යුනිකෝඩ් නැතිව සිංහල කියවන්න

මේ බ්ලොග් පිටුවට නිතරම එන වුල්වොරීන් නැතිනම් ඩාර්ක් ට පොඩි ප්‍රශ්නයක් තිබුනා. ඒ තමයි එයාලගේ කැම්පස් එකේ සිංහල යුනිකෝඩ් දාල නැතිලු. ඉතින් අනේමන්ද වෙබ් පිටුවේ එයාගේ දුක් ගැනවිල්ල ලියල තිබුනා.

මම ඉතින් පොඩි උත්සාහයක් යොදල බැලුවා මොකද්ද මට කරන්න පුළුවන් කියලා. උත්සහය සාර්ථකයි. මම පෝටබල් විදියට සිංහල යුනිකෝඩ් පරිවර්තනය කලා IExplorer එකත් එක්ක. ඩාර්ක් කියපු විදියට එයාගේ අවශ්‍යතාවය සම්පූර්ණ වුනාලු. ඔයාලත් උත්සාහ කරල බලන්න, සිංහල යුනිකෝඩ් නොමැති විට භාවිතා කල හැකි විදියක්.

මේක INSTALL කරන්න වුවමනා නෑ. කරන්න තියෙන්නේ භාගතකරගෙන EXTRACT කරගන්න. ෆොල්ඩර් එක ඇතුලේ තියෙනවා IEXPLORER.EXE කියල FILE එකක්. ඒක ක්ලික් කරන්න. හැබැයි මේක වින්ඩෝස් 7 නම් දුවන්නේ නෑ.


භාගත කරන්න


http://rapidshare.com/files/314202869/Sinhala_Unicode_Portable_Browser.rar

Trial Softwares දිගටම පාවිච්චි කරන්න

අන්තර්ජාලයේ ඇති බොහොමයක් මෘදුකාංග අතරින් නොමිලේ භාවිත කරහැකි වශයෙන් ගත හැක්කේ ඉතා සීමිත කොටසකි. ඒ අතරින් සමහරක් ටික කලක් භාවිත කර පසුව මිලදී ගත යුතු ආකාරයට පවතී. අද මම කියන්නේ එහෙම දින ගනනක් භාවිතා කලහැකි මෘදුකාංගයක් කොහොමද හැමදාටම භාවිතා කරන්නේ කියලා.

මේක ටිකක් විතර හොර වැඩක්. එහෙම කිව්වට අනුන්ගේ දෙයක් හොරා ගන්නවත් හොර කේත යොදන්නවත් අවශ්‍ය වෙන්නේ නෑ. කොහොමද මේක වැඩ කරන්නේ කියල බලනවනන්...

මේකට අපි භාවිතා කරන්නේ විශේෂ මෘදුකාංගයක්. ඒකට කරන්න පුළුවන් අපේ පරිගණකයේ වේලාව සහ දිනය වෙනස්ව තබාගන්න. පොඩි ඇස්බැඳුමක් වගේ. Trial Software එකක් කාලය වෙනස් වෙන්නේ නැතිනම් ඒක දිගටම පාවිච්චි කරන්න පුළුවන් සංකල්පයයි මෙතනදි තියෙන්නේ. වැඩි කථා ඕනේ නෑ. ඔයාලත් පාවිච්චි කරල බලන්නකෝ.

ක්‍රියාත්මක කරන ආකාරය :

1) කාලය නැවතුම් මෘදුකාංගයට යන්න
2) අවශ්‍ය මෘදුකාංගය තෝරා දෙන්න
3) තමන්ට කැමති දිනයක් වේලාවක් සඳහන් කරන්න. (EXPIRE දිනයට කලින් දිනයක්)
4) අදාල මෘදුකාංගය ක්‍රියාත්මක කරන්න.


භාගත කරන්න

files.getdropbox.com/u/657816/Programs/TS2.zip

උත්තමාචාරය


පසුගියදා බුත්තල, බඩල්කුඹුර ප්‍රදේශයේදී අනතුරට පත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් MI24 හෙලිකොප්ටර් යානයේ සිටි, වන්නි මානුෂික මෙහෙයුමේදී දිවි හිමියෙන් සටන් කල ඒ අභීත රණවිරුවන්ට මෙයින් උත්තමාචාරය.





ඡායාරූපයේ වම්පස සිට පිළිවෙලින්
බලඝණ නායක ඇසල දොඩම්මලුව, පියාසර ලුතිනන් රෙහාන් ප්‍රනාන්දු, කෝප්‍රල් ජයන්ත සිරිසේන, කෝප්‍රල් චන්ද්‍රවංශ බණ්ඩාර රත්නායක.




උපුටා ගැනීම : ශ්‍රී ලංකා ගුවන් හමුදා වෙබ් අඩවිය


වැදි දුක ...

ඌරුවරිගේ කැකුලා රත්නායක වර්ථමාන වැදි නායක වන ඌරුවරිගේ වන්නිලා ඇත්තන්ගේ සමීපතම ඥාතියෙකු වන අතර ඊයේ දහවල් ගාලු පාර දිගේ ගමන් කලේ තමන්ට ඥාති පිරිසගෙන් එල්ලවන හිරිහැර පිළිබඳ ජනාධිපතිතුමාට කරුණු ඉදිරිපත් කිරීමටය. මෙසේ ගමන් කරන්නේ තම සාම්ප්‍රදායක ඇඳුම් ආයිත්තම් සමඟ ජංගම දුරකථනයක්ද අතැතිවයි



ජීවත්වීම සහ ණය

අද ඉතින් සුපුරුදු රාජකාරි වලින් ඈත්වෙලා පුද්ගලික වැඩ වගයක් කරගන්න කියල ගියා අගනුවර පැත්තට. ඔහොම ගිහින් එන අතරෙ මගෙ යාළුවෙක් හම්බුණා. ආගිය විස්තර එහෙමත් කථාකරල කොහෙන් හරි රෝල් වෙලා ආවේ ජනාධිපතිවරණය. කොල්ල ඉතින් පොලිටික්ස් ගැන වැඩි අවධානයක් නැති නිසා සාවධානව අහගෙන හිටිය. වැඩිය තර්ක කරන්න ගියෙත් නෑ මොකද ඔය සම්බන්ධව වැඩි දැනීමක් නැති නිසා.

කොහොමෙන් කොහොමහරි මගේ යාලුවා කිව්ව අමුතු තාලේ කතාවක්. කිව්ව විදියට නම් මේ ලගදි කරපු සමීක්ෂණයක්ලු. ඒකට අරන් තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ සහ ලංකාවේ ජීවත්වෙන විධායක තනතුරු හොබවන පුද්ගලයන් 2 ක්. ඒගොල්ලෝ හොයගත්ත විදියට ලංකාවේ වාසය කරන පුද්ගලයාට රු 50,000 පමණ වැටුපක් ලැබෙන අතර ඕස්ට්‍රේලියාවේ වාසය කරන පුද්ගලයාට ඕ.ඩො 4,500 පමණ වැටුපක් ලැබෙනවා.

දැන්තමයි කථාවේ හොදම හරිය වෙන්නේ. ටිකක් කල්පනා කරල බලන්න මේ අදහස් ටික. සාමන්‍යයෙන් ලංකවේ නිලධාරියාට සුව පහසු වාහනයක් ගන්න අඩුම තරමේ රු ලක්ෂ 40 වත් යනවා. සම්පූර්ණ වැටුප වගේ 80 ගුණයක්. ඒකියන්නේ මාස 80 එක දිගට වැඩ කරන්න ඕනේ. (අනිකුත් වියදම් නොසලක හැර ඇත.)මාස 80 කියන්නේ අවුරුදු 6-7. ගෙයක් හදන්න හිතාගෙන ඉඩමක් එහෙම මිලදී අරන් ගෙයක් හදන්න තවත් ලක්ෂ 40 විතර යනව. ඒ කියන්නේ තවත් අවුරුදු 6-7 විතර වැඩ කරන මුදල් ඒකටම වියදම් වෙනවා. තව විදියකින් කියනවනම් ඇදුමක් ගන්න අපි හිතමු ඩෙනිමක් කියල, ඩෙනිමක් සාමන්‍යයෙන් රු 1000 විතර වෙනවා. එ කියන්නේ ඔහුගේ මාසික වැටුපෙන් ඩෙනිම් 50 විතර ගන්න පුළුවන්.

දැන් බලන්න ඕස්ට්‍රේලියාවේ තත්වය. ඕ.ඩො 2,00,000 ට විතර ජීවත් වෙන්න නිවසක් හොයගන්න පුළුවන්ලු (මට කිව්ව විදියට ) ඒ කියන්නේ අවුරුදු 3-4 විතර උපයන මුදලින්. වාහනයක් ගැන බැලුවොත් අළුත්ම යාරිස් කාර් එකක් ගන්න ඕ.ඩො 17,000 විතර යන්නේ. ඒ කියන්නේ මාස 4 විතර මුදලක් වැයවෙන්නේ. ඩෙනිම් වලින් ගත්තොත් එක් ඩෙනිමක වටිනාකම ඕ.ඩො 50 විතර වෙනවාලු. ඒකියන්නේ මාසෙක වැටුපෙන් ඩෙනිම් 90 ගන්න පුළුවන් කියන එකයි.

ඉස්සේල්ලා කරපු ගණනය කිරීම් වලට එදිනෙදා වියදම් නැතුව ගත්තේ. ඒවත් ගත්තාම මට හිතෙන විදියට මුළු ජීවිත කාලෙම ණය ගෙවන එක තමයි කරන්න වෙන්නේ අපේ රටේ මිනිස්සුන්ට. ගෙවීමේ ක්‍රමයට ගන්නවා කියන්නේ අදාල වටිනාකමට වඩා වැඩි මුදලක් ගෙවන්න වෙන එකයි. ඕස්ට්‍රේලියාවේ ජීවන වියදම වැඩියි කියල කිව්වාට එයාලගේ ආදායමත් එක්ක බලනකොට වියදම අපිට වැඩිය ගොඩක් අඩුයි. පොඩි ඇන්දීමකට පාවිච්චි කරලා තියෙන්නේ රුපියල් පරිවර්ථනය කිරීමයි. කාගෙද වැරැද්ද.

පිටකොටුවේ බෝට්ටු සේවය

අද උදේ හදිසි වැඩ වගයකට කොළඹ (බම්බා) යන්න වුනා. කෝකටත් සූදානම් ශරීරය කියල කුඩයකුත් බෑග් එකට දාගෙනමයි ගියේ. ගිය වැඩ ටික ඉවරවුනේ ටිකක් දවල් වෙලා එ කිව්වේ 2 ට විතර. බස් එකකට ගොඩවෙලා එනකොට මගදි හොදටම වහින්න ගත්තා. බෝගහ ගාවින් බැහැල පයින් යන්න බැරි තරමට වැස්ස. කරන්න දෙයක් නෑ ගෙදර එන්නත් ඕනේ. ගුණසිoහපුර බස් නැවතුමට එන්නත් ඕනේ. ඉතින් පයින්ම ආවා වෙලාවට කුඩයකුත් අරන් ආව නිසා එච්චරම අප්සට් එකක් තිබුනෙත් නෑ.

ටිකක් දුර එනකොටනෙ වැස්සේ බරපතලකම තේරුණේ මුළු පලාතම යටවෙලා එකම වතුර ගොඩයි. අඩි 1 1/2 විතර උසට වතුර. යාගන්න විදියක් තිබුනෙත් නෑ. වැස්ස අඩු කරන්නෙත් නෑ. කොහොම හරි ස්ටෑන්ඩ් එකට යන බස් එකක එල්ලිලා තමයි ගියේ. මගෙ අම්මෝ මුළු පළාතෙම වතුර එතනට එන්නේ. බෝගහ පැත්තෙන්, උසාවි තියෙන පැත්තෙන්, ගෑස්පහ පැත්තෙන්, මිහිදුමාවත පැත්තෙන් එන වතුර ඔක්කොම එන්නේ ගුණසිoහපුර බස් නැවතුම් පොළට. මීට කලිනුත් ඔහොම වෙලා තියෙනවා අත්දැකීමෙන්ම දන්නවා. ඇයි මෙච්චර නගර අලoකරනයට පොර ටෝක් දෙනවා
වැස්ස දවසට වතුර බැහැල යන්න විධිමත් ක්‍රමයක් ක්‍රියාත්මක කරන්නේ නැත්තේ.

එහෙම නැතිනම් පිටකොටුව බෝට්ටු සේවය කියල අලුතෙන් මගී ප්‍රවාහන ක්‍රමයක් තියෙන්න ඕනේ. මේවට අහුවෙන්නේ සාමන්‍ය මිනිස්සු මොකද, ලොකු මිනිස්සු කීයෙන් කීදෙනාද බස් වල ගමන් කරන්නේ. උදේ වරුවක වුනානම් හැමෝම අනාථයි. මේවතමයි පාලකයො හිතන්න ඕනේ කොච්චර කොළඹ නගරය ලස්සන කරන්න හැදුවත් වැඩක් නෑ මූලික දේවල් සම්පූර්ණ නැතිනම්.

වැඩේ හරි...

ඉල්ලo කෑම Part I නිසා සෑහෙන්ඩ බොන්ඩ වෙන ප්‍රශ්න වලට මුහුණ දුන්නා. අන්තිමට තමයි සීන් එක මුල ඉදලම තේරුණේ. හතිලව්වේ මොන තරම් කස්ටක් කෑවද මේ ෂෙයරින් ප්‍රශ්නයක් නිසා. මම කලින් පාවිච්චි කරපු තීම් එකෙ තමයි අවුල වෙල තිබිල තියෙන්නේ. අද දවසම ඒක හොය හොය හිටියේ. පස්සේ මට හිතුනා වෙන තීම් එකක් දාල බලන්න. තීම් හොයන එකත් කජු කනව වගේ ලේසි නෑනේ. ඒකටත් මට ගොඩක් වෙලා ගියා.

කොහොම හරි අමාරුවෙන් තීම් එකක් හොයගත්ත කියමුකො. ඒත් විජට්ටු අළුතින් දාන්න සහ මොඩිෆයි කරන්න වෙනව මතක් වෙනකොට මලම පනිනවා. තීම් එකක් දානකොට ඒටික සේව් කරගන්න පහසුකමක් බ්ලොග්ස්පොට් කස්ටිය සපයල නෑනේ. ඔය වෙලාවට තමයි හොද පද මතක් වෙන්නේ. අනේ අමාරුවෙන් කොල්ල තීම් එක දාගෙන මොඩිෆයි කරල කලින්ට වැඩිය ලස්සනට බ්ලොග් එක හදාගත්ත. මූණුපොතේ ෂෙයරින් එකත් හරි. යන්තම් මම ගොඩක් ගියා නැත්නම් තාමත් ඇදගෙන නානව ෂෙයරින් කරගන්න. තීම් එක ගැන කමෙන්ට්ස් දීපු අයට ස්තූතියි.

ඉල්ලo කෑම Part I

ඉදල ඉදල මමත් කරගන්න වැඩ කියල හිතෙනව වෙලාවකට. එහෙම හිතෙන්නේ ඊයේ මගේ අතින් වුන පොඩි අත්වැරැද්දක් නිසා. මගේ බ්ලොග් එක බලන අයට තේරුනාද දන්නේත් නෑ. කමක් නෑ මම කියන්නම්කො මොකද වුනේ කියලා. මම ඉතින් සාමාන්‍යයෙන් අනිත් බ්ලොග් එහෙමත් කියවනවා. ගොඩක් ඒවා බුක්මාර්ක් කරන් තියගෙන ඉන්නේ. ඉතින් ඔහොම බලනකොට ගොඩක් අයගේ බ්ලොග් වල තියෙනවා මූණුපොතට ෆීඩ් කරන්න පහසුකමක්. මම ඉතින් ගූගල් හදපු කෙනා බුදුවේවා කිය කිය සර්ච් කරන්න ගත්තා. පස්සෙ මූණු පොතෙන් ස්ක්‍රිප්ට් එකකුත් ගත්ත. කරුමෙ කියන්නේ බැකප් ගන්න තරම් ගණදෙවි නුවනක් පහලවුනේ නෑනෙ හැබෑට.

කොහොම හරි මට ඕනවුනේ එක් එක් මාතෘකා ලගින්ම එම ලින්ක් එක දාගන්න. එක තැනකදි මට තේරුනා වැඩිපුර කොඩ් කෑල්ලක් මගෙ අතින් මැකුන කියල. කෙලිය නේද තාප්පෙට දැන් මොකද කරන්නේ කියල කල්පනා කලා. කොහේ හරි තියෙන පිනකට තිබුන විජෙට්ටු කීපයක් සේව් කරගත්තා. කොහොමෙන් කොහොම හරි ආයෙත් තීම් එක අලුතෙන් දාන්න වුනා. අනේ කවුරු හරි පිනට ලැදි කෙනෙක් ඉන්නවනම් කියනවද කොහොමද කොතනටද කෝඩ් එක දාන්න ඕනේ කියල.

කථාවෙන් ගතයුතු පාඩම: හැමවිටම බැකප් ගන්න පුරුදු වෙන්න

ඩයලොග් " Buddy Finder "

අද උදේ ගුවන්විදුලියේ එක්තරා නාලිකාවක ගිය ප්රචාරක දැන්වීමක් අහන්න ලැබුනා. ඒකේ කියන විදියට එම ජOගම දුරකථන ජාලයට සම්බන්ධ ඕනෑම කෙනෙක්ගේ වර්ථමාන පිහිටීම (Current Location ) දැනගැනීමට පුළුවන්. කොහොමද එහෙම වෙන්නේ. සාමාන්යයෙන් සෑම ජOගම දුරකථන සේවාදායකයෙකුම තමන්ගේ සේවාලාභීන්ගේ පිහිටීම පිළිබද විස්තරයක් තියාගන්නවා. ඒත් මෙච්චර කාලෙකට එම දත්ත සාමාන්ය ජනයාට දැනගැනීමට අවස්ථාව සැලසුවේ නෑ. කුමන හේතුවක් නිසා එම පහසුකම ලබාදීමට එම දුරකථන ආයතනය පියවර ගත්තාද කවුරුත් දන්නේ නෑ. දැනට අපරාධ පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් එම පහසුකම වඩාත් උපයෝගී වෙනවා. ඕනෑම අපරාධකාරයෙක්ව ඔහුගේ ජOගම දුරකථනය ක්රියාකරීනම්, සිටින තැන සොයාගැනීමට මීට වඩා සOකීර්ණ තාක්ෂණයක් යොදා ගන්නවා.

දැන් අපි බලමු කොහොමද මෙම සේවය ලබගන්නේ කියා.....

සේවාව ලබාගැනීමට REG යනුවෙන් ටයිප් කර 779 අoකයට කෙටි පණිවුඩයක් යවන්න. එවිට අදාල තොරතුරු සමග ඔබට කෙටි පණිවුඩයක් ලැබෙනු ඇත. එවිට අදාල තොරතුරු සමග ඔබට කෙටි පණිවුඩයක් ලැබෙනු ඇත. තමන්ට අවශ්ය පුද්ගලයාගේ පිහිටීම ලබගැනීමට ප්රථමව තමන්ගේ බඩී ලිස්ට් එකට එම පුද්ගලයාව ඇතුලත් කර තිබිය යුතුය. එසේ ඇතුලත් කර ගැනීමට ADD [දුරකථන අOකය] [පුද්ගල නාමය] සදහන් 779 ට කෙටි පණිවුඩයක් යවන්න කර (වරහන් අවශ්ය නැති බව සලකන්න). අදාල පුද්ගලයාට එය පිළිබදව දන්වා යවයි. කැමති නම් තමන්ගේ පිහිටීම රහස්ය ලෙස තවදුරටත් තබාගත හැක.

තමන්ගේ බඩි ලිස්ට් එකේ සිටින කෙනෙකුගේ පිහිටීම බලාගැනීමට TRACK [අදාල අOකය] සටහන් කර 779 ට කෙටි පණිවුඩයක් යවන්න. කෙසේ හෝ තමන්ව කිසියම් කෙනෙකු නිරීක්ෂණය කරන බව අදාල පුද්ගලයාට දැනුම් දෙයි. ඔහුගේ අනු දැනුමක් නොමැතිව වෙනත් කෙනෙකුට පිහිටීම ලබගත නොහැක.

ඔබටත් ඩයලොග් දුරකථනය්ක් තිබේනම් අදම අත්හදා බලන්න.

ජනාධිපතිද ? හමුදාපතිද ?

මුලින්ම කියන්න ඕනේ මම දේශපාලනය ගැන සදහන් කිරීමට කැමති නැති කෙනෙක්. නමුත් රටේ අභ්‍යන්තර අරගලයක් ඇති කිරීමට සහ ජනතාව කුලප්පු කිරීමට විරුද්ධව මේ විදියට හඩ නගන්න මටත් ශ්‍රීලාOකිකයකු වශයෙන් අයිතිය ඇති බව කාටත් වැටහෙනවා ඇති. රටේ එක්තරා විදියක පිළිලයක් විදියට තිබුන යුද්ධය අවසන් කිරීම ගැන පහුගිය මාස කීපයම කතාබහට ලක්වුනා.

ඒත් දැන් ඒක කාගෙ කාගෙත් හිත්වලින් අයින් වේගෙන යන වෙලාවේ කොටින්ම තුවාල වුන හමුදාවල සහෝදර සහෝදරියන්ව, මියගිය හමුදාවල සහෝදර සහෝදරියන්ව මේ දවස්වල කාගෙ කාගෙත් හිත්වලින් ඈත් වෙලා ගිහින්. අන්තිම මොහොතේ හරි ආයෙත් යුද්ධයක් ගැන කතාවට ලක්වෙන්නේ ලග එන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් දෙදෙනාම යුද්ධයට කෙලින්ම කැප කිරීම් කරපු නිසා.

හිටපු යුධහමුදාපතිද ජනාධිපතිද කියල හැමෝගෙම කතාව මේ දවස්වල. මේ දෙදෙනාම ලොකු කැපකිරීම් කරපු දෙන්නේක් විදියට මොලයක් තියෙන ඕනෑම කෙනෙක්ට තේරෙනවා. දෙන්නාගෙ රාජකාරි දෙකක් වුනාට අන්තිමට ලැබුවේ එකම ජයග්‍රහනයක්.

හමුදාපතිවරයෙකු වශයෙන් හමුදාව නිසි ලෙස පාලනය කිරීමට ඔහුට හැකිවුනා. ඒවගේම ලෝකයේ බලවත් රටවල් අපේ රටට විරුද්ධව විවිධ කුමන්ත්‍රන කරන කොට ඒවට නොසැලී සිටිය ජනාධිපතිතුමා ඉටුකරපු රාජකාරියත් සුළුපටු නෑ. හමුදාවල් 3කට අණදෙමින් අවශ්‍යවන විදියට උපදෙස් දෙමින් එතුමාකල සේවය විශිෂ්ඨ ලෙස මා නම් දකිනවා.

මා සිතන විදියට වෙන රටක ඉත්තෙක් නොවී ස්ව්‍යරී රාජ්‍යයක් නිර්මාණය කිරීමට දායක වුන නොසැලුන නායකත්වය පිලිබද ජනතාව විශ්වාසය තබයි කියා. රටකට සේවයක් කල විශිෂ්ඨ නිළධාරියෙක් ඉදිරියට යවා තමුන්ගේ යටි අරමුණු මුදුන්පමුනවා ගන්න අවස්ථාවාදී පිරිසක් උත්සාහ ගන්න බවට නිතරම අහන්න දකින්න ලැබෙනවා. තමන්ව මින් පෙර යුද්ධාධිකරණයට ඉදිරිපත් කරන්න ගිය පිරිස්ම දැන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට යෑම මොන තරම් නින්දා සහගත ක්‍රියාවක්ද.

අන්තර්ජාලයේ ජoජාල.....

ඊයේ රෑ අන්තර්ජාලයේ ප්‍රශ්න වගක් ඇතිවුනා. මම පාවිච්චි කරන්නේ රවුටර් එකක්. එකේ තිබුන විදියට සම්බන්ධතාවය තිබුනා. අයිපී ඇඩ්‍රස් එකක් මගේ රවුටර් එකට ලැබී තිබුනා. ඒත් ප්‍රශ්නය තිබුනේ වෙබ් පිටුවලට යන්නේ නැති එක. ඉතින් මට හිතුන ආයෙත් මොකෙක් හරි එකෙක් ෆයිබර් ලයින් එකට ඇරලද කියලත්. ඒ වෙලාවෙ මම ලොකු වැඩක හිටියෙ. කෝල් කරල බලන්නත් හිතුනා. පස්සේ කල්පන කලා කෝල් සෙන්ටර් එකේ අයට කතා කරනවට වැඩිය හොදයි නිකම් ඉන්න එක කියල. දවසක් කෝල් සෙන්ටර් කතා කරල මට මරු වැඩක් වුනා.

මම ඉන්ටර්නෙට් ගත්ත මුල් දවස් වල වැඩි තේරුමක් නෑ. පොඩි ප්‍රශ්නයක් වෙලා මම කතාකලා එස්.එල්.ටී එකේ කෝල් සෙන්ටර් එකට. අනේ අපරාදෙ කියන්න බැ එහා පැත්තෙන් කතාකලේ ගැහැනු කෙනෙක්. මම ඉතින් තියෙන ප්‍රශ්නෙ කිව්වා එය මගෙන් අදාල නැති ප්‍රශ්න ඇහුවා. රවුටර් එකේ සෙටින්ග්ස් හරිද කියල මගෙන් ඇහුවෙ. දෙයියනේ මෙච්චර දවසක් මම පාවිච්චි කලේ අහවල් එකද එතකොට.

කොහොම හරි ටික වෙලාවකට පස්සේ ගෙදරට කෝල් එකක් ආවා ටෙලිකොම් එකෙන් මට කිව්වා වැඩේ හරි කියලා. මම ඉතින් ඇහුවා මොකක්ද වෙලාතිබුනේ කියල. එතකොට මට කිව්වේ එයාලගෙ දෝෂයක් තිබුනේ කියල. මම ඉතින් කල්පන කලේ අර කෝල් සෙන්ටෙර් එකේ අය එතන ඉදන් අOජනම් බලන්න කලින් තමන්ගේ ආයතනයේ දෝෂ මොනව හරි තියෙනවනන් ඒව දැනගත්තොත් හොදයි නේද කියලා. ඊයේ වෙල තියෙන්න ඇත්තෙත් ඒවගේ මොකක් හරි වෙන්න ඇති. උදේ නැගිටල බලනකොට එළටම වැඩ ආයෙත්.

දුක්ගැනවිල්ල ......

පැය ගානක ඉදල අහස කළු කරගෙන. හරියට මීට කලින් මෙහෙම වැහැලම නෑ වගේ. හුලන් පාර ගස් පොලොවට වට්ටන්න වගේ. මිනිස්සු වැඩ ඇරිල ගෙදර එනව කඩිමුඩියේ. ඊයෙ වගේ අදත් තෙමෙන්න වෙයිද කියල වෙන්න ඇති. වැහිලිහිණියො අහසෙ සOදර්ශන දාන්නේ වැස්සක පෙර නිමිති කියන්න වෙන්න ඇති. හැමෝම වැස්ස මග අරින්න යනවා. ඒත් ඇයි මම විතරක් වැස්ස එනකන් බලාගෙන ඉන්නේ. අනිත් අයට වැස්ස එපා මට විතරක් ඔනේ වෙලාවත්ද. ඇත්තටම ඔව් මට ජීවත් වෙන්න වැස්ස ඕනේ. මගෙ දරුවන්ට ජීවත් වෙන්න වැස්ස ඕනේ. ඒත් ඒ වැස්සට පුළුවන් මගෙ ජීවිතේ නැතිම කරන්නත්. අනේ වැස්සට කමක් නෑ මගේ කුඹුරට හානි කරන්න නම් එපා. - අහිOසක ගොවියෙකුගේ දුක් අදෝනාවක්

විභාගේ තමයි අපේ අභාගේ.....

මේ දවස් වල ගෙදර ඉදල ඉදල එපාම වෙලා. විභාග ලියන එක තිත්තම වෙලා. ශිෂ්‍යත්ව විභාගයෙන් පටන් ගත්ත පාර මේ මලඉලව් විභාග තාමත් ලියනව. මට විතරක් නෙමෙයි හැබැයි හැමෝටම තියෙන ප්‍රශ්නයක්. වෙලවකට හිතෙනව ජොබ් කට්ටක් හොයාගෙන පරස්ථාවකුත් කරගෙන ආතල් එකේ ඉන්න ඕනෙ කියල. ඒත් පරස්ථාවක් කලාම තියෙන කට්ට මතක් වෙනකොට මෙහෙම ඉන්න එක හොදයි කියලත් හිතෙනව. සමහරු ඉන්න බැරි මෝල් අමාරුවට ඉක්මනට බැන්දට මොකද අපිට හොරාට කියන්නේ "මචන් උඹල නම් මම වගේ අමරුවෙ වැටෙන්න එපා" කියලා. ඒකත් කියන්නේ වටේ පිටේ කවුරු හරි ඉන්නවද කියල බලලා. අපි හිනා නොවුනට වෙන කෙනෙක් නම් හොද බයිටක් දෙනව ඔහොම කිව්වොතින්. ඔහොම කියනකොට තව ආත්මෙකට බදින්න හිතෙන්නේ නැති තරම්.


තව දෙයක් කියන්නත් තියෙනවා. මම කලින් දාපු බුදුදහමට නිගාව කියන ලිපිය දැකපු කිහිප දෙනෙක් ට පිළිතුරු විදියට එම ලිපිට පළ කලේ ආගම්වාදය ඇතිකරන්නට නොව අන්‍යාගම් වලට ගරුකරන්න සමාජය දැනුවත් කිරීමට බව කරුණාවෙන් සළකන්න.

බුදුදහමට නිගාව

මීට ටික වේලාවකට කලින් මගේ මූණුපොතේ මිතුරන් කිහිප දෙනෙක් ලින්ක්ස් වගයක් එවල තියෙනව දැක්කා. වෙලාවට මම ලොකු වැඩක හිටියේ. ඉතින් මගෙ වැඩටික ඉවරවෙලා හිමීට බැලුවා මොනවඩ තියෙන්නේ කියලා. අපෙ අප්පොච්චියේ මූණුපොතේ ඉන්න සුදු හම තියෙන නොසන්ඩාලයෙක් බුදු හාමුදුරුවන්ගේ රූපයකට සුනඛයෙක්ගේ මුහුනක් එකතු කරලා Group එකක් හදල. මට ඒක දැකපු වෙලාවේ ඉදලා හදපු එකාගේ ගෙදර උදවිය මතක් වුනා.අපරාදෙ කියන්න බෑ ගොඩක් සිOහල බෞද්ධ උදවිය ඒකට විරුද්ධව කතාකරල තියෙනවා. ඉතින් ඒ Group එක ගැන මම මූණුපොතේ බලධාරීන්ට දැන්වීමක් ඉදිරිපත් කලා. සමහර විට මේක ආගම් වලට හරවගන්න කල්ලියකගෙ වැඩක් වෙන්නත් පුළුවන්. මීට ටික දවසකට කලින් කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ පැවැත්වුණු ලෙඩ සුවකිරීමේ දේව මෙහෙයක් ගැන මාධ්‍යවල වාර්ථාවෙලා තිබුණා. දිගින්දිගටම බෞද්ධ පිරිස් එයට විරෝධය පළකරද්දි කරපු වැඩ පිලිවෙලක්ද කියන්නත් බැරි නෑ. අපෙත් ඉන්න සමහර නමට විතරක් බෞද්ධ පිරිස් අයාලේ යන හරක් වගේ මේවගේ ලෙඩ සුවකරගන්න කියල නිවන්මගටම ගිය හැටි නිතරම අහන්න ලැබුණා. ඇත්තටම මෙහෙමත් මෝඩ මිනිස්සු අපේ සමාජයෙත් ඉන්නවානේ.

පඩියට වැඩද ? වැඩට පඩියද?

ඔන්න හෙට අඛණ්ඩ වැඩ වර්ජනයක් කියලා ප්‍රවෘත්ති වල කියනව මම අහගෙන. එකක් නෙමෙයි ආයතන කිහිපයක්. පඩි වැඩි කරන්න කියලලු ඉල්ලන්නේ. එහෙම කිව්වට ආණ්ඩුවට පක්ෂ මාධ්‍යවල සදහන් වෙන්නේ හෙට වැඩ වර්ජනය අත්හිටවල කියලයි. කොහොම වුනත් ඊයේ පෙරේදා දවස් වල ඉන්ධන පිරවුම්හල් වල ලොකු තදබදයක් තිබුනා. මිනිස්සු වෙන්නේ මොනවද කියල දන්නේ නැතුව කුලප්පු වෙලා. එක අතකින් එහෙම වෙන එකත් සාධාරණයි. බැරි වෙලාහරි ඩීසල් හරි පෙට්‍රල් හරි නැතුව ගියොත් කාට කියන්නද. මොකක් හරි ප්‍රශ්නෙකදි අහක ඉන්න මිනිස්සුන්ව අල්ලගෙන මඩවල ටමඉ තමන්ගේ ඉල්ලීම් දිනාගන්න හදන්නේ. මීට වැඩිය හොද විඩියවල් පෙනෙන්නේ නැතුවද මෙහෙම කරන්නේ. මේ මිනිස්සු මෙහෙම පඩි වැඩිවීම් ඉල්ලනේ තමන්ගේ රාජකාරිය හරියට කරන නිසාද. කීයෙන් කීදෙනාද එහෙම කරන්නේ. අන්තිමට කියන්න වෙන්නේ කවුරු ස්ට්‍රයික් කලත් අහුවෙන්නේ අහින්සක මිනිස්සු විතරයි.

තීම් එකක්

දැනට ඕන කරන දේවල් ටික හරි වගේ. තීම් එකක් තමයි හරියට මීටර් එකට වැටුනෙ නැත්තේ. හොද එකක් හොයාගෙන දාන්න ඕනේ ෂේප් එකේ.

මූලාරම්භය

මටත් හිතුනා සින්හලෙන් වෙබ් පිටුවක් පටන් ගන්න ඕනේ කියලා. ඒත් ඉතින් මොනව කියල ලියන්නද මන්දා. අනුන්ගේ ඕපාදූප නම් මේකේ ලියලා වැඩේ චාටර් කරගන්නත් හොද නෑ. මට හිතෙන හිතෙන දේවල් විතරක් ලියන්නම්. හැබැයි නිවාඩු තියෙන වෙලාවට විතරයි ඔන්න. මතක ඇතුව ප්‍රතිචාර එහෙමත් ලියන්න හොදද.
 
readbud - get paid to read and rate articles


Copyright © 2009 සිංහලෙන් අපි |Designed by Templatemo |Converted to blogger by BloggerThemes.Net