒවිදියට දෙන්න දැනගන්න ඕනේ. මොකද ආණ්ඩුවේ සල්ලි වෙනමිනිස්සු මාටියා ගහනවනං හොඳ සේවාවක් උදෙසා හොඳ ආයතනයකට මුදල් දුන්නා කියා කිසිම වැ‍රැද්දක් නෑ. අනික මිනිස්සුන්ට ලබාදෙන සේවාව ඒවිදියට තියෙන්න ඕනේ.

දැන් කවුරුහරි කියනවනම් මම කොහොමද පැහැදිලිවම ඩයලොග් ආයතනය පිට වරද පටවන්නේ කියා. පහල තියෙනදේ RECORDS කියවන්න.


DNS Servers for doenets.lk:
ns1.dialogsl.net
ns2.dialogsl.net


doenets.lk. 86400 IN SOA ns1.dialogsl.net. root.dialogsl.net. (
2010081301 ; Serial
900 ; Refresh
3600 ; Retry
2592000 ; Expire
86400 ) ; Minimum TTL
doenets.lk. 86400 IN NS ns1.dialogsl.net.
doenets.lk. 86400 IN NS ns2.dialogsl.net.
doenets.lk. 60 IN A 125.214.169.100
doenets.lk. 86400 IN MX 0 mailgw.dialogsl.net.
www.doenets.lk. 60 IN A 125.214.169.100

Drivers Backup කරමු

අද මම මේ කියන්න යන්නේ මගෙ යාලුවෙක්ට වුන පොඩි කරදරයක් ගැනයි. අපේ ගෙවල් ලඟ මගෙ හොඳම හිතවත් මිත්‍රයෙක්ට අද විභාගයක් තියෙනවා. පහුගිය දවස් වල වෙසක් බලන්න යන්න කතා කරද්දිත් විභාගය පිටින් දාල හිටියා. ඉතින් ඊයේ රෑ 8ට විතර මට හදිස්සියෙන්ම වගේ කතාකරල කිව්වා වින්ඩෝස් වල මොකද්ද ප්‍රශ්නයක් ඉක්මනට හදල දෙන්න කියලා. මම ඉතින් ඉක්මනටම ගිහින් බැලුවා. කිව්වා වගේම වින්ඩෝස් වල මොකද්ද ප්‍රශ්නයක්. ඉතින් ඒ වෙලාවේ හැටියට කරන්න තිබුන එකමදේ අළුතෙන් ෆෝමැට් කරන එක. ඉතින් ඒකට තිබුන එකම ප්‍රශ්නෙ තමයි Mother Board CD එක නැති කම. ඉතින් මම ජංජාලේ හොයල හොයල ඒකට විසඳුමක් හොයා ගත්තා.

මේකෙන් කරන්න අපේ පරිගණකයේ තියෙන ඩ්‍රයිවර්ස් ඔක්කෝම ටික එකතු කරගෙන නැවත ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් වෙන්න එක ෆයිල් එකකට සකසන එක. ඒ වගේම අලුත්ම ඩ්‍රයිවර්ස් අන්තර්ජාලයෙන් හොයාගෙන ඉන්ස්ටෝල් කරගන්නත් පුළුවන්. අපි හිතමුකෝ අපේ පරිගණකයේ සවුන්ඩ්ස් වැඩ කරන්නේ නෑ කියල. මේ මෘදුකාංගයෙන් පුලුවන් අවශ්‍ය ඩ්‍රයිවර් එක හොයාගෙන ඉන්ස්ටෝල් කරගන්න. ඔයාලටත් මේ වගේ ප්‍රශ්න අනන්තවත් වෙලා ඇති. දැන් ඒ ගැන කල්පනා කරකර විසඳුම් හොයන්න අවශ්‍ය නෑ.

මිස්ටර් බීන් ගේ කතන්දර....

අහම්බෙන් ජංජාලේ සැරිසරද්දි මරු භාණ්ඩයක් හම්බවුනා. ඉතින් ඒක ඔයාලටත් දෙන්න ඕනේ නිසා මේ ලිපිය දාන්න හිතුනා.

අපි ඉතින් ඉස්සර ඉඳන් හිනාවෙන්න තියෙන චිත්‍රපට බලන්න හරි ආසයිනේ. ඒවා අතරින් මිස්ටර් බීන් ගේ කථා නම් අමතකවෙන්නේම නෑ. ඉතින් අද ලිපියෙන් මිස්ටර් බීන් ගේ චිත්‍රපටි පෙලක්ම ඉදිරිපත් කරන්න තමයි හදන්නේ. බාගෙනම බලන්නකෝ.





http://rapidshare.com/files/385744955/Mr.Bean_Complete_DVDs_Collection_CCW_ROCKZ.part01.rar
http://rapidshare.com/files/385744949/Mr.Bean_Complete_DVDs_Collection_CCW_ROCKZ.part02.rar
http://rapidshare.com/files/385747119/Mr.Bean_Complete_DVDs_Collection_CCW_ROCKZ.part03.rar
http://rapidshare.com/files/385747386/Mr.Bean_Complete_DVDs_Collection_CCW_ROCKZ.part04.rar
http://rapidshare.com/files/385748654/Mr.Bean_Complete_DVDs_Collection_CCW_ROCKZ.part05.rar
http://rapidshare.com/files/385748965/Mr.Bean_Complete_DVDs_Collection_CCW_ROCKZ.part06.rar
http://rapidshare.com/files/385750641/Mr.Bean_Complete_DVDs_Collection_CCW_ROCKZ.part07.rar
http://rapidshare.com/files/385751168/Mr.Bean_Complete_DVDs_Collection_CCW_ROCKZ.part08.rar
http://rapidshare.com/files/385751522/Mr.Bean_Complete_DVDs_Collection_CCW_ROCKZ.part09.rar
http://rapidshare.com/files/385751836/Mr.Bean_Complete_DVDs_Collection_CCW_ROCKZ.part10.rar
http://rapidshare.com/files/385754050/Mr.Bean_Complete_DVDs_Collection_CCW_ROCKZ.part11.rar
http://rapidshare.com/files/385754649/Mr.Bean_Complete_DVDs_Collection_CCW_ROCKZ.part12.rar
http://rapidshare.com/files/385755133/Mr.Bean_Complete_DVDs_Collection_CCW_ROCKZ.part13.rar
http://rapidshare.com/files/385755121/Mr.Bean_Complete_DVDs_Collection_CCW_ROCKZ.part14.rar
http://rapidshare.com/files/385757308/Mr.Bean_Complete_DVDs_Collection_CCW_ROCKZ.part15.rar
http://rapidshare.com/files/385757845/Mr.Bean_Complete_DVDs_Collection_CCW_ROCKZ.part16.rar
http://rapidshare.com/files/385758621/Mr.Bean_Complete_DVDs_Collection_CCW_ROCKZ.part17.rar
http://rapidshare.com/files/385758818/Mr.Bean_Complete_DVDs_Collection_CCW_ROCKZ.part18.rar
http://rapidshare.com/files/385760155/Mr.Bean_Complete_DVDs_Collection_CCW_ROCKZ.part19.rar
http://rapidshare.com/files/385761175/Mr.Bean_Complete_DVDs_Collection_CCW_ROCKZ.part20.rar
http://rapidshare.com/files/385761380/Mr.Bean_Complete_DVDs_Collection_CCW_ROCKZ.part21.rar
http://rapidshare.com/files/385761825/Mr.Bean_Complete_DVDs_Collection_CCW_ROCKZ.part22.rar

මැච් එක......

ඔන්න ඉතින් කාලෙකින් මැච් එකක් බලන්න කොහෙන් හරි පූරුවෙ පිනක් ලැබිල තිබුනා. වැඩේ හරියට බලන්න පු‍ටු ටිකත් සැපට සෙට් කරගෙන ඉතින් බලාගෙන හිටියා. අපරාදෙ කියන්න බෑ ලක් එක නම් සුපිරි. මේ පාරත් ටොස් එක අපිට. ඊළඟට "ඉලෙක්ටඩ් ‍ටු බැට්" කියලත් කිව්වේ. රටවල් දෙකේම ජාතික ගීතයන් හරි අපූරුවට වාදනය නම් කලා. ඒත් සමහර ලංකාවේ ක්‍රීඩකයෝ නම් තාමත් ජාතික ගීයට ගරු කරන්න දන්නේ නෑ වගේ. සමහරු පපුවට අත තියාගෙන හාට් බීට් එක ජාතික ගීයේ බීට් එකට මැච් වෙනවද කියල ටෙස්ට් කරා. තවත් කීපදෙනෙක් අත්දෙක පිටිපස්සට දාගෙන පහසුවෙන් ඉන්නව ඔයගොල්ලොත් දකින්න ඇති.

ටික වෙලාවකට පස්සේ අපේ අළුත් මන්ත්‍රීතුමයි මහේල කොලුවයි පිට්ටනියට ආවා. මන්ත්‍රීතුමා එයාගේ සුපුරුදු ඉරියව්ටික මැනැවින් පෙන්නලා මහේල කොලුවට ඉස්සෙල්ලාම ගහන්න වාරෙ දුන්නා. ඒකත් ඉස්සර සනාට වුන පොඩි සීන් එකක් නිසා කියල කවුරුත් දන්නවා ඇතිනේ. ඒකාලේ ඒකියන්නේ ඉස්සර මැච් වල සනාට පලවෙනි බෝලය අපලයක් විදියට තිබුනා.

ඉන්දියාවත් එක්ක ගහපු මැච් එක වගේ මහේල 4කින්ම ගේමට එන්ටර් වුනා. අනේ ඉතින් පලවෙනි ඕවරෙන්ම අපේ මන්ත්‍රීතුමා දැවී යනකොට මගේ පපුව හෝස් ගෑවා. ඉස්සර සනා ගහපු විදියට අපිත් ෆුල් හොල්මන්. ඒත් මතක ඇති කාලෙක එහෙම පිතිහරඹයක් දකින්න ලැබුනේ නෑ. ඉස්සෙල්ලාම මන්ත්‍රීතුමා, ඊළඟට ඩිල්ෂාන්, ඊළඟට මහේල වැල වගේ යන්න ගත්තාම මම බලපොරොත්තු පැත්තකින් දාල හිටියා. අපි ඉතින් මැච් එකක් බලන්න හදනකොටත් මොකක් හරි හෙනයක් තමයි. ඔහොම හිතල ටීවී එක වහල මගේ වැඩ පටන් ගත්තා.

පරණ පුරුදු අවුරුද්ද

ඔන්න ඉතින් අවුරුද්දත් ලැබුවා. අන්තිමට රවුම් ගහපු එක විතරද මන්දා. කලින් අවුරුදු වල වගේ කිසිම ‍ෆිට් එකක් තිබුනේ නෑ. මට විතරක් දැනුන දෙයක්ද කියන්නත් බෑ. කොහොම වුනත් නගරවල සෙනග නම් වෙනදට වඩා හිටියා. බඩුවක් මුට්‍ටුවක් ගන්න නගරෙට ගියාම වරු ගාණකට එන්න බෑ. ඒ තරමට ජනතාව වීදි බැහැල. ඒ අතින් බලනකොට මිනිස්සුන්ගෙ අතමිට එහෙමත් සරුයි කියල තමයි මට හිතුනේ.

කොහොම හරි අවුරුද්ද ලැබුවට පස්සේ බ්ලොග් එකට පොඩි වෙනස්කම් කිහිපයකුත් කලා. එකක් නම් ඉතින් බැලූ බැල්මට පෙනෙන්න තියෙනවනේ. අනිත් එක තමයි මූණුපොතේ විප්ලවය. විප්ලවයක් කිව්වට එහෙන්මමත් නෑ ඉතින්. ඒකටත් කස්ටියට සෙට් වෙන්න කියල ආරාධනා කරනවා.

නිකම් ම කාලය ගෙවෙන අතරේ මම බ්ලොග් අතරේ පොඩි රවුමක් එහෙමත් ගැහුවා. හොඳ හොඳ ලිපි එහෙමත් තියෙනවා. ඒ අතරේ බයිස්කෝප් සෙට් එකේ බ්ලොග් එකට අළුත් යෝජනාවකුත් දැම්මා. 13 වෙනිදා පරණ අවුරුද්ද කියල සියළු දෝෂ දුරුවෙන්න කියල අනුමත වුනා. කාලෙකින් රෙඩ් රම් පාරක් ගැහුවේ. උදේ පටන් ගත්ත එක ඉවරවුනේ හවස. වැඩිය නෑ බෝතල් දෙකයි හැබැයි 3 දෙනයි. තව එකෙක් හිටිය මිනිහ හොරට ගැහුවේ. කොහොම වුනත් අවුරුද්දක හොඳ අවසානයක් කියල නම් කියන්න පුළුවන්. ඒක තමයි ඉතින් මට අවුරුද්දට කියල විශේෂයෙන් කියන්න තියෙන්නේ.

දිනයක සැමරුම

අද මම කියන්න යන්නේ අළුත් අවුරුද්ද ගැනම නෙමෙයි. ඒක අපේ පොඩි කාලෙ ඉඳන් කොහොමද පැවතුනේ කියන එකයි. අප්‍රේල් නිවාඩුව ඉස්කෝලේ යන ඕනෙම කෙනෙක්ට වඩාත් සතු‍ටුදායක නිවාඩුව කියල කියන්න පුළුවන්. ඒ කාලේ අවුරුද්ද කියන එකේ තේරුම හරි හැටි නොතේරුනත් කරන කියන වැඩ මොනවද කියන්න නම් දැනගෙන හිටියා. ඔන්න ඉතින් මම ගොඩාක්ම පොඩි එකා කාලේ අවුරුද්ද කියල හිතුවේ වෙලාවකට කිරිබත් කන එකයි. මොකද පුංචි සන්ධියේ පුංචි බඩට නිතරම බඩගිනි එන නිසා වෙලාවක් අවේලාවක් නැතුව කනවනේ. ඒත් ඉතින් මට එපාම වෙලා තිබුනේ නොනගතය වෙලාවයි. පෙරේතකම තිබුනට ඒ වෙලාවට කන්න දේවල් නැති නිසා සහ කන්න දෙන්නේ නැති නිසා මට අවුරුද්දකට සැරයක් එන අමිහිරිම කාලය තමයි නොනගතය.

අවුරුද්ද ලබනකොට රතිඤ්ඤා පත්තු කරන්නත් ඉවසිල්ලක් නෑ. දවසක් අල්ලපු ගෙදර මිදුලට අහස්කූරක් ගිහින් බැනුම් අහන්නේ නැතිව බේරුනේ අළුත් අවුරුද්ද කටේ තිබුන නිසා වෙන්නත් ඇති. ඔක්කොම කරල ආහාර අනුභවයෙනුත් පස්සේ ඊළඟ නැකතට වැඩ ඇල්ලීම තමයි සිද්ධවුනේ. ඒකත් එක්තරා තරමක එපා වුන කටයුත්තක්. නැකතට වැඩ අල්ලන්න පොතක් අරන් පාඩම් කරන්න කියල 20 පාරක් විතර ගෙදරින් කියනවා. ඒ කාලේ ඉඳන්ම පොත්වල ජීවත් වුන අය නෙමෙයිනේ. කොහොම හරි ෂේප්මන්ට් එක දාගෙන ඉන්නකොට නෑදෑයෝ බලන්න යන්න කාලය එනවා. ඒකත් මගේ හිතේ සතු‍ටුදායක මොහොතක් වෙනවා. මොකද නංගිල මල්ලිල, අයියල, අක්කල එක්ක සෙල්ලම් කරන්න හම්බවෙන එකම වෙලාව ඒක නිසා. අනිත් වෙලාවට එයාලට රටේ නැති වැඩ.

දවස් 2, 3ක් නෑදෑ ගෙවල් වල රවුම් ගහල ගහල ගෙදර ආවහම පාළුව කියන්න බැරි තරම්. ආයෙත් අවුරුද්දකින් නේ ඒවගේ අවස්ථාවක් උදාවෙන්නේ. නිවාඩු කාලේ ඔහොම ගෙවෙනවා, ඊටපස්සේ ඉස්කෝලේ පටන් ගන්න සතියක් විතර තියල තමයි පියවි සිහියට එන්නේ. ගෙදරින් කරගෙන එන්න කිව්ව වැඩ එහෙමත් තියෙනවා. නිවාඩුව ඉවරවෙනව ආයෙත් ඉස්කෝලේ යනකොට හරිම දුකයි. සතියක් විතර ඉස්කෝලේ යනකල් මතක් වෙන්නේම අවුරුද්ද සතුටින් ගත කරපු විදිය.

ඔයාලටත් මේ වගේ අත්දැකීම් ඇති නේද ???

මැරෙන්න පැනීම සහ පැනල මැරීම

මරණය කාටත් පොදු දෙයක්නේ. හැබැයි අපි අතරත් ඉන්නවා නිතරම මරණය මෙනෙහි කරන කෙනෙකුත්. වැඩි වර්ණනා ඕනේ නෑ ඒ තමයි අපේ මරේ. ඉතින් අද මම කියන්න යන්නේ අහම්බෙන් සිද්ධ වුන දෙයක් ගැන. මේ වගේ දේවල් දකින්න අහන්න ලැබුනාම ඉතින් මතක් වෙන්නේම බ්ලොග් එක තමයි. ඒත් හැමදාමත් කියනවා වගේ ඒකට කාලය ටිකක් හොයාගන්න එක අමාරු වෙලා තියෙන්නේ. කොහොම හරි කමක් නෑ අද මම කියන්නම්කෝ විස්තරේ.

මම ඉතින් නිවාඩුවක් ලැබුනාම කොළඹ රවුමක් එහෙම දාන්න කියල එනවනේ. ඉතින් ඔහොම උදේ වරුවේ රස්ති පාරක් දාල වැස්සටත් කලින් ගෙදර යන්න ඕනේ කියල 1 ට විතර ලෑස්තිවුනා. කියන්න බැරිවුනානේ මම වැඩිපුරම කැමති යාළුවොත් එක්ක බම්බා යන්න. ඉතින් කො‍ටුවෙන් 1.55 ට විතර තියෙනවා සීඝ්‍රගාමී දුම්රියක්. ආ..... තව කථාවක් තියෙනවානේ කියන්න ඔයාලට. මට බස් ගමන තිත්ත වුනා පහුගිය දවස්වල කාපු චාටර් නිසා.ඒකයි කෝච්චියේ යන්න කැමති ගොඩක්ම.

වැඩිය සෙනගත් නෑ කොළුකමට මං කවදත් ආසයි කෝච්චියේ පාපුවරුවේ යන්න. ඔන්න ඒකට කවුරුවත් මේ අහිංසකයට බනින්න එපා. ඔහොම එනකොට තියෙනවා යාගොඩ කියල ස්ටේසමක්. ඒක පහුකරන් ටික දුරක් යනකොට මම දැක්කා කවුද මනුස්සයෙක් අපි යන රේල් පාරේ හිටගෙන ඉන්නවා. කෝච්චිය හෝන් එක ගහගෙන ඉස්සරහට ගියත් මිනිහ අයින් වෙන පාටක් නෑ. පස්සේ මම දැක්කා බිම දිගාවෙනවා. එතන ටිකක් ලොකු වංගුවක් තියෙන නිසා ඒ ටික හරි පෙනුනේ. ඉතින් කෝච්චිය තිරිංග පද්ධතිය ක්‍රියත්මක කරල තවත් මීටර් 100 විතර පහුකරන් ගිහින් නැවැත්තුවේ නැතෑ. කට්ටිය දුවල ගියා බලන්න. මාත් ඉතින් ගියා හිතුවෙ නම් මනුස්සයාගේ කෑලි ඇති කියලා.

ගිහින් බලනකොට ඒ මනුස්සයා මුනින් අත දිගාවෙලා හිටියෙ, අඳුමත් ඉරිල තිබුනා. ගොඩක් දුරට එහෙම වෙන්න ඇත්තේ එන්ජිමේ ඉස්සරහ තියෙන කව්ගාඩ් එකේ වැදිලා වෙන්න ඇති. අපි එතනට යනවත් එක්කම ගාඩ් සහ තවත් කෙනෙක් ජංගම ඇඳක් වගේ දෙයක් අරන් ආවා. කට්ටිය එකතුවෙලා තුවාලකාරයාව කෝච්චියට පටව ගත්තා. ඊටපස්සේ ගම්පහ ස්ටේසමෙන් රෝහල වෙත අරන් ගියා.

මාත් ඉතින් ඒ ස්ටේසමෙන් බැහැල ගෙදර යනගමන් කල්පනා කලේ මිනිහගේ වෙලාව හොඳවුනා කියල. නැතිනම් ඉතින් කෑලි ටික තමයි ඉස්පිරිතාලෙට භාරදෙන්න තිබුනේ.

10,000 කඩ ඉම

මුලදි වගේ බ්ලොග් එක නිතරම ලියන්න ඉඩකඩ නොතිබ්බට මොකද ඒකේ ආසාව නම් අඩුවුනේ නෑ. මගේ බ්ලොග් එක සින්ඩි කිහිපයකට හා අනේමන්ද වෙබ් පි‍ටුවට ඇතුලත් වීමත් සමගම ගොඩාක් දෙනෙක් යන්න එන්න පටන් ගත්තා කිව්වොත් නිවැරදියි. ඒ අතරින් අද තමයි සුවිශේෂී දවස. බලපු කට්ටිය 10,000 වෙලා බොලේ. ඉතින් මේ ලිපිය හේතු පාදක කරගත්තේ මගේ බ්ලොග් එකට යන එන කස්ටියට ස්තූති කරන්නයි. හැමෝටම ජයවේවා.

වැස්ස සහ බීම

අද ඔන්න කොල්ල මාතෘකා 2ක් ගැන කියවන්නයි යන්නේ. මේකෙන් එකක් තමයි මේ දවස්වල අපිට දැනෙන කුරුවල් වුන දේශගුණය අනික වාහන අනතුරු කියන එක. ඉතින් වෙනදවගේම ටොපික් එක පටන් අරං වෙන දෙයක් ගැන අවසන් කරයි. ඒත් කමක් නෑ කියල මේ අහිංසකය කියන එකත් අහනු මැනවි.

පායන්න ගත්තාම ඒකත් උපරිමේටම දෙනවා, වහින්න ගත්තාමත් ඒවිදියමයි. මේ දේශගුණයට මොන මංගල්යයක් වෙලාද මන්දා. පෙබරවාරි මාසෙට සෑහෙන්න පායනවා කියල ඉස්සර ඉඳන් මම අහලා තියෙනවා ඒත් මෙහෙම පෑවිල්ලක් ගැන නම් මම අහලා නෑ. ලිං වල වතුර හොඳටම හිඳිලා මිනිස්සු ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්. හැබැයි මේ දේවල්වලට මිනිස්සු වක්‍රාකාරයෙන් හරි වගකියන්න ඕනේ. රටේ තියෙන වනාන්තර විනාශකරල බොහොම අපූරුවට සොබාදහමට කට කැඩෙනකල් බනිනවා. අනේ හැබෑට. ඔන්න අද කරකුට්ටං වෙලා තිබුන පොළොවට ලාවට වැස්සකුත් වැ‍ටුනා. අනේ වාසනාවං. පහුගිය දවස්වල දාඩිය වැක්කෙරි වැක්කෙරි හිටිය හැටි මටක් වෙනකොට පිස්සු හැදිල ආයෙත් හැදෙනවා. දැන් ඔය පිටරටවල ඉඳන් විනෝදයට ආපු පිටරට උදවියන්ටත් අපිට වගේම එපාවෙන්න ඇති මෙහෙ දේශගුණය.

දේශගුණය වගේම තව කියන්න දෙයක් තියෙනව. පහුගිය දවස්වල සිද්ධවුන වාහන අනතුරු ගැන. ජීවිත කීයක් නම් විනාශ වුනාද. අපරාදේ මිනිස් ජීවිත. එකපිට එක ජීවිත නැතිවෙනකොට අඩුම තරමේ අනතුරු වලක්ව ගන්නවත් අදාල නිළධාරීන් කටයුතු කලානම්. ඉස්සරහදිවත් ටිකක් වගකීමෙන් කටයුතු කලානම් තමයි හොඳ. වෙච්ච ගොඩක් අනතුරු වල ප්‍රධාන හේතුව තමයි බීමතින් රිය පැදවීම. එහෙම කියනකොට අපේ මරේ වත් මතක් වෙනවා. මොකද එයාගේ කැමතිම බීම සහ වැඩියෙන්ම බොන බීම කියන තෑගි දෙකම ගන්න ඉන්නේ අරක්කු නිසා. බීමතින් රිය පදවනව කියල නම් අහල නෑ. හැබැයි රජෝ ඒක කරනවන්ං වහාම නතරකරගනිං හොඳේ.

අදට ඇති ආයෙත් වෙලාවක් ලැබුනාම ලිපියක් දාන්නම්.

පුදුමයි ඒත් සරල නෑ...

හදිස්සියෙම වුන දෙයක් උදේ පාන්දරින්ම කියන්න ඕනේ කියල හිතුනා. ඊයේ රෑ වෙනදවගේම මල්කඩලා ඉවරවෙනකොට 12ත් පහුවෙලා. නිදාගන්න කියල ලෑස්තිවෙනකොට කෙටි පණිවුඩයක් ආවා මගේ ක්‍රෙඩිට් ලිමිට් එක පැනල කියල. කොහොම ගණන් හදනවද දන්නේ නෑ. මම හිතන්නේ ඒ ගැන වෙනම දවසක කියන්න සිද්ධවෙයි.

කොහොමහරි අද වැඩට එන ගමන්ම ගෙවාගෙන එන්න පුළුවන් නිසා එච්චරටම අවුලක් වුනේ නෑ. ඉතින් මම උදෙන්ම ප්‍රධාන ශාඛාවට ආවා ගංගාරාමයේ තියෙන. එතන අළුතෙන් ක්‍රමයක් පටන් අරන් පැය 24 ම මුදල් ගෙවන්න පුළුවන් වෙන විදියට. කරන්න තියෙන්නේ ගෙවන්න ඕනේ මුදල එතන තියෙන විශේෂ ලියුම් කවරයක දාල මැෂින් එකට දාන එක. හැබැයි තව පොඩි පොඩි වැඩ කීපයක් තියෙනවා. විස්තර එතන තියෙනවා. නැතිනම් එතන ඉන්න ආරක්ෂක නිලධාරියෙක්ගෙන් ටියුෂන් එකක් ගන්නත් පුළුවන්. ඔන්න ඔයාලට කැමති වෙලාවක බිල් ගෙවන්න කියාපු ක්‍රමය. Mobitel පුදුමයි ඒත් සරල නෑ හොඳේ.

කාලෙකින්....

ආයෙත් වෙලාවක් ලැබුනා බ්ලොග් එකට අතක් දාන්න. ගෙවුන දවස්වල කෙළවරක් නැතිව වැඩ තිබුනත් බ්ලොග් එක අමතක වුනේනෑ. ඒත් කාලය ගැන ප්‍රශ්නයක් තිබුනා නිසා වැඩේ අතෑරල දැම්මා.

අද එනකොට මම දැක්කා මේක කියවන්න තවත් කට්ටිය එක් රොක් වෙලා ඉන්නවා කියලා. ඉතින් මට ඇත්තටම සතුටකුත් ආවා. වෙනදවගේ මගේ යාළුවන්ගේ බ්ලොග් සයිට්‍ටු වලට ඔලුව දාන්න බැරිවුන එකට සමාව ඉල්ලනවා. ඉස්සරහට මට තියෙන නිදහස පොඩ්ඩක් අඩුවෙනවා. ඒත් එහෙම කියල බෑනේ. පුළුවන් පුළුවන් විදියට ලියන්න තමයි හිතාගෙන ඉන්නේ.

ඡන්දයක් කියල එකක් ඉවරවුනා. පට්ට ආතල් ඒකාලේ. දෙපැත්තෙන්ම මඩ නාගන්නවා. ඉල ඇදෙන්න කථාවල් එහෙමත් කියවෙනවා. සමහරුන්ගේ කටවල් බොරුකිව්වට දිවවල් බොරු කියන්නම දෙන්නේ නෑ. ලංකාවේ දේශපාලනය පට්ටම ආතල්. දේශපාලනය කරනවට වඩා මැද ඉඳන් උපේක්ෂාසහගතව බලන් ඉන්න එක තරම් ආතල් එකක් නැතිතරම්. බ්ලොග් වලිනුත් දෙපැත්තට බෙදල මඩ නාගත්ත. හැබැයි දැන්වත් ඔය දෙකට බෙදිල ඇරගන්න එක නවත්තල එක ජාතියක් විදියට හිටියොත් හොඳයි කියල මට හිතෙන්නේ.

ආයෙත් නිවාඩු ලැබුනාම ලියන්න බලන්නම්. කලින් නම් ගොඩක් දේවල් හිතේ තිබුනා ලියන්න ඕනේ කියල දැන් ඒවා මතකත් නෑ. ඒතරමට වැඩ ගොඩ ගැහුනා. පුළුවන් වෙලාවට ඔයාලගේ බ්ලොග්ස් ටික බලන්නම්. බලල කමෙන්ට් එහෙමත් දාන්නම් හොඳේ. එහෙනං හැමෝටම සුබ අනාගතයක්.....

අළුත් අවුරුද්ද

ඔන්න ඉතින් අළුත් අවුරුද්දකුත් ලබල තියෙනවා. දැන් දිනය ලියන්න ගියාම ටැපලෙනවා. ඇත්තටම අද මට එහෙමත් එකක් වුනා. ඊයේ අපේ මරේගේ බ්ලොග් එකෙත් කියල තිබුන නිසා එයාවත් මතක් වුනා එක පාරටම. ඇත්තටම මට මුලින්ම ලියවුනේ 20010 කියල.

උදේ පාරට බැස්ස වෙලාවේ ඉඳන් දකින දකින කෙනා එක්කෝ "සුභ අළුත් අවුරුද්දක් වේවා" නැතිනම් "හැපී නිව් ඉයර්" කියනවා. මමත් ඉතින් එසේම වේවා කියල අදහස එන්න සිංහලෙනුයි කඩ්ඩෙනුයි අදාල විදියට කියල දැම්මා. මට මේ අවුරුදු ගානක ඉඳන් තියෙන ප්‍රශ්නයක් තමයි අළුත් අවුරුදු උදාව කියන්නේ.

දැන් ඔයාල බලයි ඒ මොකද කියලා. අපේ රටේ මිනිස්සුන්ට එකම අවුරුද්දේ අවුරුදු උදාවන් දෙකක් තියෙනවා. දැන් මෙහෙම සුභ පැතුවට අප්‍රේල් මාසෙටත් සුභ අළුත් අවුරුද්දක් වේවා කියල සුභ පතනවා. මට ප්‍රශ්නේ තියෙන්නේ කෝකද සිංහලයට අයිති අවුරුද්ද කියල. බලාගෙන යනකොට අපේ රටේ මිනිස්සු හරි පුදුමයිනේ. ලෝකෙටම අවුරුදු එකයි ඒත් ලංකාවේ දෙකයි.
 
readbud - get paid to read and rate articles


Copyright © 2009 සිංහලෙන් අපි |Designed by Templatemo |Converted to blogger by BloggerThemes.Net