කාලෙකින්....

ආයෙත් වෙලාවක් ලැබුනා බ්ලොග් එකට අතක් දාන්න. ගෙවුන දවස්වල කෙළවරක් නැතිව වැඩ තිබුනත් බ්ලොග් එක අමතක වුනේනෑ. ඒත් කාලය ගැන ප්‍රශ්නයක් තිබුනා නිසා වැඩේ අතෑරල දැම්මා.

අද එනකොට මම දැක්කා මේක කියවන්න තවත් කට්ටිය එක් රොක් වෙලා ඉන්නවා කියලා. ඉතින් මට ඇත්තටම සතුටකුත් ආවා. වෙනදවගේ මගේ යාළුවන්ගේ බ්ලොග් සයිට්‍ටු වලට ඔලුව දාන්න බැරිවුන එකට සමාව ඉල්ලනවා. ඉස්සරහට මට තියෙන නිදහස පොඩ්ඩක් අඩුවෙනවා. ඒත් එහෙම කියල බෑනේ. පුළුවන් පුළුවන් විදියට ලියන්න තමයි හිතාගෙන ඉන්නේ.

ඡන්දයක් කියල එකක් ඉවරවුනා. පට්ට ආතල් ඒකාලේ. දෙපැත්තෙන්ම මඩ නාගන්නවා. ඉල ඇදෙන්න කථාවල් එහෙමත් කියවෙනවා. සමහරුන්ගේ කටවල් බොරුකිව්වට දිවවල් බොරු කියන්නම දෙන්නේ නෑ. ලංකාවේ දේශපාලනය පට්ටම ආතල්. දේශපාලනය කරනවට වඩා මැද ඉඳන් උපේක්ෂාසහගතව බලන් ඉන්න එක තරම් ආතල් එකක් නැතිතරම්. බ්ලොග් වලිනුත් දෙපැත්තට බෙදල මඩ නාගත්ත. හැබැයි දැන්වත් ඔය දෙකට බෙදිල ඇරගන්න එක නවත්තල එක ජාතියක් විදියට හිටියොත් හොඳයි කියල මට හිතෙන්නේ.

ආයෙත් නිවාඩු ලැබුනාම ලියන්න බලන්නම්. කලින් නම් ගොඩක් දේවල් හිතේ තිබුනා ලියන්න ඕනේ කියල දැන් ඒවා මතකත් නෑ. ඒතරමට වැඩ ගොඩ ගැහුනා. පුළුවන් වෙලාවට ඔයාලගේ බ්ලොග්ස් ටික බලන්නම්. බලල කමෙන්ට් එහෙමත් දාන්නම් හොඳේ. එහෙනං හැමෝටම සුබ අනාගතයක්.....

අළුත් අවුරුද්ද

ඔන්න ඉතින් අළුත් අවුරුද්දකුත් ලබල තියෙනවා. දැන් දිනය ලියන්න ගියාම ටැපලෙනවා. ඇත්තටම අද මට එහෙමත් එකක් වුනා. ඊයේ අපේ මරේගේ බ්ලොග් එකෙත් කියල තිබුන නිසා එයාවත් මතක් වුනා එක පාරටම. ඇත්තටම මට මුලින්ම ලියවුනේ 20010 කියල.

උදේ පාරට බැස්ස වෙලාවේ ඉඳන් දකින දකින කෙනා එක්කෝ "සුභ අළුත් අවුරුද්දක් වේවා" නැතිනම් "හැපී නිව් ඉයර්" කියනවා. මමත් ඉතින් එසේම වේවා කියල අදහස එන්න සිංහලෙනුයි කඩ්ඩෙනුයි අදාල විදියට කියල දැම්මා. මට මේ අවුරුදු ගානක ඉඳන් තියෙන ප්‍රශ්නයක් තමයි අළුත් අවුරුදු උදාව කියන්නේ.

දැන් ඔයාල බලයි ඒ මොකද කියලා. අපේ රටේ මිනිස්සුන්ට එකම අවුරුද්දේ අවුරුදු උදාවන් දෙකක් තියෙනවා. දැන් මෙහෙම සුභ පැතුවට අප්‍රේල් මාසෙටත් සුභ අළුත් අවුරුද්දක් වේවා කියල සුභ පතනවා. මට ප්‍රශ්නේ තියෙන්නේ කෝකද සිංහලයට අයිති අවුරුද්ද කියල. බලාගෙන යනකොට අපේ රටේ මිනිස්සු හරි පුදුමයිනේ. ලෝකෙටම අවුරුදු එකයි ඒත් ලංකාවේ දෙකයි.
 
readbud - get paid to read and rate articles


Copyright © 2009 සිංහලෙන් අපි |Designed by Templatemo |Converted to blogger by BloggerThemes.Net